facebook page

Powered by Blogger.

Blogger templates

පින්තූරය මත  click කිරීමෙන් එම වීඩියෝව නැරබිය හැකිය 

01. දැන් ලහිරු පෙරේරා නැද්ද?

ඉන්නවා...

02. එහෙනම් කවුද මේ ලා සිඤ්ඤෝ?

ලා සිඤ්ඤෝ කියන්නේ සිංදු කියන කෙනා, Stage නඟින කෙනා. ලහිරු පෙරේරා කියන්නේ ගුරුවරයා, තාත්තා, සංගීත අධ්‍යක්‍ෂවරයා, සැමියා, පුතා. Stage එකට ගිහින් තියෙන්නේ ලා සිඤ්ඤෝ.

03. හරි එතකොට මේ දෙන්නගෙන් වැඩිම වටිනාකම තියෙන්නේ කාටද?

සාමාන්‍යයෙන් ලහිරු පෙරේරාගේ වටිනාකමත් කියලා ගන්න බෑ. ලාසිඤ්‍ෙඤාට වටිනාකමක් කියන්න පුළුවන්. ලහිරුට වටිනාකමක් දෙන්න අවශ්‍යත් නෑ. ඉදිරියේදී එයාට වටිනාකමක් ලැබෙයි. ලාසිඤ්‍ෙඤා එහෙම් පිටින්ම Commercial Product එකක්. හම්බකරගන්න බලන් කරපු වැඩක්. ඒ නිසා තමයි ලාසිඤ්‍ෙඤාට වැඩි වටිනාකමක් තියෙන්නේ.

04. ඒ කියන්නේ ලාසිඤ්‍ෙඤාට ඕනෑම වෙලාවක විකිණෙන්න සූදානම්.


ඔව්. විකිණෙන්නට තමයි මේක කළේ. ලාසිංඤ්ඤෝ ඇවිත් තවම මාස 08යි. ලහිරු පෙරේරා ඇවිත් අවුරුදු 05යි. මනබැන්දූ ආවේ ඊටත් කලින් වුණාට, රම්බරි එක්ක අවුරුදු 05යි. මම දැනට Seasons 10ක් විතර පහුකළානේ. සාමාන්‍යයෙන් Artist කෙනෙක්ට සල්ලි හම්බ කරන්න තියෙන Seasons එක තමයි අප්‍රේල් - දෙසැම්බර් කියන්නේ. මම ලාසිඤ්ඤෝ වුණාට පස්සේ තමයි ඇත්තටම මට ඒ Seasons එක ලැබුණේ. නැතිනම් ඊට කලින් එහෙම එකක් මට තිබුණේ නෑ. අපි කන්න බොන්න ඕනෑ, කාර් එකේ Lease එක ගෙවන්න ඕනෑ, හම්බකරන්න වෙනවා. ඒ නිසා ඇත්තටම මුදල් ඉපයීමේ පරමාර්ථය තමයි මෙතැන තියෙන්නේ.

05. ඔය කියන විකුණන්න පුළුවන් කලාවක් ලංකාවේ තියෙනවද?


ඒක සාපේක්ෂයි, වෙන Industryවල, වෙන රටවල් එක්ක ගත්තම ෂාරුක්ට පුළුවන් වෙලා තියෙනවා කෙළින්ම IPL Team එකකට Sponsor කරන්න. ලංකාවේ රොෂාන් රණවකට බෑනේ. ඒක කරන්න. අන්න ඒ මට්ටමේ අපි නෑ. ඒක තමයි ඇත්ත. ජපානය, කොරියාව වගේ රටවල් ගත්තම Film හෝ Music ගොඩාක් උඩින් තියෙන්නේ. එයාලගේ එක Song එකක් Hit වුණාම එතැනින් එහාට එයාලට අවශ්‍ය අපේ සින්දුව අනෙක් රටවල අයත් අහන්න ඕනෑ කියන එක නෙවෙයි. ඉන්දියාවේ නළුවෙක්ට තියෙන එකම පරමාර්ථය තමයි බොලිවුඩ් යෑම. අපේ කෙනෙක් ක්‍ෂේත්‍රයට ඇතුළු වුණා කියලා වෙන රටවල අය හොයන තරම් හම්බ කරන්න බෑ. හැබැයි වැදගත් විදියට වැඩේ කළොත් කාලා, බීලා, ඇඳලා ඉන්න පුළුවන් එච්චරයි. සාමාන්‍ය Job එකක්, ඉතාම සාමාන්‍ය ඉතින් ඒක තමයි මේ කරන්නේ.

06.ලංකාවේ සුපිරිම ගායකයා ගායිකාව කවුද?

ලංකාවේ ගායකයන්ව මම මනින්නේ නැහැ. ඇත්තටම මැනලා වැඩක් නැහැ. එක එක පැතිවලින් සුපිරි මට්ටමේ අය ඉන්නවා. ගායන හැකියාවෙන්, දැනට ඇත්තටම ඉන්න හොඳම ගායකයා තමයි සනුක වික්‍රමසිංහ. සංගීත් වික්‍රමසිංහ අයියගේ පුතා. එයාගේ Singingවලට ළං කරන්නටත් ලංකාවේ ගායකයෙක් නෑ. ඉදිරියේදී ඉන්දියාවෙත් නැතිවෙයි. දැනට එයා එයාගෙ මට්ටමට මේ කරන නිර්මාණ ඇත්තටම මට එහෙම හිතෙනවා. තවම ඔයාලා එයාව දන්නේ නෑ. ඉදිරියේදී හමුවෙයි. එයාගේ Singing ගත්තම ඉතාම ඉහළ තැනක තියෙනවා.ගායිකාව ගත්තම උමාරා, උමාරා, දේවාශ්‍රී නටාෂා රත්නායක. එයාලා තමයි ඉහළින්ම ඉන්නේ.

07. නන්දා මාලිනී කියන්නේ සුපිරි මට්ටමේ ගායිකාවක් නෙවෙයිද?


නෑ නෑ මම කියන්නේ, Singing අතින් ඇත්තටම නන්දා මාලිනී, අමරදේව කියන්නේ එයාලා කරපු දේ අපිට මිල කරන්න බෑ. මම කියන්නේ ගායන හැකියාව පැත්තෙන්. සනුකලා, උමාරා, උමාරයාට මං ගැන වුණත් හිතද්දී, මම මේකේ රැඳිලා ඉන්න එක එයාලට මැජික් එකක්. Singing පැත්තෙන් ගත්තොත් ඇත්තටම උමාරියාට නන්දා මාලිනීට වඩා Sing කරන්න පුළුවන්. අමරදේවට වඩා ගොඩාක් හොඳට සනුකට Sing කරන්න පුළුවන්. අමරදේව විතරක් නෙවෙයි මම හරිම කැමැති අමරසිරි පීරිස්, අපේ පරම්පරාවේ කසුන් කල්හාර මේ හැමෝටම වඩා හොඳට සනූකට Sing කරන්න පුළුවන්. ඒක ආයේ කතා දෙකක් නැහැ.

08. ලංකාවේ Stage එකට නඟින්නවත් සුදුසු නැති ගායක / ගායිකාවො ඉන්නවද කියලා කෙළින් උත්තරයක් දෙන්න හැකිද?

අනිවාර්යයෙන් ඉන්නවා. අර ගෙම්බා සින්දුව කියපු ගායකයා, එයා Stage එකටට නඟින්නවත් සුදුසු නෑ. ගායිකාවොත් ඉන්නවා, ඇත්තටම කාවෝ. මේ වෙලාවේ මට මතකෙට එන්නේ නෑ. තමන්ගේ සින්දුව පිච් එකට කියන්න පුළුවන් කියන්නේ සින්දු කියන්න පුළුවන් කියන එක, පිච් එකට ගයන්න බෑ කියන්නේ ගායකයෙක් නෙවෙයි. ඕක නිසා තමයි මම එයලා Stage නඟින්නවත් සුදුසු නෑ කියන්නේ.

09. ලහිරු පෙරේරාගේ සින්දු මනුරංග වැඩිපුරම ලියන්නේ ඇයි?

මනුරංග ලියපුවා අද ඊයෙක ලියපු ඒවා නෙවෙයි. ඒවා ලියලා තිබ්බ ඒවා. විශේෂ හේතුවක් නැහැ. අපි යාළුවෝ තව බර ගාණක් තියෙනවා. ආපු නැති ඒවත්. මාත් එක්ක වැඩ කරපු, මට ලේසිම කෙනා තමයි මනුරංග. විශේෂයෙන්ම මනුරංගට තේරෙනවා මගේ ආර. මනුරංග එක්ක මං වැඩ කරන්නේ ඇත්තටම ලේසි නිසා. වෘත්තීය බැඳීමකට වඩා අපි අතර තියෙන්නේ යාළුකමක්. ඒක මට ලේසියි.

10. ගායකයෙක් විදියට ලහිරු පෙරේරාගේ සාර්ථකත්වය.

60%ක්.

11. 40%ක් ඔබ අසමත්ද?

නෑ. ලංකාව ඇතුළේ ඒ සීයට ගාණත් ගන්න නම් මට ලොකු සන්දර්ශනයක් කරන්න වෙනවා. එතැනින් එහා තියෙන්නේ ජාත්‍යන්තර තලය. ජාත්‍යන්තර තලයට ගිය එක ගායකයෙක්වත් ලංකාව තුළ නැහැ. ගොඩාක් අය Try කරනවා තාම. එය ඉතාම හොඳයි. තවම අපිට එහි වටිනාකම තේරිලා නැහැ. මොකද තවම ලංකාවේ සේරම මිනිස්සු අපේ සින්දු අහලා නැහැ. සින්දු කීපයක් කළා, Music video 4ක් කළා. රම්බරීට කලින්, මනබැන්දූ විතරක් තරමක් දුරටත් මිනිස්සු අතරට ගියේ. එතකොට, එක්තරා මට්ටමකට ආවම තමයි තේරෙන්නේ ලංකාව තුළ දෙයක් කිරීමේ තියෙන ඉඩ මදි. භාතිය, සන්තුෂ්, ඉරාජ් ලෝකයත් එක්ක සබඳතා පවත්වන්න උත්සාහ කරනවා. සමහර තැන්වලදී සාර්ථක වුණා. සමහර තැනදී අසාර්ථකයි. තවම එක සීමාවකින් එහාට පැනලා නෑ. හුසේන් ජෙෆ්රි කියන්නේ යානිගේ බේස් ගහපු පුද්ගලයා එයාට Award එකක් ලැබුණා. අන්න ඒ මට්ටමට යෑම තමයි ජාත්‍යන්තර මට්ටම කියන්නේ. ඒ මට්ටමට තවම ලංකාවේ කෙනෙක්ට යන්න බැරි වුණා. ඒක තමයි වෙන්න ඕනෑ. ඉතින් කවදාහරි මගේ සිහිනය ඒක.

12.Music Video එකක් කරන්නේ, ඒකෙන් ගොඩ යන්න බලාගෙනද? නැත්නම් Singing වල Upset තැන් ටික Video එකෙන් වහන්නද?

Music Video එකෙන්ම ගොඩ යන්න බැහැ.Music Video එකෙන් විතරක් ගොඩ ගිය සින්දු නැහැ. අනිවාර්යයෙන්ම Singing හොඳ මට්ටමක තියෙන්නම ඕනෑ. සුනිල් මාලේවන ලක්‍ෂ 20ක් විතර වියදම් කරලාMusic Video එකක් කළා. වයිඩ් අෑන්ගල් කරපු හරිම ලස්සන වීඩියෝවක්. ඒත් කෝ සින්දුව ජනප්‍රිය වුණාද? වීඩියෝව කරන සින්දුව මොකක්ද කියන එකත් හරියට තීරණය කරන්න ඕනෑ. මම නම් කොහොමත් අවදානම් ගන්නවා. ලාසිඤ්‍ෙඤාට මාරුවීමත් එවන් අවදානමක්. අවදානමත් අරගෙන ගීත දැම්මට කමක් නැහැ. මොකක්ද කරන්නේ කියලා තේරුම් ගත යුතුයි.Music Video කරන්න සුදුසු නැති ගීතවලට Video කරනවා අන්තිමට සින්දුවත් නෑ, Video එකත් නැහැ. Video එකක් කියන්නේ සින්දුවට ලැබෙන Support එකක් විතරයි.

13. ලහිරු පෙරේරා ගැන ස්වයං නිර්වචනයක් දෙන්න.

මට හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, අත්තා කෙනෙක්, හොඳ බිරියක්, හොඳ පුතෙක් ඉන්නවා ජීවිතේ. පුතාට තාම අවුරුද්දයි. මිනිහත් හොඳයි. ඉතින් ජීවිතේ සුන්දරයි. සරලයි. මම හිතන්නේ මම පෙර ගොඩක් පින් කරලා තියෙනවා.

14. හරි ඇයි එහෙනම් ඔච්චර සරල මනුස්සයගේ wedding එකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂවයි ගෙන්වලා අස්සන් කරගත්තේ?

මගේ wife ගේ තාත්තා බොහොම හිතවත් රාජපක්‍ෂ පවුලත් සමඟ. ඉතින් ඒ අවශ්‍යතාව මත තීරණය වෙනස් වුණා. නැතිව ඇත්තටම ඒක මම plan කරලා කළේ නැහැ. අම්මගෙන් මම ඇහුවා කමක් නැද්ද කියලා. අම්මා කිසිම අකැමැත්තක් දැක්වුවෙත් නැහැ. එතුමා ආපු එකෙන් මට ගොඩාක් වාසිදායක දේවල් වුණා. මාත් එක්ක වැඩ කරන්න කලින් මාව Google කරලා හොයන අයට මගේ wedding Photo එනවා. ඒවගේ ජනාධිපතිතුමාව දකින අය මාත් එක්ක වැඩ කරන්න එන්නේ බය නැතිව. එය මට උදව් වුණ අවස්ථා ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට අපේ පෞද්ගලික ආසාවල් හැමවෙලේම කරන්න බෑ කියලා ඔප්පු වෙනවා. අනෙක මම දේශපාලන බැඳීම් ඇති කරගෙන නෑ. අපි UNP අපි කිව්වේ අපේ ගෙවල්වල අය. මම නෙවෙයි, මට Party එකක් නැහැ.

15. කේන්දර බලන්න යනවද?


ම්ම්ම් ... එහෙමම නෑ...

16.ඇයි මනුරංගත් එක්ක රත්නපුරේ අනාවැකි පළකරන්නෙක් හොයාගෙන ගියේ...?

ආ... මම හිතුවා එන්නේ ඔතැනට කියාල. රත්නපුරේ ඉන්නවා සෙනෙවිරත්න නාරායන කියලා කෙනෙක්. මම මනුරංගත් එක්ක මීට කාලෙකට කලින් රම්බරි සින්දුව පිටවෙන්න කලින් එතැනට ගියා. එතැනදී මේ පුද්ගලය මට කිව්වා කවදාහරි මේ සින්දුව එළියට ආවම මම ලංකාවේ ජනප්‍රිය වෙනවා, මාව පිළිගන්න මිනිස්සු බලන් ඉන්නවා කියලා. ඉතින් එදා මම ගෙදර ආවේ උඩින්. හරිම සතුටින්. ඒ කිව්වා වගේම ඒ අනාවැකිය හරි ගියා. දැන් මම කොහොමත් එහේ යනවා.

17. සෙනෙවිරත්න නාරායන ගාණක් දෙනවද එයාව ප්‍රමෝට් කරනවට?

අනේ එතුමා ගන්නේ රුපියල් 150යි. ඒකෙන් ඉතින් මම ගන්නවා නම් ගන්න වෙන්නේ රුපියල් 25ක් වගේ තමයි. පැය 02ට 250ක් ගන්නවා, මුදලට නෙවෙයි එතුමා වැඩ කරන්නේ.

18.ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් ගැන සුවිශේෂී උනන්දුවක් නැද්ද?

ආහ්.. අයියෝ.. ස්වර්ණවාහිනියේ අංජු. අංජු මගේ හොඳ මිතුරියක් විතරයි. දවසත් එයා එයාගේ වැඩසටහනකදී මගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා. ඒක එයාගේ ප්‍රශ්න නෙවෙයි වෙන කෙනෙක් හදපු ප්‍රශ්න ටිකක්. කොහොම හරි මට මල පැන්නා. මම ටිකක් සැරෙන් කතා කළා. කවුරුහරි ඕක තමයි ඔයාට ඔය කියලා තියෙන්නේ.

19. ක්‍ෂේත්‍රයට පය ගහන්න පටන් ගත්තු කාලේ ඇයි නිතරම Fm එකේ DJ නික්ගෙ ගෙදර ගියේ?

නිතරම, ම්ම්ම්ම්... නිතරම නෑ, අනේ මම දෙවතාවයි ගියේ. සුදු ගවුමේ වීඩියෝ එකේ වැඩ වගේකට ප්‍රමුදිව හම්බවෙන්න ගියා. ප්‍රමුදිගේ අයියා තමයි Nick.

20. එතකොට Y Fm එකට සින්දුව දාගන්න නෙවෙයිද නිතර නිතර එහේ ගියේ?

නික්ට කියලා සින්දු දාගන්න බෑ. ඇත්ත කිව්වොත් ඒකයි කතාව. එහෙනම් යන්න ඕනෑ තනුජා ජයවර්ධනව හම්බවෙන්න. ඒකත් ප්‍රමුදිගේ ඇඳුම් වගයක් බලන්න Video එකට, අනෙක Party එකකට, ඒකට මායි ටෙහානුයි ගියේ.

21. ඩෙංගු හැදුණම බොන්න බෙහෙතක් හොයාගෙන තියෙනවද?

ආහ්.. මම දන්නවා අහන්න යන දේ. ඔව්. ඔව්. දවසක් යාළුවෙක් ඩෙංගුවලට කියලා බෙහෙත් පෙති වගයක් දුන්නා බොන්න. මමයි තව කීපදෙනකුයි බිව්වා, බීලා පාන්දර වෙද්දි, අමුතු හැඟීමක් දැනෙන්න ගත්තා, ඒ වගේ හැඟීමක් මට කවදාවත් දැනිලා නෑ. බලද්දි මේකා ඩෙංගු පෙති කියලා දීලා තියෙන්නේ විරේක පෙති. හොඳයි හොඳට බඩ සුද්ද වුණා. ශමිල සිරිවර්ධන තමයි අපිට ඒ වැඩේ කළේ. මට හිතාගන්න බැරි වුණා එදා මෙතැන නිදාගන්නද, නැඟිටින්නද මොකක්ද කරන්නේ කියලා.

22. ලිංගික අල්ලස් දෙන්න කැමැති වුණ රසිකාවියෝ එහෙම හමුවෙලා නැද්ද?

හම්ම්... නෑ ... තවම නම් නෑ. මෙහෙමයි රසිකාවියන් හෝ කවුරු හෝ මට ලිංගික අල්ලස් දෙන්න හේතු තියෙන්නේ 02යි නේ. එක්කෝ මගේ සින්දුවේMusic Video එකකට එන්න බලාගෙන, අනෙක් එක මම ආදරේ කරලා මාව කසාද බැඳගන්න හිතාගෙන. මම එහෙමMusic Video වලට ගන්නෙත් නෑ. අනෙක දැන් මම බැඳලා මට හොඳ බිරියක් ඉන්නවා, මම තාත්තා කෙනෙක්, ඉතින් ඒක හරියන්නෙත් නෑ.
තවම එහෙම කවුරුවත් ඒ වගේ දෙයකට ඇවිත් නැහැ. කවුරුහරි එහෙම ලිංගික අල්ලසක් දෙන්න බලන් ඉන්නවා නම් කියන්න මම සලකලා බලන්නම්.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery