facebook page

Powered by Blogger.

Blogger templates


ඉඟටියෙන් එකිනෙකා හා බද්ධ වූ ෂිවනාත් හා ෂිවරාම් හට දෑත් යුවළ බැගින්ද එකිනෙකාට වෙන් වූ හෘදය බැගින්ද, පෙණහලු යුගල බැගින්, තිබුණද දෙදෙනාටම ඇත්තේ ‍පොදුවේ භාවිතා කළ හැකි එකම පාද යුගලක් පමණි. මේ නිසාවෙන් සොහොයුරන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කිරීමේ හැකියාවක් ඇති බව වෛද්‍යවරුන් කියා සිටියද ෂිවරාම් හා ෂිවනාත් මෙන්ම ඔවුන්ගේ පියාද මීට තරයේම විරුද්ධය. සිය ජීවිත කාලය පුරාවටම මෙලෙස එක්ව එකම ශරීරයකට හිමිකම් කියමින් දිවි ගෙවීමට නිවුන්නු දෙදෙනා තුළම ඇත්තේ දැඩි අධිෂ්ඨානයකි.

ඉතා නිරෝගීව දිවි ගෙවුවද ෙදෙනික ජීවිතයේ නොයෙකුත් කටයුතු කර ගැනීමේදී ෂිවනාත් හා ෂිවරාම්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා 
එමටය. 

එසේ වුවද ආහාර ගැනීම, ඇවිදීම, දිවීම, නෑම, එකිනෙකාගේ හිස පීරා ගැනීම වැනි කටයුතු කිසිදු මැසිවිලි නැගීමකින් තොරව මනා සහයෝගයකින් යුතුව කර ගැනීමට මෙම දෙබිඩි නිවුන්නු දෙදෙනා දක්වන දක්ෂතාවය වෛද්‍යවරුන්ද මවිත කරවන සුළුය. සිය ගාත්‍රා හය උපයෝගි කරගනිමින් පාපැදි පැදීමටත්, ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටත් ෂිවනාත් හා ෂිවරාම් හපනුන්ය. ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්ද දස්කම් දක්වන සිය පුතුන් දෙදෙනා පිළිබඳව උදම් අනමින් ඔවුන්ගේ පියා වන හතළිස් පස් හැවිරිදි රාජ් කුමාර් කියා සිටින්නේ එකම ශරීරයක් ඇතිව දිවි ගෙවීම කෙතරම් දුෂ්කර කාර්යයක් වුවද සම අදහස් දරන සිය පුතුන් දෙදෙනා කිසි විටෙක ගැටුම් කර නොගන්නා බවයි. 


දකින කාගේත් අවධානයට නිරන්තරයෙන් පාත්‍ර වන ෂිවනාත් හා ෂිවරාම් පිළිබඳව කවුරුන් කුමක් පැවැසුවද දේව කැමැත්ත අනුව මෙබඳු අසාමාන්‍ය තත්ත්වයකින් උපත ලැබූ සිය දරු දෙදෙනා වෙන් කිරීමට තමා ඉඩ නොදෙන බව වෘත්තියෙන් කම්කරුවෙකු වන රාජ් කුමාර් දැඩිව කියා සිටින්නේය.  ශ්‍රීමති සමග විවාහයෙන් ඔහුට මෙම දෙබිඩි දරුවන් දෙදෙනාට අමතරව තවත් දියණියන් පස් දෙනකුම සිටියද, ඔවුන් හදා වඩා ගැනීම සඳහා තමාට කිසිවෙකුගේ ආධාරයක් ඇවැසි නැති බව රාජ් කුමාර්ගේ විශ්වාසයයි.


සංසේචනයේදී බිහිවන යුුක්තාණුව නමැති මුල්ම ෙසෙලය දෙකට බෙදීම සම්පූර්ණ වශයෙන් සිදු නොවීමෙන් දෙබිඩි නිවුන්නු බිහිවන බව සැලකේ. සෑම උපත් පනස්දහසකටම එකක් වැනි වූ සම්භාවිතාවකින් මෙබඳු සංසිද්ධි වාර්තා වුවද ඉන් තුනෙන් දෙකක්ම මළ දරු උපත් වන අතර, මොලොවට බිහිවන සුළු ප්‍රතිශතයෙන්ද අවුරුද්දක් තරම් වයස් වන තෙක් ජීවත් වනුයේ 1ක් පමණි. මේ නිසාම ෂිවනාත් හා ෂිවරාම් යනු සැබවින්ම සුවිශේෂී 
දරුවන් දෙදෙනකි.

නවදිල්ලි නුවර ගුර්ගෝන් හි පිහිටි ‘ෆෝට්ස් අනුස්මරණ රෝහ‍ලේ ළමා රෝග ඒකකයේ ප්‍රධානියා වන ශල්‍ය වෛද්‍ය ක්‍රිෂ්ණන් චග්ට අනුව අධික වියදමක් දරා ෂිවරාම් හා ෂිවනාත් වෙන් කිරීමේ සැත්කම සිදුකළඳ ඉන් ෂිවානාත් ආබාධිත තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත. 

මේ නිසා දෙබිඩි ජීවිතයකට කදිමට අනුවර්ථනය වී සිටින ෂිවනාත් හා ෂිවරාම් ඉදිරියටද මෙලෙස ජීවත්වීම  ඔවුන්ට කිසිදු ගැටලුවක් ඇති නොකරනු ඇති බවත්, සෙසු පුද්ගලයන් මෙන් විවාහ වී සාමාන්‍ය ජීවිතයක් ගෙවීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනු ඇති බවටත් වෛද්‍ය ක්‍රිෂ්ණන් විශ්වාසය පළකර සිටියි.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලබා පසුව ඩී්‍රම්ලන්ඩ් සර්කස් හි ‘මකුළු සොයුරියෝ’ ලෙස විරුදාවලි ලබමින් විශ්මිත දස්කම් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයන් මවිත කළ ‘ගංගා’ හා ‘ජමුනා මොන්ඩල්’ දෙබිඩි සොහොයුරියෝ වෛද්‍ය ක්‍රිෂ්ණන්ගේ මතය තහවුරු කෙරෙන හොඳම සාක්ෂියකි. සර්කස් කණ්ඩායමේම සාමාජිකයකු හා විවාහ වූ ඔවුන් දෙපළගේ වයස මේ වනවිට
හතළිස්පහක් පමණ බව සැලකේ.

ප්‍රියන්ති රුද්‍රිගු

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery