facebook page

Powered by Blogger.

Blogger templates


රාණි මුකර්ජි කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන බොලිවුඩ් නිළියක්. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපට බලන ඕනෑම කෙනෙක් රාණිව දන්නවා. ‘කුච් කුච් හෝතා හේ’ සාතියා, චල්තේ චල්තේ, හම් තුම්, වීර් සාරා වගේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු බොලිවුඩ් චිත්‍රපටවල ප්‍රධාන නිළිය ලෙසරංගනයෙන් දායක වුණේ ඇයයි. මේ ළඟදී රාණි ගැන සුවිශේෂ ආරංචියක් ආවා. ඒ තමයි ඇය විවාහ වුණු බව. ඇය විවාහ වුණේ ආදිත්‍ය චොප්රා සමගයි. ආදිත්‍ය කියන්නේ ඉන්දියාවේ මුල් පෙළේ සිනමා අධ්‍යක්ෂවරයෙක්. නිෂ්පාදකවරයෙක් වගේම තිර පිටපත් රචකයෙක්. දිල්වා‍ලේ දුල්හානියා ‍ලේ ජායෙන්ගේ, ඩූම් 1, 2 හා 3, මොහාබතින් රබ්නේ බනා ඩී ජෝඩි වැනි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළේ ඔහුයි.

පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය හරහා පැතිර ගිය උණුසුම් පුවතක් වූයේ ආදිත්‍ය චොප්රා සහ රාණි මුකර්ජි වැඩි සද්දයක් නැතිවම විවාහ වූ බවයි. ඒ පහුගිය අප්‍රේල් 21 වැනිදා ඉතාලියේදී.

රාණි සහ ආදිත්‍ය අතර තිබුණු ආදරයට දැන් සෑහෙන කාලයක් වෙනවා. විවාහය කියන එක රාණිට අලුත් අත්දැකීමක් වුණත් ආදිත්‍ය නම් එක වරක් විවාහ වූ කෙනෙක්. ඔහු 2001 දී පායල් ඛන්නා සමග විවාහ වුණා. පායල් ඛන්නා කියන්නේ ආදිත්‍යගේ පාසල් කාලයේ පෙම්වතිය. ඇය වෘත්තියෙන් ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ආදිත්‍යගේ සිනමා නිර්මාණ බොහොමයකට ඇය සාරි මෝස්තර නිර්මාණවලින් උදව් කළා. නමුත් ආදිත්‍යගේ දෙමාපියන් මේ කසාදයට ඒ තරම් කැමැත්තක් නොදැක්වූ බවයි පේන්න තිබුණේ. කොහොම නමුත් පාසල් කාලයේ පෙම්වතිය සමග ආදිත්‍ය හදපු කූඩුව 2009 දී බිඳ වැටුණා. පායල් දිගින් දිගටම පවසා සිටියේ තමන්ගේ විවාහයට කණකොකා හැඬුවේ රාණි නිසා බවයි. රාණි සහ ආදිත්‍ය අතර ආදර සම්බන්ධය වසර ගණනාවක් තිබුණත් ඔවුන්ට විවාහ වෙන්න අවස්ථාවක් නැති වුණේ පායල් දිගින් දිගටම දික්කසාදයට බාධා කළ නිසයි. දික්කසාදය ලබාදෙන්නට නම් ඇය කෝටි ගණනක වන්දියක් ඉල්ලා සිටියා. දික්කසාදය වසරින් වසර ඇදී යන විට ඇය මේ වන්දි ප්‍රමාණයත් ටික ටික වැඩි කළා. ඒත් ආදිත්‍ය මේ වගේ වන්දියක් දෙන්න කැමැති වුණේ නැහැ.

ආදිත්‍ය චොප්රා හැරුණාම රාණි ගැනත් කනින් කොනින් තවත් ආරංචිත් ඇහෙනවා. රාණි ආමීර් ඛාන්, ගෝවින්ද, අභිෂේක් බච්චන්, ෂාහිඩ් කපූර් වගේ බොලිවුඩ් තරුත් එක්කත් ආදරේ රස විඳල තියෙනවා. ඒත් සිනමාවේ හැටි දන්න නිසාදෝ ආදිත්‍ය මේවා ගැන වැඩිය ගණන් ගත්ත පාටක් නැහැ. එහෙමගණන් ගත්තේ නැති නිසානේ ඉතාලියේදී කසාද බැන්දේ.

රාණිගේ රසික රසිකාවියෝ නම් කියන්නේ ආදිත්‍ය එක්ක විවාහ වෙන්න එපාම කියලයි. ඒත් දැන් විවාහ වෙලා ඉවරයි.

කොහොම වුණත් රාණි සහ ආදිත්‍ය කුමන මොහොතේ හෝ විවාහ වේ යැයි මාධ්‍යයත්  බලාගෙන හිටියා. ඒත් මේ විදියට වැඩි සද්දයක් නැතිව මේක සිද්ද වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. මේ සම්බන්ධව මාධ්‍ය හරහා නොයෙක් විදියේ කට කතාත් පැතිරිලා ගියා. කොහොම වුණත් දැන් මේ හැම දෙයක්ම ඉවරයි කියලයි හැමෝම කියන්නේ.

මේ විවාහයට සම්බන්ධ වෙලා තියෙන්නේ ළඟම මිතුරු මිතුරියන් සහ පවු‍ලේ පිරිස විතරයි. නමුත් රාණි මාධ්‍ය ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමන්ගේ ජීවිතේ ප්‍රීතිමත්ම දිනය ලොව වටා සිටින තමන්ගේ රසික රසිකාවියන් සමග බෙදා හදා ගන්නට කැමැති බවයි. ඉතාලියේ ගම්බද පළාතක පැවැත්වුණු මේ චාම් විවාහ උත්සවය ඉතා සුන්දර බව ඇය පවසනවා.
ෂාරුක් ඛාන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කරන් ජොහාර් මේ අවස්ථාවට සුබ පැතු බවත් සඳහන්. මේ දවස උදාවෙන කල් මගේ රසික රසිකාවින් ඇඟිලි ගනිමින් බලා සිටිය බව මම දන්නවා” රාණි මාධ්‍ය ප්‍රකාශනයෙන් එසේ ද පවසා සිටියා.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery