facebook page

Powered by Blogger.

Blogger templates


ඇන්ඩෲ වෝල්ම්ස්ලි 31 වැනි වියෙහි පසුවන දක්ෂ ඡුායාරූප ශිල්පියෙක්. ඉන්දුනීසියාවේ සුලාවෙසි ප‍්‍රදේශයේ පිහිටි ටැන්ග්කොකෝ ස්වභාවික රක්ෂිතය සහ ජාතික උද්‍යානයේ සංචාරයක ගිය විට ඇන්ඩෲට හද සසල කරවන දසුනක් දැකගන්නට ලැබුණා. දින දෙකක් තිස්සේ මේ දුලභ දසුන පසුපස හඹායමින් ඡුායාරූපගත කළ ඔහු එ් ගැන ලෝකයට කියන්නට හිතුවේ ඔහුගේ කැමරාවේ සටහන් වුණු එ් ශෝකජනක ඡුායාරූප පෙළ සමඟයි.

ඉපදී සති දෙකක් පමණ ගතවුණු පුංචි වඳුරු පැටවකු තුරුළු කරගත් මැකාකි වර්ගයේ වඳුරු මවක් හුදෙකලාව සිටිනු ඇන්ඩෲ දැක තිබුණා. වඳුරු මව ඉතාම ශෝකයෙන් පැටවා සිඹිමින්, පපුවට තර කරගනිමින්, වරෙක පැටවා අතගාමින් සිටිනු ඇන්ඩෲගේ කැමරාවේ සටහන් වී තිබෙනවා. මේ වඳුරු පවුලේ පියා වරින් වර වඳුරු මව අසලට පැමිණ පැටවා රැුගෙන යන්නට තැත් කළත් ඇය වේදනාවෙන් කෑගසමින් කෝපාවිෂ්ටව පිරිමි වඳුරා ඉවත් කරන අයුරු ද දුටු ඇන්ඩෲ වඳුරු මව හඹායමින් කැලය පුරා සැරිසරුවේ කොයි මොහොතක හෝ මේ වඳුරු මව සිය පැටවා අත්හරිනු ඇතැයි සිතිමින්.

දින දෙකක කාලයක් ඇන්ඩෲ වඳුරු මව පසුපස ඇයට නොදැනේනට හඹා ගියද ඇය මියගිය පැටවාගේ සිරුර තුරුළු කරගෙනම සිටි අතර කිසිඳු අහරක් නොගෙන වරෙක පැටවා සමඟ මොනවාදෝ කතා කරනු ඇන්ඩෲ දුටුවා. ඇන්ඩෲගේ සංචාරය දින දෙකකින් පසු අවසන් වීමට නියමිතව තිබූ බැවින් ඔහුට ආපසු එන්නට සිදුවුණත් ඇන්ඩෲගේ කැමරාවේ සටහන් වූ මේ හද සසල කරවන පුවත ගැන ඇන්ඩෲ ලෝකයට කියන්නට පෙළඹුණේ ඔහු සිය ජීවිතයේ එතෙක් දුටු ශෝකජනකම අත්දැකීම පිළිබඳ මෙන්ම තිරිසන් වුවත් වෙනස් නොවන මව් සෙනෙහස ගැන නොමිනිසුන් සිටින ලෝකයේ මිනිසුන්ට කිවයුතු බව සිතමිනි.



Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery