facebook page

Powered by Blogger.

Blogger templates


මලී කියන අකුරු දෙක හරිම ප්‍රබලයි. මං හිතුවෙ නැහැ කවදාවත් මලී ගෙනාව ජනපි‍්‍රයත්වය හරහා මගේ ජීවන සහකරුවා මුණ ගැසේවි කියලා. එය හරිම දෛවෝපගතයි. මේ සිදුවීම සිද්ධ වෙන්නෙ මලී නාට්‍යය රූගත කිරීම් නිම වෙච්ච අලුත. එතකොට මලී දෙවැන්න නිර්මාණය වීමේ අඩිතාලම වැටිලයි තිබුණේ. ඒත් මම ඒකේ හිටියෙ නැහැ. ඉතින් ඒ ගෙවුණෙ මගෙ විවේක කාලයක්. මේ අතරෙදි සංජය මොරගොල්ල නම් වූ නව නිෂ්පාදකවරයෙක් ක්ෂේත්‍රයට ඇවිල්ලා ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට අර අඳිනවාලු.

ඒකෙ ප්‍රධාන නළුවත් එයාම ඉන්නලු හිතාගෙන ඉඳලා තියෙන්නේ. නිළියන් කිහිප දෙනෙකුටම කතා කරලා ඒ එක්කෙනෙක්වත් මෙයත් එක්ක රඟපාන්න කැමැති වෙලා නැහැ. නළුවා ක්ෂේත්‍රයට අලුත්නේ. ඒක හින්දා වෙන්න ඇති. වෙන ප්‍රොඩියුසර් කෙනෙක් නම් සල්ලි වියදම් කරලා තමන්ට ඕන නිළිය ගන්නවනේ. ඒත් සංජයට වුවමනාව සල්ලි බලය පෙන්නන්න නෙවෙයි. චරිතයට ගැළපෙන කෙනාව ගන්න.

අපි අර මලීට හිටපු ගෑනු ළමයට කතා කරලා බලමුද. මං හිතන්නේ සංජයට ඇත්තටම ලව් කරන්නත් ඒ කෙල්ල හොඳයි.

පුංචි විහිළුවක් කරගෙනම ශ්‍රීමාල් වෙඩිසිංහ සංජයට එහෙම කිව්වා. හැබැයි ඒ විහිළුව කෙදිනක හෝ සත්‍යයක් වේවි යැයි එදා සංජය නිකමටවත් හිතන්න නැතුව ඇති.

ශ්‍රීමාල් අයියගේ කීමට සංජයගේ ඊළඟ නැවතුම වුණේ අපේ ගෙදර. එයත් එක්ක තව කිහිප දෙනෙක්ම ආවා. නාට්‍ය ගැන කතා කළා. ‘පිනි වහිනදා අහසේ’ ඒ නාට්‍යයේ නම. නම වගේම නාට්‍යයත් හරිම ලස්සනයි. එහි කතාව කියවපු ගමන් මට එහෙම ඉබේටම හිතුණා. ඒත් කොල්ලව මීට කලින් දැකලා නැහැ. ඒක සහතිකයි. ඒත් මොකක්දෝ සුපුරුදු ගතියක් දැනෙනවා. වත්ත පහළ තියෙන සේපාලිකා ගහ ළඟට වෙලා මං අනන්තවත් එහෙම කල්පනා කළා.
ඔන්න පිනි වහින දා අහසේ ටෙලි සිතුවමේ ප්‍රථම දවස උදා වුණා.

අපි දෙන්නට තියෙන්නේ කාර් එකේ නැගලා යන සීන් එකක්. හොඳට කරමු බය නැහැනේ.

සංජය කියපුදේට වී කරලක් වගේ දෙපැත්ට ඔළුව හොලවපු එක විතරයි මම කළේ. අඩුම ගානේ හම් සද්දයක්වත් මුවින් පිටවුණේ නැහැ.

දෙයියනේ මට මේ මොකද වෙලා තියෙන්නේ. ඇයි මං එච්චරටම එයාට කීකරු.
මගේ හිත ගැස්සෙමින් මුමුනනවා මට ඇහුණා. අනේ මන්දා. මං ගැන මටම බයයි.
මේ සියල්ල යටපත් කරගෙන මං නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වුණා.

මටයි සංජයටයි අතින් අල්ලා රඟපාන ලව් සීන්ස් තියෙනවද?

මං හිමිහිට නාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂවරයාට කිට්ටු කරලා ඇහැව්වා.

ම්ම්ම්... මම හිතන්නේ ෆස්ට් ෂෙඩුල් එකේ නැහැ.

ඔහුගේ වදනින් මම සැනසුම් සුසුම් හෙළුවා. මං දන්නවා එහෙම දර්ශන තියෙනවා නම් කීයටවත් හරියාකාරව කරගන්න බැරිවේවි.

සංජය එන්න එන්නම මං ගැන සොයන බලන උනන්දුව වැඩි කළා. එයා මාව නතුකර ගත්තේ හරිම සියුම්ව. පෙරදින කිසිදු ආදර සම්බන්ධයක පැටලී නැති මට මේ අත්දැකීම් හරිම නුහුරුයි.
මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.
සංජය එකපාරට කියූ දෙයින් මගේ දෑස් විසල් වුණා.

මොකක්ද?

මෙහෙම බැහැ. හවසට කෝල් එකක් දෙන්නම්.
හවස පහ හය වෙදදි මං බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ආවා.

සමාධි මං මේක ගොඩක් කල් ඉඳලා හිතේ තියාගෙන හිටපු එකක්. මං ඔයාව බඳින්න කැමැතියි. මොකද ඔයාගේ අදහස?

මං ගොළු වුණා.

ඇයි කතා නැත්තේ.

මං ඒ වෙනකොටත් සංජය ගැන අහලා තිබුණේ . ඔහුගේ අවංකත්වය කොතෙක්ද යත් ලොකේෂන් එකේදි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිහෙන් මම දුටුවා. කියන්න තරම් වරදක් ඔහු ළඟ නැහැ. ඊටත් වඩා රස කතාව මේකයි. මමත් ඔහුට කැමැතියි. ඒත් ගැහැනු ළමයි කොහොමත් ගණන් උස්සනවානේ. මාත් එහෙම තමයි.

ඔයා ගෙදරින් අහන්නකෝ සංජය.

එහෙම කියූ මම දුරකථනය විසන්ධි කළා.

දුවේ දැන් ගොඩක් වෙලා ඉඳලා ගේ ඉස්සරහා වාහනයක් හෝන් කරනවා. කවුද දන්නේ නැහැ. පහුවෙනිදා පාන්දර අම්මා මාව කීද්දුවේ එහෙම කියාගෙන. මං ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා. පාන්දර තුනයි හතළිස් පහයි. කවුද මේ වෙලාවට ගෙවල්වලට එන්නේ.

අපට නෙවෙයි වෙන්න ඇති අම්මා.
මං ආයෙත් ඇඳේ අනිත් පැත්තට හැරුණේ හොඳට නිදාගන්න හිතාගෙන.
සමාධි...සමාධි...මේ මම ...
කවුදෝ දොරට ගහනවා. මගෙ නම කියන ගමන්.

මලා ජෝන් කිව්වලු මේ සංජය නේද?

මං දනිපනිගාලා දොර ඇරියා.
සමාධි උදේ වෙනකම් ඉන්න අමාරු හින්දා දැන්මම ආවා.
සංජය හිනාවේවී දොර ගාව.

මොකද දුවේ මේ.

අම්මත් එහෙම කියාගෙන සාලෙන් වාඩි වුණේ පුදුමයෙන් වගේ.
අම්මට මොනවද කියන්න තියෙනවලු මෙයාට.
මං ටිකක් ඈත් වුණේ දෙන්නට කත කරන්න ඉඩ දීලා.
ඒ දරුවගෙ නම් වරදක් නෑ හැබැයි කේන්දර බලන්න ඕනා.
සංජය එක්ක සෑහෙන්න වෙලාවක් කතා කරපු අම්මා එහෙම කියලා කේන්දර බලන්න ගියා. ඒ දවස් කිහිපය තමයි මං බයෙන්ම හිටියේ. වාසනාවට කේන්දර දෙකම ගැලපුනා. 


මං හරියට ලෝකෙම දින්නා වගෙයි. සංජය මට හරිම ආදරෙයි. ඒබව මට දැනුනෙ ලොකේෂන් එකේ ඉන්න දවස්වලමයි. මාත් එක්ක යාළු වුණාට පස්සෙ එයා රංගනය අතහැරියා. ඒත් මට එහෙම වාරණයක් දැම්මේ නැහැ. මාත් ඉතින් කතා කරන හැම එකකටම යන්නෙත් නැහැනේ. සංජය ඕනෑම කාරණයක් ගැන ටිකක් බරපතල විදියට හිතනවා. මම එහෙම නෑ. මේ ගතිගුණය හින්දාමයි මං සංජයගෙන් බැනුම් අහන්නේ. ඒක හදාගන්න ඕනෙ. අපි දෙන්නගෙ විවාහය මේ මාසෙ මැද සිද්ධ වෙනවා. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී. එදාට අපට සුබපතන්න ක්ෂේත්‍රයේ මගේ යාළුවො හැමෝම ඒවි. මෙතරම් ඉක්මනින් මනමාලියක් වෙන්න මං හිතුවේ නැහැ. 

සංජයගේ හමුවීම මගෙ ජීවිතය වෙනස් කළා වගෙයි මට දැනෙන්නෙ. මං ඔහුට හොඳ බිරියක් වෙනවා. මේ දවස්වල මං සංජයට කන්න බොන්න දෙන්න හොඳට උයන්නත් පුරුදු වෙනවා. මට මගේ රසික රසිකාවන් ගෙත් ආශිර්වාදය ඕනි. මං විශ්වාස කරනවා මලී ලෙස මං ආලින්දයට පැමිණි දා ඉඳලා අද වෙනකම් මාත් එක්ක හිටපු මගේ ප්‍රේක්‍ෂකයෝ මගෙ විවාහයට ආශීර්වාද කරයි කියලා.
මම සමාධි අරුණි ඡායා. සමාවන්න....දැන් මම සමාධි මොරගොල්ල. වරහන් ඇතුළේ මලී....

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery