facebook page

Powered by Blogger.

Blogger templates


ඉන්දියාවේ Box Office  වාර්තා බිඳ දමමින් ලෝකයම වශී කරලා තිරගත වුණු ආශිකී 2චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගැන අපි ගිය සතියේ කතා කළා. ඒ ආදිත්‍ය රෝයි කපූර් ගැන.තමන්ගේ ජීවිතයේ ගොඩක් නොකී තැන් ගැන ආදිත්‍ය Coffi with Karan වැඩසටහනෙන් කතා කරද්දී ඒකේ ප්‍රධාන චරිතය රඟපාපු නවක නිළිය ගැන කතා නොකරනඑක ලොකු අඩුපාඩුවක් කියලා හිතුණා. ඒ නිසා අද ආශිකී 2 චිත්‍රපටයේ රඟපාපු ප්‍රධාන නිළිය එහෙමත් නැත්නම් ශර්ධා කපූර් ගැන කතා කරනවා. මේ ඇය Coffi with Karan වැඩසටහනට එකතු වෙලා කියපු කතා


ඔබ රඟපාපු පළමුවැනි, දෙවැනි චිත්‍රපට දෙකම රසිකයෝ වැලඳගෙන තිබුණේ නැහැ. ඒත් ඔබ රඟපෑ 
තුන්වැනි චිත්‍රපටයෙන් ඔබ අති සුපිරි තරුවක් වුණා. හිතුවද එහෙමවෙයි කියලා?


මම හිතන්නේ ආශිකී 2 චිත්‍රපටය ලැබුණේ මගේ වාසනාවට කියලයි. ඒක නිවැරැදි කාලයේදී මට හම්බවුණා.


ඔබ රඟපෑ පළමු, දෙවැනි චිත්‍රපට දෙකේම ඔබ මුදල් ගත්තේ නැහැ නේද?


ඔව්. එහෙම තත්ත්වයක් තිබිලත් මට ආශිකී 2 ලැබීම ගැන මට හිතාගන්න බැහැ.


ඔබට කොතරම් මුදලක් ලැබුණද ආශිකී 2 චිත්‍රපටයෙන්?


සිනමා කොන්ත්‍රාත් ගැන ප්‍රසිද්ධියේ කතා කළ යුතු නැහැ කියලයි මම හිතන්නේ.


ඔබ හිතන්නේ මේ සාර්ථකත්වය ඔබේ දෛවය කියලද?


මම හිතන්නේ ඔව්.


එතකොට චොප්රා මහත්තයගෙන් ලැබුණු සහාය?

ඔහු තමයි මේ හැම සාර්ථකත්වයකම මූලිකයා.

ඔබයි ආදිත්‍ය රෝයි කපූරුයි මුලින්ම මුණගැහුණේ කවදද?

ආශිකී 2 චිත්‍රපටයේදී තමයි.

පළමු හමුවීම හරිම රසවත් වුණා නේද? ඒ ඒ දර්ශනවලදී?

ඔව් ඔව්. හරි සුන්දරයි තමා.

ඔබ මොකද හිතන්නේ ආදිත්‍ය ගැන? මෝඩද? පිස්සුද? පී්‍රතිමත්ද? එහෙම නැත්නම් සරාගිකද?

මම හිතන්නේ ඔහු ටිකක් පිස්සු විනෝදකාමී සැහැල්ලු චරිතයක්. ඒ වගේම ඇත්තටම හුඟක් සරාගික පෙනුමක් ඔහුට තියෙනවා.

කවදද දෙන්නා ආදරෙන් බැඳුණේ?

ඔයා දන්නේ නැද්ද ඒ චිත්‍රපටයේ අපේ මූණුවල තිබුණු ආදරය. අපි ගොඩක් ආදරයෙන් තමයි ඒ චිත්‍රපටයේ හිටියේ.

හුඟක් අය කියන්නේ ආශිකී 2 චිත්‍රපටයෙන් ඔයාලා දෙන්නා ප්‍රේමවන්තයෝ වුණා කියලා?

නෑ නෑ. එහෙම වුණේ නැහැ. බොරු නම් ඔයා ඒක ආදිත්‍යගෙන් අහන්න.
 
ඔබේ ජීවිතේ පෞද්ගලික දේවල් අම්මටයි තාත්තටයි කියනවද?

ඔව්. විශේෂයෙන් අම්මට. හැම සුළුදෙයක්ම පවා කියනවා.

ආදිත්‍ය ඔබේ මවුපියෝ හම්බෙන්න ඇවිත් තියෙනවද?

ඔව්.

මවුපියන්ගෙන් ආදිත්‍යයට අනුමැතිය හම්බුණාද?

නෑ නෑ. එහෙම නෙවේ. අපේ මවුපියෝ හැමෝම මුණගැහිලා ආශිකී 2 බැලුවා. එයාලත් ගොඩක් ඇඬුවා ඒක බලලා.

මොකද ඔබ හිතන්නේ ආදිත්‍යයට තියෙන ස්ත්‍රී ආකර්ෂණය ගැන?

මම හිතන්නේ ඔහු හරි පෙරේතයි ඒකට. ඔහු ඒකෙන් ගොඩක් වින්දනයක් ලබනවා.

ඔබ සිනමා පවුලකින් ආපු කෙනෙක්. ඔබේ තාත්තා ශක්ති කපූර්. නැන්දා නිළියක්. ඔබ දැන් තුන්වැනි පරම්පරාව?

මගේ තාත්තා චිත්‍රපට 700කට විතර සහභාගි වෙලා තියෙනවා. ඒක විශ්වාස කරන්නත් බැරිතරම් දෙයක්. මට ඔහු ගැන ආඩම්බරයි ඇත්තට.
  

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery