facebook page

Powered by Blogger.

Blogger templates


කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ගුරුවරුන් තිදෙනකු හා ගුරුවරියක වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල්වලට මාරුකර යවා තිබේ. මේ ගුරුවරුන් සිවු දෙනාම උසස් පෙළ විද්‍යා අංශයට අයත් වීම විශේෂත්වයකි.


මාරු කර යවනු ලැබූ මේ ගුරු පිරිසේ තවත් විශේෂත්වයක් වන්නේ කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා වෙතින් මානසික කෘෘරත්වයට භාජන වී දිවි නසාගත් බව කියන වෙනූෂා ඉමන්දි දැරිය පිළිබඳ සානුකම්පිතව කටයුතු කළ ගුරුවරුන් පිරිසක් වීමයි. වෙනූෂා ඉමන්දි දැරියගේ මරණයෙන් පසු විදුහල්පතිවරයා පිළිබඳ වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය මඟින් පැවැත්වෙන පරීක්‍ෂණයේදී තම අනන්‍යතාව හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු විදුහල්පතිවරයාගේ කෘෘර පාලනය පිළිබඳ සාක්‍ෂි ලබාදුන් පිරිසක් ලෙස මේ ගුරුවරුන් ප්‍රසිද්ධ වීමද මොවුන් පිළිබඳ වන තවත් විශේෂත්වයකි.


මෙසේ මාරුකර යවා ඇත්තේ ජේ. එන්. විජේසිංහ, ශාන්ත වර්ණකුලසූරිය, ඩබ්ලිව්. ආර්. වඩුපොළ මහත්මිය, එච්. එම්. යූ. හේරත් යන ගුරුවරුන්ය. කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජේ. එච්. එම්. ගුණදාස මහතාගේ අස්සනින් යුතු 17.03.2014 දිනැති ලිපි මඟින් මේ මාරුවීම් ලබාදී තිබේ.

මෙසේ ස්ථාන මාරු ලැබූ ජේ. එන්. විජේසිංහ මහතා උසස් පෙළ ශේ්‍රණිවලට කෘෂි විද්‍යාව විෂය හා රුසියානු භාෂාව උගන්වන ගුරුවරයාය. මීට වාර දෙකකට පෙර මොහු විසින් රුසියානු භාෂාව ඉගැන්වීම ආරම්භ කර ඇති අතර, එම විෂය ඉගැන්වීමට විදුහලේ වෙනත් ගුරුවරයකුද නොමැත. ඩබ්ලිව්. ආර්. වඩුපොළ මහත්මිය සංයුක්ත ගණිතය විෂය ඉගැන්වූ ගුරුවරිය වන අතර, ඇය මාරු කිරීම නිසා එම විෂය ඉගැන්වීමටද ගුරුවරයකු නොමැති බව වාර්තා වේ. එච්. එම්. යූ. හේරත් මහතා භෞතික විද්‍යාව

විෂය ඉගැන් වූ ගුරුවරයා වන අතර, එම විෂය සඳහාද විදුහලේ පවතින්නේ ගුරු හිඟයකි. ශාන්ත වර්ණකුලසූරිය මහතා රසායන විද්‍යාව ඉගැන් වූ ගුරුවරයාය.

ජේ. එන්. විජේසිංහ හා ශාන්ත වර්ණකුලසූරිය යන ගුරුවරුන් දෙදෙනා නගරයේ සිට කිලෝ මීටර තිහක් පමණ දුරින් පිහිටි කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ගෝනගම පිඹුරුවැල්ලේගම මහා විද්‍යාලයටද ඩබ්ලිව්. ආර්. වඩුපොළ මහත්මිය කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයටද මාරු කර යවා ඇත. එච්. එම්. යූ. හේරත් මහතා උසස් පෙළ පන්ති පවා නොමැති කුරුණෑගල අධ්‍යාපන කලාපයේ හැඟව කනිෂ්ඨ විද්‍යාලය වෙත මාරු කර යවා තිබේ.

මෙලෙස මාරු කර යවනු ලැබූ ජේ. එන්. විජේසිංහ මහතාට විද්‍යාලයේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා විසින් පසුගිය දිනෙක දුරකතනයෙන් තර්ජනය කර ඇති අතර, ඒ පිළිබඳ විජේසිංහ මහතා විසින් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

එසේම පසුගිය 22 වැනි දින අලුයම තුනට පමණ විජේසිංහ මහතා පදිංචිව සිටින කුරුණෑගල පොල්අත්තාපිටිය නිවෙසට කිසියම් පිරිසක් විසින් තීන්ත හා ගල් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ..

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery