facebook page

Powered by Blogger.

Blogger templates




පුඤ්ඤසෝම අවංක පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌. පුඤ්ඤසෝමගේ හොඳම මිතුරා සාජන් වික්‍රමපාලය. පණ්‌ඩිතරත්න පුඤ්ඤසෝමගෙත් වික්‍රම පාලගේත් ජ්‍යෙෂ්ඨ නිලධාරියාය. පුඤ්ඤසෝමගේ බිරිඳ චම්පා දරු දෙදෙනා සමග නිවසේ ගත කරන්නේ අසහනකාරී දිවි පෙවෙතක්‌. ඇය නිතර සිහින දකින්නියකි. තම සැමියා පුඤ්ඤසෝම උසස්‌ නිලධාරියකු වී වැඩි වැටුපක්‌ තම අතට ලබාදෙන අයුරු චම්පා නිතර දකින සිහිනයකි.

හොර කල්ලියක්‌ විසින් ශානිකා නමැති තරුණිය පැහැරගත් බවට පොලිසියට පැමිණිල්ලක්‌ ලැබේ. ඇන්ටන් හොර කල්ලියේ නායකයාය. දියණිය නිදහස්‌ කිරීමට නම් රුපියල් හැටලක්‍ෂයක කප්පමක්‌ ඇන්ටන් ඇතුළු හොර කල්ලිය ශානිකාගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. පසුව මෙම මැර කල්ලිය සමග එක්‌වන ශානිකාද පෙම්වතා ප්‍රශාන් සමග එක්‌වී තමන්ගේම දෙමව්පියන්ගෙන් කප්පම් ඉල්ලා සිටිති. ශානිකා මුදා ගැනීමේ මෙහෙයුම භාරවන්නේ කොස්‌තාපල් පුඤ්ඤසෝමටය. පුඤ්ඤසෝමත් මැර කල්ලියත් අතර සිදුවන්නේ හාස්‍යජනක සිදුවීම්ය. ශානිකාට කුමක්‌ වේද... පුඤ්ඤසෝමට උසස්‌වීමක්‌ ලැබේද...?

කොස්‌තාපල් පුඤ්ඤසෝම උදයකාන්ත වර්ණසූරියගේ දහඅටවැනි චිත්‍රපටයය. මහේන්ද්‍ර පෙරේරා පුඤ්ඤසෝමය. ගාමිණී හෙට්‌ටිආරච්චි සාජන් වික්‍රමපාලය. ශ්‍රියන්ත මෙන්ඩිස්‌ පණ්‌ඩිතරත්නය. චම්පා දුලීකා මාරපනය. මැණික්‌ විඡේවර්ධන ශානිකාය. ශ්‍රීනාත් මද්දුමගේ ඇන්ටන්ය. ශානිකාගේ පෙම්වතා ප්‍රශාන්, විරාඡ් ජයසිරිය. රවීන්ද්‍ර යසස්‌, ජනක රණසිංහ, සිසිර කුමාරතුංග, රොනීලිච්, ලසන්ත උඩුකුඹුර, චතුර පෙරේරා, නෝමන් පලිහවඩන, ළහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරළ සෙසු චරිත රඟති.
  
කැමරා අධ්‍යක්‍ෂණය අයේෂ්මන්ත හෙට්‌ටිආරච්චිය. ශබ්ද සැලසුම් හා සංස්‌කරණය ප්‍රජන් ජයරත්නය. වේෂ නිරූපණ ශිල්පියා වසන්ත විට්‌ටච්චිය. සහාය අධ්‍යක්‍ෂණය ඩොනල්ඩ් ජයන්තගෙනි. නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්නය. මනෝඡ් ප්‍රියන්ත කලා අධ්‍යක්‍ෂවරයාය. නැටුම් අධ්‍යක්‍ෂණය ශාන් පෙරේරාය. බහුරූ චිත්‍රපට වෙනුවෙන් දීපා ප්‍රනාන්දු, යොහාන් ප්‍රේමරත්න, ශාන්ති වර්ණසූරිය, දයාවංශ ජයකොඩි, සැමිත් කුලරත්න සහ ඩී. විඡේසූරිය "කොස්‌තාපල් පුඤ්ඤසෝම" නිෂ්පාදනයෙන් සහාය වෙති. භාතිය සන්තුෂ් හා ලන්ත්‍රා පෙරේරා නිර්මාණය ගීවල පදමාලා නිලාර් එන්. කාසිම් සහ ෂෙහාන් ගලහිටියාවය. ගායනය නලීන් පෙරේරා, ලන්ත්‍රා පෙරේරා, භාතිය ජයකොඩි සහ මීනා ප්‍රසාදිනීය. මැයි මස 2 වැනිදා සිට රීගල් ඇතුළු සිනමා එන්ටර්ටෙන්මන්ට්‌ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන "කොස්‌තාපල් පුඤ්ඤසෝම" පිළිබඳව එහි කතාව, දෙබස්‌, තිර රචනය, අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනයෙන්ද දායක වන උදයකාන්ත වර්ණසූරිය සිනමා කලා සමග කළ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

"කොස්‌තාපල් පුඤ්ඤසෝම" මගින් ඔබ පොලිස්‌ නිලධාරියා හාස්‍යයට ලක්‌ කරනවාද?

"නෑ... ඇත්තටම මම නිතරම තිර රචනයක්‌ ලියද්දී කෙනෙකුට අපහාසයක්‌ සිදුනොවන ලෙස ලියන්න තමයි උත්සාහ කරන්නේ. මීට පෙරත් මෙවැනි හාස්‌යෝaත්පාදක නිර්මාණ කරලා තියෙනවා. පොලිස්‌ නිලධාරියෙක්‌ රාජකාරියට වඩා සිවිල් කටයුතු කරද්දී හාස්‍යයට ලක්‌වන අයුරුයි චිත්‍රපටයේ තියෙන්නේ. ආර්ථික ප්‍රශ්න නිසා බිරිඳ නඟන කන්දොස්‌කිරියාව පොලිස්‌ නිලධාරියෙකුට කියා වෙනසක්‌ නෑ.

නළු නිළියන් තෝරා ගත්තේ කොහොමද?

මහේන්ද්‍ර පෙරේරා මා කළ නිවැරදිම තේරීම. මට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔහු හාස්‍ය මුසුකර චරිතය නිරූපණය කළා. දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, ගාමිණී හෙට්‌ටිආරච්චි, ශ්‍රීනාත් මද්දුමගේ වැනි ප්‍රවීණයන් මීට සම්බන්ධකර ගත්තා. විරාඡ් ජයසිරි සිනමාවට අලුත් මැණික්‌ විඡේවර්ධන මෙවැනි විනෝදාත්මක චිත්‍රපටයකට එක්‌වන පළමු අවස්‌ථාව.

ඔබ නිර්මාණය කළ තවත් චිත්‍රපට ප්‍රදර්ශන පෝළීමේ තියෙනවද?

දැනට මේක විතරයි. අගෝස්‌තුවල තවත් එකක්‌ කරනවා. ඒක හාස්‍යමය චිත්‍රපටයක්‌ නොවේ. කොස්‌තාපල් පුඤ්ඤසෝම සාර්ථක වුණොත් එහි දෙවැනි කොටස "සාජන් පුඤ්ඤසෝම" කරනවා. දැනට තිර නාටකය ලියා අවසන්.

චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය කිරීම පහසු කටයුත්තක්‌ කියා හිතනවද?

මගේ චිත්‍රපටවලට නම් එහෙම අපහසුවක්‌ දැනෙන්නේ නෑ. ආධුනික අයට තමයි ඔය කියන අපහසුතාව තියෙන්නේ. මිsනසුන්ට දැනෙන විනෝදාත්මක චිත්‍රපටවලට නම් ඉල්ලුම තියෙනවා. තම හිතුමතේට තමන්ගේ මති මතාන්තර දාලා තමන් දන්න දේ ඇතුළු කරලා විතරක්‌ චිත්‍රපට කළාම ප්‍රදර්ශනය අපහසුයි. ප්‍රදර්ශන මාµsයාවක්‌ ගැන කියනවා. මට නම් එහෙම ප්‍රශ්නයක්‌ නෑ.

ඉදිරියේදී චිත්‍රපට කරන්න වෙන්නේ ඩිජිටල් තාක්‍ෂණයෙන්. ඔබ ඊට සූදානම්ද?

ඔව්... අනිවාර්යයෙන්ම කොස්‌තාපල් පුඤ්ඤසෝම පටලවලින් කරන අවසාන චිත්‍රපටය විය හැකියි. ඩිජිටල් තාක්‍ෂණය ගැටලුවක්‌ නොවේ. හරිම පහසු කටයුත්තක්‌ වගේම ලාභදායී. ඒත් මේ ඩිජිටල් තාක්‍ෂණයේ ගැටලුව තියෙන්නේ අපට නොවේ සිනමා ශාලා හිමියන්ටයි. ඩිජිටල් තාක්‍ෂණය සඳහා ශාලා නවීකරණය කළ යුතුයි. ඊට විශාල මුදලක්‌ වැය වෙනවා. සමහරුන්ට නම් එය දරාගන්න බැරිවේවි. රජය මේ සඳහා සහාය ලබාදිය යුතුයි. සිනමා ශාලා හිමියන් ඉන්නේ දෙගිඩියාවක. ඔවුන් මේ සඳහා ණයක්‌ බලාපොරොත්තු වෙනවා. ලබන වසර මුල වෙද්දී ලෝකය පුරා පටල පට නැත්තටම නැතිවේවි. එවිට ඩිජිටල් තාක්‍ෂණයෙන් හදන චිත්‍රපට පෙන්වන්නේ කොහොමද ශාලා නැතිව. තියෙන ශාලා වසා දමන්න වේවි. නැතිනම් පටලවලින් කළ පැරැණි චිත්‍රපට පෙන්වන්න වෙනවා.

කොස්‌තාපල් පුඤ්ඤසෝම ගැන ප්‍රේක්‍ෂකයාට යමක්‌ කියන්න තියෙනවද?

ඔව්... මේක පවුලේ සියලුම දෙනාට එකම සිට නරඹන්න පුළුවන් විනෝදාත්මක චිත්‍රපටයක්‌. ප්‍රේක්‍ෂකයාගේ අවධානය කොස්‌තාපල් පුඤ්ඤසෝම වෙත ලැබේවි කියා හිතනවා. වියදම දරා හොඳ ප්‍රමතියකින් හැදූ චිත්‍රපටයක්‌.

අජිත් අලහකෝන්

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery