facebook page

Powered by Blogger.

Blogger templates


නව පරපුරේ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ජනප්‍රියත්වයට පත් ශෂිරංග වික්‍රමසේකර මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය රැසකින් ප්‍රේක්ෂක නෙතු මානයට පැමිණෙයි. ශෂිරංගගේ නවතම කලා තොරතුරු මෙන්ම පෞද්ගලික ජීවිතයේ තොරතුරු විමසා බලන්නට අපි කටයුතු කළා.

* මේ දවස්වල ඔබේ අලුත්ම තොරතරු මොනවාද?

මේ දවස්වල ‘ස්වර්ණපාලි’ විකාශය වෙනවා. ඊට අමතරව ‘වෙද මුදියන්සේ’, ‘අඳුරෙන් එළියට’, ‘රණමොනරු’ ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා.

* ‘ස්වර්ණපාලි’ ඓතිහාසික කතා පුවතක් රැගත් ටෙලිනාට්‍යයක් නේද?

ඔව්. ඒ කාලේ ලංකාවේ ජීවත්වුණු වීර චරිතයක් වන ‘සූරිය බණ්ඩාර’ කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. සුද්දො මේ රට අල්ලගත්තට පස්සේ රට ජාතිය වෙනුවෙන් නැඟී සිටිය, කැරැල්ල ගෙන ගිය නායකයෙක් ඔහු. කාලෙකට පස්සේ ඒ වගේ චරිතයක් මං කළේ. මේ චරිතය ගැන ප්‍රේක්ෂකයන් හුඟදෙනෙක්ගේ කතාබහට ලක්වෙනවා.

* කෙටි කාලයකදී ඔබ ජනප්‍රිය නළුවෙක් බවට පත්වුණා නේද?

කෙටි කාලයකදී කියන එකට මම එකඟ නැහැ. මම 2001 වසරේ ළමා පුවත් නිවේදකයෙක් විදිහට ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා. අද ඔබ දකින මේ ජනප්‍රිය චරිතය හැදෙන්න මම ගොඩක් දුක්වින්දා. මම ක්ෂෙත්‍රයට ආවේ ඕපපාතිකව නෙවෙයි. එක රැයින් අද ‍ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙන අය ඕන තරම් ඉන්නවා. මම එයට මුකුත්ම කියන්නේ නැහැ. නමුත් මම ආ ගමන බොහොම දුෂ්කර, කට්ට කාගෙන ආපු එකක්. ස්වර්ණවාහිනියේ සහාය නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරලා, තිර පරීක්ෂණවලට ඉඳලා සුළු සුළු චරිත රඟපාලා අද ප්‍රධාන තලයේ ජනප්‍රිය චරිතවලට දායක වෙනවා. ලොකු කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලා තමයි මෙතැනට ආවේ. ‍ෙලාකු අතීතයක් තුළ පුංචි වර්තමානයක් තුළ මගේ ජනප්‍රිය බව සැකසී තිබෙනවා කියා හිතෙනවා.

* අද වෙනකොට ඔබ අලුත්ම වෘත්තියක අලුත්ම නිලයක් දරනවා නේද?

මම ඒ ගැන මාධ්‍යයට කියන්න හිතාගෙන හිටියෙ නැහැ. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගේ මාධ්‍ය ලේකම් ලෙස මා කටයුතු කරනවා. රංගනයත් මාධ්‍ය ලේකම් රැකියාවත් කරගෙන යෑමයි අරමුණ.

* දේශපාලනය කරන්න අදහසක් ති‍බෙනවාද?

එහෙම අදහසක් කොහෙත්ම නැහැ. මෙතැනදීත් මම මාධ්‍ය ලේකම් තනතුර ‍තෝරාගත්තේ මට මාධ්‍ය තුළ යමක් කරන්න වුවමනාවක් තිබුණු නිසයි. මම ජනප්‍රිය නැති කා‍ලයේත් මාව කවුරුත් නොදන්නා කාලයේත් මට ඉදිරියට එන්න දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා සෑහෙන උපකාර කළා. එයට කෘතගුණ සැලකීමක් ලෙසයි මේ වෘත්තිය තෝරාගත්තේ.

* ආදරේ ගැන මොකද හිතෙන්නේ?

මේ දවස්වල මගෙන් හැමෝම ආදරේ ගැන අහනවා. එයට හේතුවක් තිබෙනවා. ඔය වටින්ගොඩින් අහන්නේ මගේ තිබුණු ආදර සම්බන්ධතාව ගැනනේ. ආදරේ කරද්දී මම ඇත්තටම ඇයට ආදරේ කළා. අපි ආදරේ කරන කාලෙදිත් අපිට විවිධ මාධ්‍ය ඔස්සේ ඇත්තටම ප්‍රචාරයක් ලබා දුන්නා. ඒත් ආදර සබඳතාව බිඳවැටී ගියාට පසුව ලැබෙන මේ තරම් ප්‍රචාරයක් ඒ කාලේ අපි දෙන්නටම ලැබුණෙ නැහැ.

* අද ක්ෂේත්‍රයේ ආදර සබඳතා ගැන ප්‍රේක්ෂක අවධානය දැඩි ලෙස යොමු වෙනවා නේද?

රංගන ශිල්පීන් විදිහට ආදරයක් ඇතිවුණාම ඒක ජනතාවට ඉක්මනටම සම්ප්‍රේෂණය වෙනවා. නමුත් රංගන ශිල්පීන් නොවන සමාජයේ බොහෝ දෙනාගේ පවුල් ජීවිතවලත් මේ වගේ අර්බුද තිබෙනවා. ජනප්‍රිය වීම තුළ තමයි මේ දේ තියෙන්නේ. එක පැත්තකින් එය අපේ පෞද්ගලික ජීවිතවලට ප්‍රශ්නයක්. නමුත් ඉතින් ආදරවන්තයෙක් විදිහට ගත්තම අවංකව ආදරේ කළා කියන තැන මම අදටත් ඉන්නවා.

* වසර තුනක පෙම්කතාව නිමා කළේ ඔබද ඇයද?

ඇයයි මේ තීරණය ගත්තේ, අපේ සම්බන්ධය නතර කරන්න. එයට ඇය විවිධ හේතු කියනවා. අවංකවම අදටත් මම දන්නේ නැහැ ඇය මේ සම්බන්ධය බිඳ දමන්න හේතුව.

* වසර තුනක පමණ ප්‍රේමයක් බිඳීයාම දරාගන්න අපහසු අත්දැකීමක් නේද?

ඒ ගැන අදටත් මට මොකුත් කියන්න බැහැ. ඇය මට එක එක චෝදනා එල්ල කරනවා. අවුරුදු 3ක් කියන්නේ ලොකු කාලයක්. මම ආදරේ සෙල්ලමට කළා නම් මට ඇයට පෙර මේ සම්බන්ධතාව නතර කර දමන්න හේතු තිබුණා. ඇය මං ගැන කියන දේවල් මට හිතාගන්න බැහැ. ඇයට හුඟාක් අය කියනවලු මේ සම්බන්ධය නතර කරපු එක හොඳයි කියලා. ඇයට විතරක් නෙමෙයි මටත් එහෙම කියනවා. එහෙම කිව්වා. මම ඇයට ආදරය ප්‍රකාශ කළ දවසෙම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් කතාකරල කිව්වා ‘මල්ලී මේ සම්බන්ධෙ නතර කරන්න’ කියලා. අදටත් ඒ අය හමුවුණාම අහනවා “උඹට එදා කිව්ව දේ ඇහුව නම් අද මෙහෙම වෙන්නේ නැහැ නේද?” කියලා.

* කලා ක්ෂේත්‍රයේ ආදරයක් බිඳ වැටුණාම දෙදෙනා දෙපැත්තකට වෙලා එක එක්කෙනාට චෝදනා කර ගන්නවා නේද? ඒ ගැන මොකද හිතෙන්නේ?

එය වැරදි දෙයක්. ඒත් ඇය මට කරන චෝදනාවලට මා පිළිතුරු දිය යුතුයි. ඇගේ නිවෙසින් අපේ සම්බන්දෙට අකැමැති වුණා. මාව ප්‍රතික්ෂේප කරන කොටත් අපි දෙන්නා වෙන්වෙන්නේ නැතිව හිටියා. ඇය ආදරේදී මට වඩා කැපකිරීම් කළ අවස්ථා තිබුණා. ඒ ආදරේ නිසා. ඇය මාධ්‍යයට කිව්වේ ඇය ආදරේ කරන්නේ ඇගේ පියා වගේ ගතිගුණ තිබෙන කෙනෙක්ට කියලා. මං එයාට ගොඩක් ආදරෙයි. මනුස්සකම උතුරන කෙනෙක් මං කියලා එයා මාධ්‍යයට එහෙම කිව්වා. අද ඒ කටින්ම ඒ දේවල්වල අනික් පැත්තයි ඇය කියන්නේ. සමහර කාලවලදී සමහර අයට ජීවිතේ තරම් වටින කෙනෙක්, ප්‍රිය කරන කෙනෙක් නැහැ කියල කියන අයට ඒ දේවල් නැතිවුණාට පසුව මගේ ජීවිතේ එපාම කරපු මට වද දීපු මාව විනාශ කරපු නැති කරපු කෙනා එයා කියලා හඳුන්වනවා.

* ඔබ සල්ලිවලට ආදරය මායිම් කළ බවටත් ඇය චෝදනා කරනවා.

එය බොරුවක්. මේ වසරේ අපි විවාහ වෙන්නයි හිටියේ. ඇය අපේ සම්බන්ධය නතර කළ විටත් මම ඇය අත්හැරියේ නැහැ. මම මාස තුනක් පුරාවට මේ දේවල් විසඳගන්න ඇයත් සමඟ කතා කළා. ඒත් ඇය පැවසුවේ ලක්ෂ විස්සක් ඇගේ ගිණුමේ තැන්පත් කරනවා නම් මාත් සමඟ විවාහ වෙන්න ඇය සූදානම් ‍බවයි. ඇය වගේ මම සල්ලි බලල ඇයට කවදාවත්ම ආදරේ කළේ නැහැ.

* විවාහය දක්වා දුරක් ආ මේ සම්බන්ධය බිඳවැටීම ගැන ඔබ අද දුක් වෙනවාද? සතුටු වෙනවාද?

සතුටු වෙනවා. මොකද විවාහ වෙලා ඇය මේ විදිහට තීරණයක් ගත්තා නම් මමත් ඇයත් දෙදෙනාම අසරණ වෙනවා. මොකද මම ඇයට සෙල්ලමට ආදරේ නොකළ නිසා.

* මේ ආකාරයට මාධ්‍ය හරහා ඔබ දෙදෙනා එකිනෙකාගේ අදහස් උදහස් ගැළපීම් නොගැළපීම් ගැන කතා කිරීම ඔබ දෙදෙනාටම හානියක් කියා හිතෙන්නේ නැත්ද?

මම කවදාවත් කිසිම තැනක ඇයට හානියක් වෙන දෙයක් ප්‍රකාශ කරලා නැහැ. ප්‍රකාශ කරන්නෙත් නැහැ. මම ඇයට මඩ ගහන්නේ නැහැ.

* ඔබ යළිත් පෙම්වතෙක් වේවිද?

කියන්න බැහැ ඉතින්.

* ආයෙත් පෙම්වතෙක් වුණොත් පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

මනුස්සකම. ප්‍රශ්නවලදි දාල ගියාට කමක් නැහැ. ආර්ථිකමය වශයෙන් වැටෙන කොට එක රැයකට ලක්ෂයක් දෙකක් වියදම් කරන්න බැරි කොට දාල යන පෙම්වතියක් නම් මට එපා.

* යොවුන් නිළියන්ගෙන් ප්‍රේමාරාධනා ලැබෙන්නේ නැත්ද?

අපෝ නෑ. ශෂිරංග එක්ක රඟපානව කිව්වොත් හුඟක් නිළියන් කැමැතියි. මොකද මම කාටවත් කුකුල් පාට් දාන්න ගිහිල්ල නෑ. කාගෙන්වත් ගුටි කාල නැහැ. ඇක්ෂන් කියද්දි ආදරෙයි කිව්වත් කට් කියද්දි ඇත්තටම ඒ දේ මගෙ ඔළුවෙන් යනවා.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery