Aug
15
බම්බලපිටියේ රූපලාවන්‍යාගාරයක දී එන්නතක් විදීමෙන් මියගිය වෛද්‍ය පී.ඒ.ප්‍රියංගි මහත්මියට දුන්නායැයි පවසන සෙෆරොක්සි නමැති ඖෂධය රූපලාවන්‍ය සඳහා කිසිසේත්ම භාවිතයට නොගන්නා ප්‍රතිජීවක ඖෂධයක් බව රුහුණ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතා පවසයි.
ඔහු පවසන්නේ මෙවැනි ඖෂධයක් ඇයට ලබා දීමට හේතුව කුමක් ද යන්න පිළිබඳ වැඩිදුරටත් සොයා බැලිය යුතු බවයි.
වෛද්‍ය පෙරේරා මහතා මෙසේ ද කීවේය.
‘මෙය පෙනිසිලින් කාණ්ඩයේ නූතන නිෂ්පාදනයක්. පෙනිසිලින් කියන්නේ බොහෝ අයට ආසාත්මිකතා ඇති කරණ නමුත් ඉතා බහුලව භාවිතා කරන ඖෂධයක්. පෙනිසිලින් කාණ්ඩයේ නූතන නිෂ්පාදනවල අතුරු ආබාධ ඉතා අඩු වුවත් අතුරු ආබාධ නැතැයි කිව නොහැකියි. සාමාන්‍යයෙන් පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධයක් දීමට පෙර එය ලබන තැනැත්තාට ආසාත්මිකතා තිබේදැයි පරීක්ෂා කරනවා. මියගිය තැනැත්තිය වෛද්‍යවරියක් ද වීම නිසා ඇය තමන්ට ආසාත්මිකතා තිඛෙන බව නොදැන සිටියායැයි සිතිය නොහැකියි. කෙසේ වෙතත් මෙවැනි ඖෂධයකින් ආසාත්මිකතාවක් ඇති වුවහොත් එය ඉතා වේගවත් මරණයක් විය හැකියි. මෙතැන දී සිදුව තිඛෙන්නේත් එවැනි මරණයක්. ‘
විශේෂඥ අධිකරණ වෛද්‍ය පෙර්රා මහතා පවසන්නේ එම වෛද්‍යවරියට එන්නත් දෙකක් ලබා දී ඇත බවද වාර්තා වනව බවයි. ඒ එන්නත් දෙකම සෙෆරෙක්සි ද වෙනස් එන්නත් දෙකක් ද යන්න සොයා බැලිය යුතු බව ද ඔහු පවසයි.
කල් ඉකුත් වූ බෙහෙත් ද, පෙති නිශ්පාදන යන්ත්‍රයක් ද එහි තිබූ බව පොලිසිය කියයි.
දොස්තර නිහාල් ගමගේගේ නිවස ද පරීක්ෂාවට ලක් විය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්ෂක ඇතුළු විශේෂඥ වෛද්‍යවරු හා රස පරීක්ෂක විද්‍යාඥයෝ දස දෙනෙක් පමණ මේ සෝදිසියට එක් වූහ.
යළිත් මෙම ස්ථානය සෝදිසි කරන බව ඔවුහු කීහ.
බම්බලපිටිය පොලිසියේ උප පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා එම කටයුතු සම්බන්ධීකරණය කළේය.