එලිසානි එතරම් උස තරුණියක වී තිබෙන්නේ ඇගේ පිටයුටරි ග්‍රන්ථියේ ඇති වී තිබෙන අසාමාන්‍යතාවයක් නිසාය. ඇය කියන අන්දමට ග්රැන්සිනාල්ඩෝ සහ ඇය අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී තිබෙන්නේ ඇය 16 හැවිරිදිව සිටියදීය.
“ඔහු සිටියේ අපේ නිවස අසල නිසා මම ඔහුව ඊට කලින් දැනගෙන හිටියා. ඒත්, ඒ වනතුරු මට ඔහු ගැන එතරම් කැමැත්තක් තිබුණේ නෑ.” එලිසානි එසේ පවසයි. ග්රැන්සිනාල්ඩෝ කියන්නේ මීට වෙනස් කතාවකි. “ඇයව දැකපු මුල්ම දවසේමයි මට වැටහුණේ මම සොයන තරුණිය ඇය බව. ඇය හරිම ලස්සනයි.” ඒ ඔහු ඇයව දුටු ආකාරයයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රේමසම්බන්ධය ඇරඹෙත්ම එලිසානිගේ අදහස සහමුලින්ම කණපිටට හැරවෙන්නට පටන්ගෙන තිබේ.
“ඉන්පසුව මට ඔහුව නැතිවම බැරි වුණා. ඔහු වෙනත් තරුණියක් සමග ගැවසෙද්දී මට තදබල ඊර්ෂ්‍යාවක් දැනෙන්නට පටන්ගත්තා.” ඇය එසේ කියයි. මේ වනවිට ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන සිටින අතර, එලිසානි පවසන්නේ යම් හෙයකින් තමන්ගේ අසාමාන්‍ය උස හේතුවෙන් දරුවකු බිහිකිරීමට අපොහොසත් බවක් ඇති වුවහොත් තමන් ඉක්මනින්ම සිඟිත්තෙකු දරුකමට හදාගන්නා බවය.