අද වන විට ශ්‍රී ලංකාව තුළ වඩාත් කතා බහට ලක් වන ක්ෂේත්රයක් වන්නේ සෞඛ්‍ය අංශයයි. විශේෂයෙන් පසුගිය කාල සීමාව තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදු වූ විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධව වැඩි වැඩියෙන් කතාබහ ඇති විය. මෙයිනුදු දැඩි අවධානය යොමු ව ඇත්තේ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධ ව ය. අප රටේ ජනතාව ඖෂධ මිල දී ගැනීමේ දී තරම් අපහසුවට පත් වන තවත් අංශයක් නොමැති තරම් ය. එක් පසකින් තමන්ට ඖෂධ නියම කරන වෛද්‍යවරුන් ය. අනෙක් පසින් විවිධ සුදුසුකම් සහිත ඖෂධවේදීන් ය. තමන්ට රිසි රිසි ඖෂධ රෝගීන්ට ලබා දීම ඔවුන් විසින් සිදු කරනු ලැබේ.
මිලෙන් අඩු, තත්ත්වයෙන් ඉහළ, ඖෂධීය නාමයෙන් පවතින බෙහෙත් වර්ග ලබාගන්නා ලෙස පවසන බුද්ධිමතුන් යෑයි පවසන කොටසක් තවත් පසෙක ය. මොවුහු රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඔසුහල් වෙනුවෙන් පෙනී සිටිති. රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තිය තවත් තැනක පල් වෙයි. මේ සියලු දෙනා ගේ විවිධ ප්‍රකාශවලින් අසරණ වන්නේ හරි මගක් තේරුම්ගත නොහැකි දිළිඳු රෝගීන් ය.
සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව පැවසීම අද ඊනියා දේශප්‍රේමීන් ගේ සටන් පාඨයක් බවට පමණක් පත් ව ඇත. එතුමා ගේ අභාවයෙන් දශක තුනකට අධික කාලයක් ඉක්ම ගිය ද එවැන්නක් ක්‍රියාත්මක කරනු තබා ඒ ගැන සිතීමට වත් පාලකයන්ට නොහැකි වී ඇත. වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන්ට රෝගය සුවපත් වන හොඳ ම ඖෂධය නියම කිරීමට සැම විට ම වෛද්‍යවරු උත්සුක වෙති. තමන් ගේ සායනික අත්දැකීම අනුව (evidence basesd medicine) රෝගියාට ලබා දිය යුතු, රෝගී තත්ත්වය ඉක්මනින් ම සුවපත් වන, අතුරු ආබාධ අවම, දිගු කලක් අපහසුවකින් තොර ව ලබාගත හැකි ඖෂධය නියම කිරීමට වෛද්‍යවරු පසුබට නො වෙති.
එහෙත් මෙසේ නියම කරන ඖෂධය වෙළෙඳ පොළේ විවිධ වෙළෙඳ නාමයන් ගෙන්, විවිධ මිල ගණන් යටතේ පැවතිය හැකි ය. රෝගීන් අසරණ වන්නේ මෙවිට ය. තත්ත්වයෙන් ඉහළ, මිලෙන් අඩු ඖෂධය වෙළෙඳ පොළේ පවතින බව පවසතත් වෛද්‍යවරයා නියම කළ වෙළෙඳ නාමයෙන් පවතින ඖෂධය සාමාන්‍ය මිල මෙන් කිහිප ගුණයක් වෙයි නම් තමන් මිල දී ගන්නේ කුමන බෙහෙත දැයි යන ගැටලුවට රෝගීහු මැදි වෙති.
දොස්තර මහත්තයා ෆාමසි කාරයත් එක්ක එකතු වෙලා බෙහෙත් කොම්පැනිකාරය ගෙන් කොමිස් අරන්, මිලෙන් අඩු බෙහෙත් තියෙද්දී මිලෙන් වැඩි බෙහෙත අපට ලියලා" යනුවෙන් රෝගීන් චෝදනා කරන්නේ මෙවිට ය.
මේ ප්‍රකාශ සත්‍ය වන අවස්ථා නැත්තේ ම නැත. එහෙත් බහුතරයක් අවස්ථාවල දී සිදු වන්නේ වෛද්‍යවරයා තම සායනික අත්දැකීම් අනුව පවතින ඉහළ ම ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරීත්වය සහිත ඖෂධය නියම කිරීමයි. විවිධ වෙළෙඳ නාම පවතින විට එයින් ද වඩා ක්‍රියාකාරී ඖෂධය තම අත්දැකීම අනුව මේ වෛද්‍යවරු නියම කරති. රෝගියකුට හරිහමන් ඖෂධයක් නියම කළ හැක්කේ ඒ සඳහා අත්දැකීම් ලත් වෛද්‍යවරයකුට මිස පොතේ දැනුම පමණක් ඇති, විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලත්, දෙපාර්තමේන්තු හෝ අමාත්‍යංශවල සීතල කාමරවලට වී ප්‍රතිපත්ති සකසන, රෝගීන් ගේ රෝග හඳුනාගැනීමට වත් නොහැකි විද්වතුන් යෑයි පවසන කොටසට නො වෙයි.
ඔවුනට අනුව නම්, ඖෂධීය නාමයෙන් පවතින සැම ඖෂධයක ම ක්‍රියාකාරීත්වය එක සමාන ය. ප්‍රතිපත්ති සකසන ඇතැම් විද්වතුන් දශක ගණනාවකින් සැබෑ පැරසිටමෝල් පෙත්තක් දැක නැත. වෙද නළාවක් අල්ලලා වත් නැත. මෝටර් රථයක කාර්යය අප ගේ ගමන පහසු කර ඉක්මනින් ගමනාන්තයට කැ`දවාගෙන යැමයි. සුක්කානමත්, මෝටරයත්, රෝද හතරත් පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නම් රුපියල් ලක්ෂයකටත් අඩුවෙන් අපට මෝටර් රථයක් මේ රටින් ම සපයාගත හැකි ය. රටේ සියල්ලට ම වාගේ මෝටර් රථ ලබාගත හැකි ය. ඒ සියල්ල පසෙක ලා රුපියල් කෝටි ගණන් වටිනා මෝටර් රථ ගෙන්වන්නේ කුමකට ද?
වඩා පහසුකම් අපේක්ෂාව එහි අරමුණ නො වේ ද?
බටහිර ඖෂධයන් සම්බන්ධව ද පැවසිය හැක්කේ මේ කථාව ම ය. මිලෙන් අඩු, රෝගය සුවපත් නො වන, අතුරු ආබාධ වැඩි කරන, රෝගියා විඩා කරන, තත්ත්වයෙන් බාල ඖෂධ බව තම සායනික අත්දැකීම අනුව දන්නා විට රෝගියා දැන දැන අමාරුවේ දැමීම වෙනුවට මිලෙන් වැඩි වුව ද ඉහළ ගුණාත්මක භාවයෙන් පවතින ඖෂධයක් නියම කිරීමට වෛද්‍යවරු පෙලඹෙති. තමන්ට කෙතරම් කොමිස් මුදලක් ලැබුණ ද ඖෂධයක් නිසා රෝගියා ගේ රෝගය සුවපත් නො වන්නේ නම් එවැන්නක් නියම කිරීමට වෛද්‍යවරුන් නො පෙලඹෙනු ඇත. තමන් ගේ පැවැත්ම රඳා පවතින්නේ රෝගීන් සංඛ්‍යාව අනුව මිස ඖෂධ සමාගම්වල කොමිස් මුදල් මත නො වන බව ද වෛද්‍යවරු හො¹කාරව දනිති. අනෙක් අතට ඖෂධ සමාගම් වුව ද වෛද්‍යවරයකු වෙතට පැමිණෙන්නේ ඔවුන් ගේ රෝගීන් සංඛ්‍යාව අනුව ය.
ඒ අනුව මිලෙන් ඉහළ, තත්ත්වයෙන් බාල ඖෂධ දිගින් දිගට ම රෝගීන්ට ලබා දීමෙන් තම අතමිට සැමදා ම සරු කරගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි ය. අද පවතින තරගකාරී චැනල් සේවාවන් හමුවේ තමන් බාල ඖෂධයන් නිමය කළ හොත් පාඩුව වෛද්‍යවරුන්ට ම ය. එවිට රෝගීන් අඩු වන්නේ ඔවුනට ම ය. මේ බව දැන දැන ම ඇතැමකු පවසන ලෙස තත්ත්වයෙන් බාල, මිලෙන් ඉහළ ඖෂධයන් නියම කළ හොත් අවසානයේ රැවටෙන්නේ වෛද්‍යවරුන් ම ය.
පොත පතට පමණක් සීමා වූ ප්‍රතිපත්ති සකසන විද්වතුන්ට අනුව කුමන ආකාරයක හිසේ කැක්කුමකටත් ඡ්ර්ජැඒපදක ඖෂධීය නාමයෙන් ලබාගැනීම ප්‍රමාණවත් ය. රුධිරය කැටිගැසීම වළක්වා ගැනීමට ඖෂධය Paracetamol නාමයෙන් ලබාගැනීම ප්‍රමාණවත් ය. එහෙත් බොහෝ අවස්ථාවල දී රෝගී තත්ත්වය එයින් සුවපත් නො වී එම රසායනය ම අඩංගු වෙනත් වෙළෙඳ නාමයකින් ඇති ඖෂධයක් පාවිච්චි කළ විට රෝගය වහා සුවපත් වන්නේ කෙසේ ද? රෝහල්වල පවතින බොහෝ ප්‍රතිජීවක ඖෂධ හමුවේ සුවපත් නො වන රෝග වැඩි මිලට වෙළෙඳ පොළේ පවතින, එම රසායනය ම අඩංගු වෙනත් වෙළෙඳ නාමවලින් යුත් ඖෂධ හමුවේ වහා සුවපත් වන්නේ කෙසේ ද? මේ සියල්ල වෛද්‍යවරයකු ලෙස මා ගේ අත්දැකීම් පමණක් නො ව රට පුරා විසිරී සිටින බොහෝ විශේෂඥ සහ සාමාන්‍ය වෛද්‍යවරුන් ගේ අත්දැකීම් බව නොබිය ව ම පැවසිය හැකි ය.
වෛද්‍යවරුන් බහුජාතික සමාගම්වල යෑපෙන්නන් බවට පත් කර ඇත්තේ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම නිසා බව දැන් ඔප්පු වී හමාර ය. පසුගිය කාලයේ දී තයිරොක්සීන් ඌනතාවට සත ගණනට දුන් පෙත්තේ අතුරු ආබාධ සහ අඩු ක්‍රියාකාරිත්වය හමුවේ අසරණ වූයේ මෙරට ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ය. අවසානයේ දී නියම මිල මෙන් සිය ගුණයක් පමණ ගෙවා තයිරොක්සීන් පෙති ෆාමසිවලින් මිල දී ගැනීමට අපේ රෝගීන්ට සිදු විය. දියවැඩියාවට ලබාගන්නා මිලෙන් අඩු මෙට්ෆොaමින් පෙත්ත හමුවේ රුධිරගත සීනි මට්ටම අඩු නො වී අසාධ්‍ය වූ රෝගීන් ද රැසකි. මේ අන්දමේ උදාහරණ රැසක් පිටුව පුරා ලිවිය හැකි ය. වරද ඇති තැන නිවැරැදි කරනු මිස පහත් තැනින් දිය ගලා යන ලෙසින් වෛද්‍යවරුන්ට පමණක් චෝදනා කිරීම සාධාරණ නැත්තේ මේ නිසා ය. මේ වන විට ලෝක වෙළෙඳපොළේ පවත්නා ඖෂධවලින් සියයට 50ක් දක්වා වන සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. ඖෂධ සමාගම් වාර්ෂිකව ඖෂධ මිලියන ගණනක් පමණ නිපදවන නිසා, මින් සියයට 1ක් යනු අති විශාල සංඛ්‍යාවකි.
පශු වෛද්‍ය කටයුතු හා කෘමිනාශක ලෙස යොදාගන්නා ඖෂධ පවා මානව භාවිතයට පැමිණ ඇත. අයර්ලන්තයෙන් වර්තා වන අන්දමට පශු වෛද්‍ය කටයුතු සඳහා භාවිත වන ඖෂධ පවා හොර රහසේ බටහිර ඖෂධ වෙළෙඳපොළේ සැරිසරමින් අපේ උගුරට ඇතුළු වෙයි. කලක් තිස්සේ කෙරීගෙන ගිය එහෙත් ඉතා ම මැතක දී ලෝක අවධානයට බඳුන් වූ මේ අතිශය අන්තරායකාරී ප්‍රවණතාව මෙසේ අනාවරණය කෙරෙයි. අසනීප වූ අප බොහෝ විට යොමු වන්නේ බටහිර වෛද්‍යවරයකු වෙත ය.
අප ගේ රෝගී තත්ත්වය පරීක්ෂා කර ඊට ගැලපෙන පරිදි බටහිර ඖෂධ නියම කිරීම ඉන් අනතුරුව සිදු වෙයි. බෙහෙත් තුණ්ඩුවේ සඳහන් ඖෂධ ඔසු හලකින් නැත හොත් ෆාමසියකින් ලබාගෙන නිවසට පැමිණෙන අතර, වෛද්‍ය උපදෙස් අනුව ඒවා පාවිච්චිය සිදු වෙයි. එහෙත් වෛද්‍යවරයා නියම කළ අදාළ ඖෂධයේ ක්‍රියාකාරී සංයෝගය නියම මාත්‍රාවෙන් පවතින, සැබෑ ඖෂධයක් අප ඖෂධ වෙළෙඳසලෙන් ලද බවට සහතිකයක් තිබේ ද? අප පාවිච්චි කරන්නේ සැබෑ ඖෂධය ලෙසින් වෙස්වළාගෙන පැමිණි, තත්ත්වයෙන් බාල, ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධයක් විය නොහැකි ද? තත්ත්වයෙන් බාල (Counterfeit) හෝ ගුණාත්මකභාවයෙන් පහළ (Substandard) බටහිර ඖෂධ මේ වන විට ලොව පුරා ඖෂධ වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් පැතිර යන නමුත් මේ දක්වා ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. මින් වඩාත් ම බැට කන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව වැනි දිළිඳු රටවල ජනතාව බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
පසුගිය දා බ්‍රිතාන්‍යයෙන් ලැන්සට් වෛද්‍ය සඟරාව මේ සැඟවුණ අනතුර ලොවට හෙළි කර සිටියේ ය. ඊට අනුව තත්ත්වයෙන් බාල බටහිර ඖෂධයක් යනු ඕනෑකමින් ම ජනතාව මුළා කිරීම සඳහා සැබෑ ඖෂධයේ පෙනුමට සමාන ලෙස ලේබල් කර පවතින ඖෂධ වෙයි. මේවා මුල් ඖෂධීය නාමයෙන් ම හෝ වෙළෙඳ නාම ලෙස පැමිණෙන අතර මේ තුළ සැබෑ ක්‍රියාකාරී සංයෝගය පැවතීමට හෝ නො පැවතීමට හෝ පුළුවන. එසේ ම සැබෑ ක්‍රියාකාරී සංයෝගය නියමිත මාත්‍රාවට වඩා අඩුවෙන් එකතු කර තිබෙන්නට ද පුළුවන. මීට අමතරව සැබෑ ඖෂධයට සමාන ආකර්ෂණීය කවරයක් යොදා තිබෙනු ඇත. ගුණාත්මක භාවයෙන් පහළ ඖෂධ සැලකූ විට මේ ඖෂධ ම`ගින් සැබෑ ඖෂධයෙන් බලාපොරොත්තු වන විශේෂඥ ක්‍රියාකාරීත්වය ඉටු නො වෙයි. මේවා සැබෑ ඖෂධයට බොහෝ සමාන වන නමුත්, ප්‍රධාන වෙනස සැබෑ ඖෂධයේ අමතර විශේෂ ක්‍රියාකාරීත්වය රෝගියාට නො ලැබීමයි. බරපතළ ම අවදානමක් වන්නේ තවමත් පර්යේෂණ මටටමේ පවතින ඖෂධ මෙසේ වෙළෙඳපොළට පැමිණිය හැකි වීමයි.
තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ වෙළෙඳපොළේ සැරිසැරීම පසුගිය දශකය පුරා ඉහළ ගොස් තිබෙන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ද, අතුරු ආබාධ ද කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. මේ වන විට ලෝක වෙළෙඳපොළේ පවතින ඖෂධවලින් සියයට 1ත් සියයට 50ත් අතර සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. ඖෂධ සමාගම් වාර්ෂිකව ඖෂධ මිලියන ගණනක් නිපදවන නිසා, මින් සියයට 1ක් යනු මිලියන සංඛ්‍යාවකි. මේ අනුව ලොව පුරා පැතිරුණු මාෆියා අපරාධ කල්ලිවලට මෙය විශාල ධනෝපායන මාර්ගයක් ව ඇත.
දැනට වෙළෙඳපොළේ පවතින තත්ත්වයෙන් ඉහළ ඖෂධවල මිල ඉතා ඉහළ අගයක් ගනී. එසේ ම සමහර ඖෂධ සල්වල මේ, තත්ත්වයෙන් ඉහළ ඖෂධ විකිණීමට නොමැත. මීට අමතරව බාල ඖෂධවලට එරෙහි ව නීතිරීති ක්‍රියාත්මක වීම මන්දගාමී ලෙස සිදු වන අතර පවතින නීති රීතිවල සිදුරුවලින් පහසුවෙන් රිංගා යා හැකි ය. එසේ ම ලැබෙන දඬුවම ද නො සැලකිය හැකි තරම් ය. පොලීසිය, රේ¨ගුව සහ ඖෂධ පාලන අධිකාරිය අතර නිසි පරිදි ක්‍රියාත්මක වන අන්තර්සම්බන්ධතාවක් නොමැතිකම ද මේ සඳහා රුකුලක් වී තිබේ. තව ද තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන්, වෛද්‍යවරුන් මෙන් ම සාමාන්‍ය මහජනතාව අතර ද පුළුල් දැනුමක් හෝ අබෝධයක් නොමැත. ශ්‍රී ලංකාව වැනි රටවල අප බොහෝ විට ඖෂධ ලබාගන්නේ නුපුහුණු ෆාමසි හිමියන් වෙතිනි. ප්‍රධාන නගරවලින් ඉවතට යන විට මේ තත්ත්වය කැපී පෙනෙයි. ඔබට ඖෂධ අලෙවි කරන ඖෂධ සල් හිමියා ගේ සුදුසුකම් ගැන ඔබට සෑහීමකට පත් විය හැකි දැයි විමසිලිමත් විය යුතු ය.
බොහෝ විට වෛද්‍යවරයා නියම කරන ඖෂධය වෙනුවට ඔබට ලැබෙනුයේ ෆාමසි හිමියාට අවශ්‍ය, විකුණාගැනීමට අවශ්‍ය, තත්ත්වයෙන් බාල ඖෂධයකි. ෆාමසි හිමියාට වැඩි ම කොමිස් මුදලක් ලැබෙන, තත්ත්වයෙන් බාල, මිලෙන් අඩු ඖෂධයක් ඔබට ලැබිය හැකි ය. මිලෙන් අඩු ඖෂධයක් ඔබට ලැබුණ නමුත් ඒ ගැන දෙවරක් සිතිය යුත්තේ මේ නිසා ය. එක ම ඖෂධීය නාමයෙන් පවතින විවිධ වෙළෙඳ නාමයෙන් අලෙවි කරන ඖෂධ භාවිත කළ විට රෝගියා සුව වීමට ගත වන කාලය වෙනස් වන්නේ මෙසේ තත්ත්වයෙන් බාල ඖෂධ ද වෙළඳපොළේ සැරිසැරීම නිසා ය. තත්ත්වයෙන් බාල ඖෂධ හඳුනාගැනීමටත් ඒවාට එරෙහි ව ක්‍රියාත්මක වීමටත් ජනතාව දැනුවත් කිරීමට ප්‍රමාණවත් මානව සම්පතක් නොමැති වීම තවත් ගැටලුවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධිත රාජ්‍යයන් අතරින් කාර්යක්ෂම ඖෂධ අධිකාරියක් ක්‍රියාත්මක වන්නේ සියයට විස්සක පමණ වන රටවල් ප්‍රමාණයක පමණි. රාජ්‍යයන් ගෙන් සියයට තිහක ම කිසි ම ඖෂධ අධිකාරියක් නැත. මීට අමතරව රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් මේ ඖෂධ විද්‍යාත්මක විමසීමකින් තොර ව අස්ලසට යට වී අනුමත කිරීම ද සිදු වෙයි. රට රටවල් අතර ඇති වන සංකීර්ණ වෙළෙඳ ගිවිසුම් ද තත්ත්වයෙන් බාල ඖෂධ රටක් තුළ සැරිසැරීමට අනුබලයකි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස මේ ඖෂධ වෙළෙන්දෝ ඉහළ ලාභයක් ගනිsති. 1982-1999 කාලසීමාව තුළ දී රටවල් 38ක් සම්බන්ධ කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධිත රටවලින් ද ලද වාර්තා විශ්ලේෂණයයේ දී තත්ත්වයෙන් බාල ඖෂධ බටහිර පැසිෆික් රටවල සුලබ බව හෙළි වී ඇත.
අනෙක් රටවලින් මෙතරම් ඉහළ ලෙස මේ තත්ත්වය වාර්තා නො වන නමුත් එයට හේතුව එම රටවල් මේ සම්බන්ධව දක්වන උනන්දුව හා අවධානයේ ප්‍රමාණය මඳකම මිස ඒ රටවල් තුළ මෙවැනි තත්ත්වයක් නො තිබීම නො වේ. ඒ රටවල මහා සාගරය තුළ ගිලුණු අයිස් කන්දක් ලෙස අපට පෙනනුයේ ඉතා සුළු සංඛ්‍යාලේඛන ප්රමාණයකි. මිලියන සංඛ්‍යාත රෝගීන් පිරිසක් භාවිත කරන්නේ තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. තත්ත්වයෙන් බාල බටහිර ඖෂධවල වුව ද ලේඛලයේ සඳහන් වන්නේ නියමිත සංයෝග අඩංගු වන බව ය. හරි නම් ඒ තුළ ක්‍රියාකාරී සංයෝග අඩුවෙන් ඉතා වැඩියෙන් හෝ කිසිසේත් ම අඩංගු විය නොහැකි ය. සමහර විට වෙනත් ක්‍රියාකාරී සංයෝගයක් පැවතිය හැකි ය. තත්ත්වයෙන් බාල ඖෂධ හඳුනාගැනීමට ඖෂධ අඩංගු බෙහෙත් පැකට්ටුව බොහෝ විට උපකාරී වෙයි. එහි සැබෑ ඖෂධ පැකට්ටුවට වඩා සුළු හෝ වෙනසක් පවතියි. තත්ත්වයෙන් බාල හා ගුණාත්මකභාවයෙන් පහළ ඖෂධ ගැන සලකා බැලීමේ දී එය අද ඊයේ පහළ වූවක් නො ව, ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් පුරා දිව යන්නක් බව පැහැදිලි වෙයි.
ක්‍රිස්තු වර්ෂ පළමු ශත වර්ෂයේ දී ග්‍රීසියේ දී පළමු වරට ඖෂධ වර්ග කිරීමේ දී ද මේ අවදානම ගැන රතු එළි දල්වා තිබිණි. රෝගයට නියම කරන බෙහෙත් පැළෑටි වෙනුවට වෙනත් බෙහෙත් වරග මෙසේ භාවිත කර ඇත. දහ හත්වැනි ශතවර්ෂයේ දී මැලේරියා රෝගය සඳහා සිංකෝනා ශාකයට ඉහළ ඉල්ලුමක් පැවැති අතර, සිංකෝනා වෙනුවට ව්‍යාජ ශාක භාවිතයට යෙදවීම සමග මේ ඉල්ලුම පහ ව ගොස් ඇත. දහ නව වැනි ශතවර්ෂය මැද භාගය වන විට මහා බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්වීනීන්වලට (quinine මැලේරියාවට ප්‍රතිකර්මයක් ලෙස යොදාගන්නා ඖෂධයකි) සමාන තත්ත්වයෙන් බාල ඖෂධ සැරිසරන බව අවධාරණය කර තිබෙයි. වියනාවේ දී පෙනිසිලින්වලට සමාන තත්ත්වයෙන් බාල ඖෂධ රැසක් විකුණන වෙළෙන්දන් ගැන තොරතුරු එම යුගයේ දී හෙළි වී ඇත. කෙසේ නමුත් මේ සියල්ල ජාත්‍යන්තර වශයෙන් විශාල කතිකාවකට ලක් වූයේ මීට වසර කිහිපයකට පෙර ය.
ලැන්සට් වෛද්‍ය සඟරාව පෙන්වා දෙන අන්දමට තත්ත්වයෙන් බාල ඖෂධ සම්බන්ධව පරීක්ෂණ සිදු වීම හෝ ජනමාධ්‍ය ම`ගින් පෙන්වා දීම හෝ ප්‍රමාණවත් නැත. පශු වෛද්‍ය කටයුතු හා කෘමිනාශක ලෙස යොදාගන්නා ඖෂධ පවා මානව භාවිතයට පැමිණ ඇත. අයර්ලන්තයෙන් වාර්තා වන අන්දමට Oxfendazole නම් පශු වෛද්‍ය කටයුතු සඳහා භාවිත වන ඖෂධය තවත් පශු වෛද්‍ය ඖෂධ රැසක් සමග හොර රහසේ බටහිර ඖෂධ වෙළෙඳපොළේ සැරිසරමින් අපේ උගුර හරහා දේහයට ඇතුළු වෙයි. තත්ත්වයෙන් බාල පැරසිටමෝල් භාවිත කිරීම නිසාත්, කැස්ස සඳහා යොදාගන්නා සමහර සිරප් වර්ග පානය කිරීම නිසාත් කුඩා ළමයින් 500කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත.
මීට අමතරව එන්නත් කටු සම්බන්ධව ද යමක් සඳහන් කළ යුතු ය. භාවිත කරන ලද එන්නත් කටුවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් නැවත වරක් සෝදා ප්ලාස්ටික් ආවරණවල ඔතා ඉන්දියාව හරහා යළි වෙළෙඳපොළට පැමිණෙයි. මේ ආකාරයට තත්ත්වයෙන් බාල ඖෂධ වෙළෙඳපොළ පුරා තම අණසක පැතිරවීමට බලපාන ලද කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඉන්දියාව තුළ භාවිත වන ඖෂධවලින් සියයට 13-30ක් අතර ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. චීනය තුළ සිදු වූ රෝගී මරණවලින් 192000ක් මේ අඩු ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ නිසා සිදු ව ඇති අතර, එරට රජය මේ තත්ත්වය මත ඖෂධ කම්හල් 1300ක් පමණ වසා දැමීමට නියෝග කර ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 57කට ආසන්න ඖෂධ තොග මෙසේ භාවිත වූ බවට වාර්තා වෙයි. සමහර ඖෂධ වර්ග ගබඩා කර තබන ආකාරය ද ඖෂධයේ ගුණාත්මකභාවය හීන වීමට බලපා ඇත.
ඝර්ම කලාපීය දේශගුණය හමුවේ Tetracycline වැනි ප්‍රතිජීවක විෂ තත්ත්වයට පත් වීම නිදසුනකි. Chloramphenicol, Co-trimaxozole, Rifampicin, Tetracycline, Ampicillin, Amoxycillin වැනි සුලඛ ඖෂධ රැසක් බුරුමය, වියට්නාමය, කැමරුන් වැනි රටවල බාල තත්ත්වයෙන් යුතු ව අලෙවි වන බව වාර්තා වෙයි. Choroquine, Quinine, Sulpha pyrimethamine වැනි මැලේරියා මර්දන ඖෂධ ද මීට සුලබ ලෙස දායක වෙයි. මෙවැනි සමහර ඖෂධ පරීක්ෂා කිරීෙමි දී හෙළි වී ඇත්තේ මේවා තුළ කිසි ම ක්‍රියාකාරී ඖෂධ සංයෝගයක් අඩංගු නො වන බවයි. නයිජීරියාව තුළ මෙවැනි තත්ත්වයෙන් බාල බටහිර ඖෂධවලට එරෙහි ව දැවැන්ත අරගලයක් දියත් වන අතර එම`ගින් මෙවැනි ඖෂධ රැසක් හඳුනාගෙන විනාශ කර ඇත. ඝර්ම කලාපීය රටවල බහුල ලෙස භාවිත වන්නේ මැලේරියා නාශක ඖෂධ වන අතර ව්‍යාජ ඖෂධ වෙළෙඳපොළ පහසුවෙන් ම ගොදුරු කරගෙන ඇත්තේ මේ පරිසරය බව ලැන්සට් වාර්තා පෙන්වා දෙයි.
දකුණු ආසියාතික රටවල භාවිත මෙවැනි ඖෂධවලින් සියයට 38-35 අතර ප්‍රමාණයක් ද මෙයට අයත් වෙයි. සමහර වයිරස් රෝග සඳහා ඖෂධ ඉතා ඉහළ මිල ගණන් යටතේ පවතින බැවින්, තත්වයෙන් බාල මිලෙන් අඩු ප්‍රතිවයිරස් ඖෂධ, වෙළෙඳපොළට පැමිණිය හැකි ය. HIV කුරුලු උණ වයිරසය වැනි රෝගවලට එරෙහි ව පවතින ඖෂධ මෙසේ ගුණාත්මකභාවයෙන් අඩු වුව හොත් එය ප්‍රබල ගැටලුවකි. නවීන තාක්ෂණික උපායමාර්ග රැසක් දැනට මේ ව්‍යාජ ඖෂධ හඳුනාගැනීම සඳහා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. වර්ණාවලි, රසායන විද්‍යාත්මක, අධිකරණ විද්‍යාත්මක උපායන් මේ අතර ප්‍රධාන ය. මේ නවතම තොරතුරු අනාවරණයෙන් ඔස්සේ නිදා සිටින අය දැන් සිහිනයෙන් පිබිද ක්‍රියාත්මක විය යුතු ය.
අපේක්ෂිත ප්‍රතිඵල ලබා නො දෙන, තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ භාවිතය නිසා මැලේරියාව, නියුමෝනියාව, මොළයේ උණ, ටයිෆොයිඩ්, ක්ෂය රෝගය ආදිය යළි හිස එසවීමටත් එම රෝග නිසා ඇති වන මරණ සංඛ්‍යාව ඉහළ යැමටත් මඟපෑදී ඇති බව අප අමතක නො කළ යුතු ය. ඝර්ම කලාපීය රටවල සෞඛ්‍ය ක්ෂේත්රයේ වාර්තා සැකසීම් නිසි පිළිවෙළකට සිදු නො වන නිසා මේ සම්බන්ධව නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැත. තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ තුළ අන්තර්ගත විවිධ රසායන ද්‍රව්‍ය බොහෝ අතුරු ආබාධවලට මුල පුරයි. සාමාන්‍යයෙන් ඖෂධයක් තුළ නියමිත ක්‍රියාකාරී සංයෝගය පැවතිය යුත්තේ අදාළ මිලිග්‍රෑම් ගණනින් පමණි. එහි සුළු වශයෙන් හෝ වැඩි වීමක් වුව හොත් යහපත් ප්‍රතිඵල වෙනුවට මාරාන්තික ප්‍රතිඵල උදා වෙයි. ඇතැම් බටහිර ඖෂධ තුළ අවශ්‍ය කරන සංයෝගය වෙනුවට අනවශ්‍ය සංයෝග රැසක් ම පැවතීම නිසා ඒ එක් එක් සංයෝගයේ අතුරු ආබාධ සියල්ල ම රෝගියාට උරුම වෙයි. නිදසුනක් ලෙස Artesunate ඖෂධයේ තත්ත්වයෙන් බාල ආකාරවල Artimisinin, Chloramphenicol, Erythormycin, Paracetamol, Metronidazole සහ Metamizole යන සංයෝග සියල්ල අඩංගු ය. මෙමඟින් රෝගියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා මෙන්ම රෝගියා ද යන දෙදෙනා ම අන්දමන්ද වෙති.
කුඩා ළමයින්ට මැලේරියා රෝගයට ලබා දෙන Cයකදරදුමසබැ ඖෂධය තුළ ඇස්ප්‍රීන් අඩංගු වන අවස්ථා හෙළි වී ඇත. මේ නිසා කුඩා ළමයින්ට මේ ඖෂධ ලබා දීමෙන් බලාපොරොත්තු නො වන අතුරු ප්‍රතිඵල ලැබී ඇත. තත්ත්වයෙන් බාල ඨැබඒපහජසබ වර්ගයේ අක්ෂි ඖෂධ නිසා බලාපොරොත්තු නො වන ආකාරයේ අක්ෂි ආබාධ මතු වී ඇත. බාල වර්ගයේ ඖෂධ නිපදවීම රට රටවල ආර්ථික යාන්ත්රණයන්ට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත. දැනට අනාවරණය කරගෙන ඇති පරිදි තත්ත්වයෙන් බාල ඖෂධ අලෙවියෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 35-44ක් අතර ආදායමක් ලැබෙන අතර, මේ ඖෂධ භාවිතයේ ප්‍රතිඵල නිසා රෝගීන් ආසාධ්‍ය තත්ත්වයට පත් වීමත්, මිය යැමත් නිසා සෞඛ්‍ය ක්ෂෙත්රයට මීට වඩා විශාල අලාභයක් සිදු වෙයි. රෝගීන් ගේ පවුල්වලට දැරීමට සිදු වන පිරිවැය ද ඉහළ යයි. තත්ත්වයෙන් බාල ඖෂධ මෙසේ වෙළෙඳපොළ පුරා අණසක පැතිරවීම සමඟ සැබෑ ඖෂධ කෙරෙහි පවතින විශ්වසනීයත්වය බිඳ වැටීම නොවැළැක්විය හැකි ය. මීට අමතර ව ජනතාව රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආදිය ද නො සලකා හරිනු ඇත.
මේ අතර නිසි පරිදි ක්‍රියාත්මක නො වන ව්‍යාජ ඖෂධ රෝගවලට එරෙහි ව සටන් කිරීමට යොදාගැනීම නිසා එම රෝගවලට එරෙහි ප්රතිරෝධයන් රෝග විසින් ම ගොඩනඟාගැනෙයි. ඉන් අනතුරු ව මේ ප්‍රතිරෝධීතාවන් පැතිර යැම සිදු වෙයි. මැලේරියාව, ක්ෂය රෝගය හා HIV සඳහා ප්‍රතිකාර සිදු කිරීමට තනි ඖෂධක් වෙනුවට ඖෂධ කිහිපයක් (Combination theraphy) යොදාගන්නා අවස්ථාවල දී මේ ප්‍රතිරෝධය ප්‍රබල ගැටලුවක් වෙයි. මේ ආකාරයට දැනට වෙළෙඳපොළේ පවතින බොහෝ ඖෂධවලට එරෙහි ව ප්‍රතිරෝධයක් ගොඩනැඟීම නිසා රෝගවලට එරෙහි ව සටන් කිරීම සඳහා අලුතින් ඖෂධ නිපදවීමට සිදු වී තිබෙයි. මේ අනුව තත්ත්වයෙන් බාල ඖෂධ බිහි වීම අවුල් වුණ නූල් බෝලයක් මෙන් සෞඛ්‍ය ක්ෂත්රය වියවුල් කර දමා ඇත. ව්‍යාජ ඖෂධ මෙල්ල කරන්නේ කෙසේ ද?
තත්ත්වයෙන් බාල, ව්‍යාජ ඖෂධ මෙල්ල කිරීම ඔබට හෝ මට තනි තනි ව කළ හැක්කක් නොවෙයි. එය ශ්‍රී ලංකාව වැනි තනි රටකට තනි ව කළ හැකි අරගලයක් ද නො වෙයි. මේ සඳහා විවිධ රටවල් අතර දැවැන්ත ඒකාබද්ධ ව්‍යාපාරයක් පැවතිය යුතු ය.
රට රටවල් අතර හා රාජ්‍යයන් තුළ මේ සම්බන්ධ ව ජනතාව දැනුවත් කළ යුතු ය. රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නො වන සංවිධාන, සෞඛ්‍ය බලධාරීන්, ඖෂධ කර්මාන්තශාලා හිමියන් හා සිවිල් සංවිධාන එකා මෙන් මේ ව්‍යායාමයට හවුල් විය යුතු ය. තනි ව සටන් වැදීමට වඩා එක් ව සටන් වැදීම සාර්ථක ය. ලෝක සෞඛ්‍ය සංවිධානය WHO) මේ සඳහා පෙරමඟ නායකත්වය ලබා දිය යුතු බව ලැන්සට් විද්‍යා සඟරාව පෙන්වා දෙයි. පසුගිය දා ඉතාලියේ රෝම නගරයේ මේ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ සැසිවාරයක් පැවැති අතර, මෙහි දී ජාත්‍යන්තර කාර්ය සාධක බළකායන් (International task force) පිහිටුවීමට යෝජනා විය. තත්ත්වයෙන් ඉහළ ඖෂධ නිපදවීමට ඖෂධ සඳහා මනා කළමනාකාරීත්වයකින් යුත් තත්ත්ව පාලනයක් ක්‍රියාත්මක විය යුතු ය. තත්ත්වයෙන් බාල ඖෂධවලට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම ද වඩා කාර්යක්ෂම විය යුතු ය. දැනට ඉන්දියාව වැනි රටවල මේ සඳහා වසර තුනකට නොවැඩි සිර ද`ඩුවමක් හා ඇමෙරිකානු ඩොලර් 108ක දඩයක් නියම වන අතර, මෙය නො ගිණිය හැකි තරම් ය. දැනට රෝගීන් මරණයට කැඳවන මෙවැනි ව්‍යාජ ඖෂධ නිපදවන්නන්ට මරණ ද`ඩුවම දිය යුතු බවට අදහසක් ඉන්දියාව තුළින් බිහි වි ඇත.
ව්‍යාජ ඖෂධ වෙළෙඳපොළට පැමිණීම සංවිධානාත්මක අපරාධ ජාලයක එක් හස්තයක් පමණක් වන බැවින් පොලිසිය හා රේගුව මේ සම්බන්ධව තම උකුසු ඇස යොමු කළ යුතු ය. ජාත්‍යන්තර පොලීසියේ සහාය මේ සඳහා නො පැකිළ ලබාගත යුතු ය. දේශපාලන බලපෑම්වලින් තොර ව ක්‍රියාත්මක වීමට නම් ඒ සඳහා නිදහස විවර කළ යුතු ය. ඖෂධ වර්ග නිපදවීමට අවසර ලබා දීම ද දැනට වඩා පුළුල් පිරික්සීමකින් අනතුරු ව සිදු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත යුතු ය. හෙරොයින්, කංසා, අබිං අත්අඩංගුවට ගැනීමට රේගුව හා පොලීසිය දරන වෑයම ව්‍යාජ ඖෂධ සම්බන්ධව ද ක්‍රියාත්මක විය යුතු ය. ජනමාධ්‍යයන් හරහා පෙන්වා දෙන පරිදි බොහෝ රටවල ජාතික ඖෂධ ප්‍රතිපත්ති ම`ගින් ආහාර හා ඖෂධ පාලනයක් සිදු වන නමුත්, මේවා බොහෝ විට ලියවිලිවලට පමණක් සීමා වී ඇත.
ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් නොමැත. ශ්‍රී ලංකාව තුළ ද තත්ත්වය මෙයට සමාන ය. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එකතැන පල් වෙයි. ඒ ගැන දැන් කථා බහක් ද නැත. තත්ත්වයෙන් ඉහළ ඖෂධ දවටන භාවිතය ද ව්‍යාජ ඖෂධවලට වැට බඳියි. මෙමඟින් අනුකරණ ඖෂධ නිපදවීම සීමා වෙයි. ඉහළ ප්‍රමිතියෙන් යුත් පැකට් නිපදවීම මේ ව්‍යාජ ඖෂධ නිපදවන්නන්ට පහසු නැත. ව්‍යාජ ඖෂධවලට එරෙහි ව සටන් වැදීමට අත්‍යවශ්‍ය සාධකය මහජනතාව දැනුවත් ව සිටීමයි. ශ්‍රී ලංකාව ද ඇතුළු බොහෝ දියුණු වෙමින් පවතින රටවල ජනතාව ගෙන් සියයට හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් මේ ගැන නොදැනුවත් ය. ජනමාධ්‍ය, අන්තර්ජාලය, පෝස්ටර් ව්‍යාපාර ආදිය යොදාගෙන මේ සඳහා ආරම්භයක් ලබාගත හැකි ය. මේ හරහා ඖෂධ මිල දී ගැනීමේ දී වරක් නො ව කිහිප වරක් ඖෂධ ඇසුරුම පරීක්ෂා කළ යුතු ය. සැම වසරක ම ලොව පුරා මිලියන 14ක පිරිසක් ආසාදන රෝගවලින් මිය යන අතර, මින් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ දියුණු වෙමින් පවතින රටවල ය. කෙසේ නමුත් මේ සඳහා භාවිත වන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල ඖෂධ වුව හොත්, ඉන් ඇති වන අහිතකර ප්‍රතිඵල විස්තර කළ යුතු නො වෙයි.
බටහිර ඖෂධ මාෆියාව තේරුම්ගෙන එයට විරුද්ධ ව සත්‍යවාදී ලෙස ක්‍රියාත්මක වීමට පෙළගැසිය යුතු ය. පුහු ආටෝප, සටන් පාඨ වෙනුවට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු ය. මිලෙන් අඩු ඖෂධ සංකල්පය වෙනුවට ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිල ගණන්වලට ලබාගැනීමට අවකාශ සැලසිය යුතු ය. එසේ නො වුණොත් මරණයේ සෙවණැලි අප අඩපණ කරනු ඇත.