කොළඹ, අම්පාර, හැටන් නගර එකම හිස්‌ ගොඩක්‌ බවට පත්කරමින් 123 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය ඊයේ (01 වැනිදා) සියලුම දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති විසින් අතිඋත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

කොළඹ නගරයේ පමණක්‌ මැයි රැලි 18 ක්‌ සහ පෙළපාලි 12 ක්‌ පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැයි පෙළපාලිය නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ කර බොරැල්ල ඔස්‌සේ කැම්බල්පිටිය ප්‍රධාන රැලිය දක්‌වා පැමිණි අතර ඊට අතිවිශාල ජනතාවක්‌ එක්‌ව සිටියහ. මැයි රැලිsය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ මැතිඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මැයි පෙළපාලිය ආරම්භයේදී ජනාධිපතිවරයාද ඊට එක්‌ව ගමන් කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂය මෙවර මැයි පෙළපාලියක්‌ සංවිධානය නොකළ අතර මැයි රැලිය වැඩබලන නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර නගරයේදී පැවැත්විණි.

ජනතා විමුක්‌ති පෙරමුණ සිය මැයි දින පෙළපාලිය දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ කර තිඹිරිගස්‌යාය බීආර්සී පිටිය දක්‌වා පැමිණි අතර පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැලිය පවත්වන ලදී.

සරත් ෙµdන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි රැලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර මැයි පෙළපාලිය රාජගිරියෙන් ආරම්භ විය.

ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කොටුව දුම්රියපළ අසලින් සිය පෙළපාලිය ආරම්භ කර හයිඩ්පිටිය දක්‌වා පැමිණියද මැයි රැලිය පැවැත්වීමට හයිඩ්පිටියට රැස්‌වීමට අවසර නොලැබීම නිසා රැලිය පැවැත්වූයේ නැත.

පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මැයි රැලිය කොටහේන ජින්තු පිටියේදී පැවැත්විණි. මැයි පෙළපාලියක්‌ද පවත්වන ලදී.

ආරුමුගම් තොණ්‌ඩමන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ පී. දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු පක්‍ෂය හැටන් නගරයේදී මැයි දින රැලිය පවත්වන ලදී.

මෙවර මැයි දින රැලි සහ පෙළපාලි සඳහා පසුගිය වසරට වඩා අතිවිශාල ජනකායක්‌ එක්‌ව සිටිනු දක්‌නට ලැබිණි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery