facebook page

Powered by Blogger.

Blogger templates


කෙස් පීරීමේදී ගැලවී යන කෙස් රොදවල් එකතු කර සුරැකිව තබා ගන්නා මියාඕ කාන්තාවන් විශේෂ අවස්ථාවන්හිදී එලෙස එකතු කර ගත් කෙස් ඇසුරින් තමන්ම හිස් පළඳනාවන් සකස් කර ගන්නේය. හිසට පළඳිනු ලබන ගව අඟක හැඩයෙන් යුතු ආකෘතියක් වටා ඝනකම් නූල් ඔතා සකස් කර ගනු ලබන මෙම හිස් පළඳනාවට සියවස් ගණනාවකට එපිට ඈත අතීතයක විසූ තම පවු‍ලේ ආදිතම කාන්තා සාමාජිකාවන්ගේ කෙස් රොදවල්ද ඇතුළත්ව ඇති හෙයින් ඊට හිමිවනුයේ ඓතිහාසික වටිනාකමකි. 

ඒවායේ කල් පැවැත්ම තහවුරු කිරීම සඳහා ඒවාට වර්ණ ආ‍ලේප කොට දිලිසෙන සුළු නිමාවකින් යුතුව හැමදා එකසේ තබා ගැනීමට මියාඕ කාන්තාවන් සැලකිලිමත් වන්නෝය. මවගෙන් දියණියට ආදී වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවැතගෙන එන, ඒ හැම පරම්පරාවක්ම නියෝජනය කරන මෙම ශීර්ෂ පළඳනා මියාඕ කාන්තාවන්ගේ ජීවිතයේ සුවිශේෂී අංගයකි. විවාහ උත්සව, මංගල උත්සව යනාදී සියලුම උත්සව අවස්ථාවන්හිදී භාවිතයට ගැනෙන මෙම ශීර්ෂ පළඳනාවන් මුල් කාලයේදී මියාඕ ගෝත්‍රික පුරුෂයන් විසින් ද පැළඳුවද පසුව එම සම්ප්‍රදාය අභාවයට ගොස් තිබේ. 

අද වන විට මියාඕ සුළු ජාතික ජනගහණය පන්දහසකට පමණක් සීමා වී තිබුණ ද කාන්තාවන් අතර ප්‍රකට මෙම සම්ප්‍රදාය ඔවුන් වෙතින් ගිලිහී යාමේ ලකුණක සේයාවකදු හෝ දැකගත නොහැකිය.

මියාඕ කාන්තාවන් අතර පැවත එන මෙම හැලෙන කෙස් එකතු කිරීමේ සම්ප්‍රදාය ඔවුන් විසින් සලකනු ලබන්නේ සිය මුතුන් මිත්තන්ට බුහුමන් දැක්වීමේ සජීවී පිළිවෙතක් ලෙසයි. මියාඕ කාන්තාවක සිය වරලස පීරන සෑම විටෙකදීම එකතු කර ගනු ලබන කෙස් සුරැකිව තබා ගනුයේ සිය දියණිය විවාහ වන දිනයේදී ඇය අතට පවරා දීම සඳහායි. මියාඕ වැසියන් අතර ගවයා පූජනීයත්වයෙන් සැලකෙන හෙයින්, පුරාණ මියාඕ වැසියන් අතර ප්‍රකටව පැවැති ගව අං පැළඳීමේ සම්ප්‍රදායෙන් මෙම ශීර්ෂාවරණ පැළඳීම සම්භවය වන්නට ඇති බවට සැලකේ.


ගවයාට මෙන්ම මුතුන්මිත්තන්ටද ගෞරව දැක්වීමේ අවස්ථාව මෙම අපූරු ශීර්ෂාවරණ පැළඳීමේ සම්ප්‍රදායක් මියාඕ වැසියන්ට හිමිව තිබේ. ඇතැම් ජන කොට්ඨාසවල ඉතිහාසය ලියැවෙන්නේ ‍පොත්වල වුවද මියාඕ වැසියන් සම්බන්ධයෙන් නම් ඔවුන්ගේ ඉතිහාසය ලියැවී ඇත්තේ ඔවුන්ගේ හිස් මතය.

 

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery