facebook page

Powered by Blogger.

Blogger templates


කොහොමද ටිරාෂා?

හොඳයි. මේ දවස්වල සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන ආදර සංධ්වනිය සහ සුසුමට පවා රහසින් රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

ඔබ මේ යන්නේ අහම්බයකින් නිර්මාණය වුණ පාරක නේද?

ඔව්. ඇත්තටම මට නිළියක් වෙන අදහසක් තිබ්බේ නෑ. අහම්බෙන් මේ තැනට වැටුණා. දක්ෂතාවත් එක්ක එතැන ඉඳන් වැඩ කරගෙන යනවා.

කොහොමද ඒ අහම්බය සිද්ධ වුණේ?

මම බුදවත්ත කලායතනයේ නර්තනය හදාරන කාලේ මට කලා ශිල්පීන්ගේ නර්තන ප්‍රසංගයක නර්තනයක යෙදෙන්න අවස්ථාව ලැබුණා. එතැනදි දැකලා තමයි ලක්ෂ්මන් පුෂ්පකුමාර නිසල විල්තෙරට මාව සම්බන්ධ කරගත්තේ. එතැන ඉඳන් මට නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

අහම්බෙන් වැටුණ ක්ෂේත්‍රයකට එන්න ගෙදරින් තහංචි වැටුණේ නැද්ද?

එහෙම නෑ. මම ගෙදර එකම ගෑනු ළමයා වුණාට මේ ක්ෂේත්‍රයට යන්න එපා කියලා කවුරුත් කිව්වේ නෑ. මට නිදහස දුන්නා වැඩ කරන්න. ඒ වගේම අම්මා මට ගොඩක් උදවු කරනවා. මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න.

සමහරු නම් කියන්නේ ගෑනු ළමයෙක්ට මේ ක්ෂේත්‍රය ගැළපෙන්නෙ නෑ කියලා?


අපි ඉතිං ලංකාවෙනේ ඉන්නේ. මේ දේවල් ගැන හිතනකොට මට නම් හිතෙන්නේ ලංකාවේ ඉන්න එක අපරාධයක් කියලා. අපේ ක්ෂේත්‍රයේ හොඳ අය ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් නිසා තමයි ඔය මතය හැදිලා තියෙන්නේ. ඔය පුහු මතවල ඉන්න එක අපරාධයක්. ගෑනු ළමයි ගෙදරට වෙලා බත් තම්බනවට වඩා තියෙන දක්ෂතාවලින් දෙයක් කරන එක තමයි හොඳ.

ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතක් වුණත් ටිරාෂාට ක්ෂේත්‍රයේ වේගවත් ගමනක් නෑ වගේ?


මම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ තුන් වැනි වසරේ ඉගෙන ගන්නවා. උසස් පෙළ කාලේ ඉඳන් මට වැඩ ලැබුණා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුත් එක්ක සමබර කරගෙන තමයි මම රඟපාන්නේ. වැඩ ලැබුණට මට ඒ හැම එකක්ම භාර ගන්න බෑ. ඒ නිසා එකපාර නිර්මාණ දෙකක් වගේ තමයි භාර ගන්නේ.

වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නද අදහස?


වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නෑ. මම රඟපාන්නේ ආසාවට. මම ඉල්ලලා රඟපාන කෙනෙක් නෙවෙයි. මගේ දක්ෂතාවට දෙයක් ලැබුණොත් මම ඊට උපරිම සාධාරණයක් කරනවා. හැබැයි මම ඉගෙනගන්න විෂය ක්ෂේත්‍රයෙන් ජොබ් එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

ජනප්‍රිය වෙන්න නම් ප්‍රධාන චරිතය රඟපාන්න ඕනෙද?

නෑ. ලංකාවේ ජනප්‍රිය වෙන්නේ දක්ෂයොම නෙවෙයිනේ. හැබැයි හොඳ දෙයක් කළොත් අතුරු චරිතත් ඉස්මතු වෙනවා.

රංගනය වෙනුවෙන් අඩ නිරුවත් හෝ නිරුවත් රංගනයක නියැළෙන්න ඔබ කැමැතිද?

මට පෞද්ගලික ප්‍රතිපත්ති තියෙනවා. මට ගොඩක් ෆිල්ම්වලට කතා කළා. ඒත් සමහර නිර්මාණ මගේ සීමා ඇතුළේ මට කරන්න බෑ. මම ඇමෙරිකාවේ හිටියා නම් මට ඒ චරිත කරන්න පුළුවන්. අවාසනාවකට අපි ඉන්නේ ලංකාවේ නිසා ඒ දේවල් කරන්න බෑ. ඒ නිසා මගේ සීමාව ඇතුළේ මගේ දක්ෂතාව පෙන්වන්න මම උත්සාහ කරනවා.

රංගනය නර්තනය නිසා අධ්‍යාපනය කැප කරන්න වුණොත් ඔබ එය කරනවාද?

රංගනය, නර්තනය දෙකටම වඩා අධ්‍යාපනය වැදගත්. අධ්‍යාපනය තියෙනවා නම් අනිත් දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්. අධ්‍යාපනය නැතිව ක්ෂේත්‍රයට එන අය මේ ක්ෂේත්‍රයේ හරියට ඉන්නෑ. ඒ නිසා අනිත් දේවල් වෙනුවෙන් අධ්‍යාපනය අත්හරින එක අපරාදේ.

ඔබේ පරපුරේ අය ක්ෂේත්‍රයට එන ප්‍රවණතාව වැඩි වෙනකොට ඔබට පවතින්න පහසුද?


තව කෙනෙක්ගේ දක්ෂතා මරලා ඔවුන්ව ඇදලා දාලා අපේ චරිතය ගොඩනඟාගත්තට වැඩක් නෑ. දක්ෂතාව තියෙනවා නම් දේවල් ලැබෙයි. මේ ක්ෂේත්‍රයේ ඉන්න එකම නිළිය මම නෙවෙයිනේ. තව තව අය බිහිවෙන තරමින් අපිට ලේසියි. මේක සමූහ වැඩක්නේ. ඒ නිසා මම හිතන්නේ මම පවතින එක කොහොම වුණත් දක්ෂයෝ මේ
ක්ෂේත්‍රයට එන්න ඕන.

ඔබේ නර්තන හැකියාව නම් පසුගිය කාලේ දැක්කා. අපි නොදැක්ක තව දක්ෂතා ඔබට ඇති.

මට ගායනා  කරන්න පුළුවන් මම සින්දුවක් හැදුවා. ඒකට විෂුවල් එකක් කරලා රසිකයන්ට දෙනවා.

පෙම්වතියක්ද කියලත් කියමු?

ඔව්. මම පෙම්වතියක්. ඔහු ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery