facebook page

Powered by Blogger.

Blogger templates




ලෝ වාසී කිතුනු ජනතාව ඉමහත් අපේක්‍ෂාවෙන් බලා සිටින "පාස්‌කු මංගල්‍යය" උදාවී ඇත. කතෝලික සභාවේ ජන වන්දනා චක්‍රයට අනුව අති ශේ්‍රෂ්ඨ වූත්, උතුම් වූත් මංගල්‍යය ලෙසින් සැලකෙන්නේ පාස්‌කු මංගල්‍යයයි. දේව පුත්‍රයාණන් වන ඡේසුස්‌ සමිඳාණන් වහන්සේ මරණය පරාජය කර විරාජමානව උත්ථාන වූ දිනය "පාස්‌කුව" ලෙසින් එදා මෙදා තුර කිතුනුවෝ මහා ඉහළින් සමරති.

ඡේසු සමි¹ණන් වහන්සේගේ ජීවිතය කුරුසියේ මරණයට සීමා වූයේ නම් එම අමිල දහම අද දක්‌වා මේ ආකාරයෙන් පවතීද? කුරුසියේ මරණින් තුන්වැනිදා උත්ථාන වීම නමැති අසිරිමත් සිද්ධිය හේතුවෙනි, ලෝකාන්තිමය දක්‌වාම කිතු දහම සජීවීව පවතින්නේය.

උක්‌ත උත්ථානයේ අසිරිබර සිද්ධිය පිළිබඳව පාස්‌කු ඉරු දින දිව්‍ය පූජාවේ කියවීම් ත්‍රිත්වයෙන් තුන්වැන්න වන ශුද්ධවර ජොහාන්තුමාගේ සුවිශේෂ පාඨය මෙහිලා උපුටා දැක්‌වීම වැදගත් වේ යෑයි හඟිමි.

සතියේ පළමුවැනිදා හිමිදිරියේම අඳුර තිබියදී මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවාය. එබැවින් ඈ සීමොන් පේදුරු ද ඡේසුස්‌ වහන්සේ ප්‍රේම කළ අනික්‌ ශ්‍රාවකයා වෙතද දුව ගොස්‌ "ඔවුන් සමි¹ණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස්‌ තිබේ. ඔවුන් උන්වහන්සේ කොතැනක තැබුවාද කියා අපි නොදනිමු" යි කීවාය. එවිට පේදුරුද අනික්‌ ශ්‍රාවකයාද නික්‌ම විත් සොහොන් ගේ දෙසට ගියහ. දෙදෙනාම එක්‌ව දිව්වෝය. අනෙක්‌ ශ්‍රාවකයා පේදුරු පසුකර දුවගොස්‌ පළමුවෙන් සොහොන් ගෙට පැමිණ නැමී බලා සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටීය. එහෙත් ඔහු ඇතුළට නොගියේය.


 සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්‌ හණ රෙදි එහි තිබෙන බව දිටීය. එහෙත් ඔහු ඇතුළට ගොස්‌ හණ රෙදි එහි තිබෙන බවත් උන්වහන්සේගේ හිස ඔතා තිබූ රෙදිකඩ, හණ රෙදි සමග නොව වෙනම එක්‌ තැනෙක අකුලා තිබෙන බවත් දුටුවේය. "එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික්‌ ශ්‍රාවකයාද ඇතුළට ගොස්‌ දැක විශ්වාස කළේය. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වදාළ යුතු යෑයි ලියන ලද ශුද්ධ වූ ලියවිල්ල ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත. (ශුද්ධවර ජොහාන් 20(1-9)

ඡේසුස්‌ සමිඳාණන් වහන්සේ තමන් මළවුන්ගෙන් උත්ථාන වන බව කීප වතාවකදී සිය ශ්‍රාවකයන්ට කියා තිබුණි. එසේම ශු. ලියවිල්ලේ ලියා තිබුණි. එසේ වුවද ඔවුන් ඒ බව හරිහැටි තේරුම් ගෙන නොසිටි බව මෙයින් පැහැදිලි වේ. ඊට අමතරව එම සිද්ධියට අදාළ සාක්‍ෂි මුලදී දුටු සාක්‍ෂිකරුවන් ගැනද මෙයින් ගම්‍ය වෙයි.

උත්ථාන වූ ස්‌වාමීන් වහන්සේ තමන් ප්‍රේම කළ ශ්‍රාවකයන්ට දර්ශනය වූ අවස්‌ථා කීපයක්‌ද ශුද්ධ වූ ලියවිල්ල සඳහන් කරයි.

ශුද්ධ වූ මතෙව් තුමා සිය සුවිශේෂයේ සඳහන් කරන එක්‌ අවස්‌ථාවකි මේ.

එවිට ඔව්හු බයෙන්ද, මහත් ප්‍රීතියෙන්ද යුක්‌තව සොහොන් ගෙයින් වහාම නික්‌මගොස්‌, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූහ. එකල ඡේසුස්‌ වහන්සේ හදිසියේ ඔවුන්ට මුණගැසී "සෙත් වේවා·" යි වදාළ සේක. ඔවුහු ළංවී උන්වහන්සේගේ පා වැළඳගෙන උන්වහන්සේට පසඟ පිහිටුවා නමස්‌කාර කළහ. එවිට උන්වහන්සේ ඔවුන්ට කතා කොට "බිය නොවන්න, මාගේ සහෝදරයන් වෙතට ගොස්‌ ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැයි" වදාළ සේක.

(ශුද්ධවර මතෙව් 28(8-11) උත්ථාන වූ ඡේසුස්‌ වහන්සේ දර්ශනය වූ ඒ අවස්‌ථාවට පසුව තවත් සිද්ධියක්‌ ශුද්ධවර ජොහාන් සුවිශේෂක වරයාණන් මෙසේ සඳහන් කරයි.

එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියාය. ඈ මෙසේ හඬමින්ම සොහොන් ගෙය තුළට නැමී බැලුවාය. එවිට ඡේසුස්‌ වහන්සේගේ සිරුර තබා තිබූ ස්‌ථානයෙහි සුදු වස්‌ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනකු එක්‌ කෙනෙක්‌ හිස තැබූ තැනද තව කෙනෙක්‌ පාද ළඟද හිඳිනු දුටුවාය. එකල ඔවුහු ස්‌ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැයි ඇගෙන් ඇසූහ. "ඔවුන් මාගේ ස්‌වාමීන් වහන්සේ ගෙන ගොස්‌ කොතැන තැන්පත් කර ඇද්දැයි මා නොදන්නා නිසා" යෑයි ඈ පිළිතුරු දුන්නාය. මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී ඡේසුස්‌ වහන්සේ එහි සිටින බව දුටුවාය. එහෙත් ඒ ඡේසුස්‌ වහන්සේ බව ඈ නොදත්තීය. ස්‌ත්‍රිය ඔබ හඬන්නේ මන්ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැයි ඡේසුස්‌ වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වා යෑයි සිතා, "මහතාණනි, ඔබ උන්වහන්සේ ගෙන ගියා නම් උන්වහන්සේ කොතැනක තැන්පත් කළෙහි දැයි මට කිව මැනව. මම උන්වහන්සේ රැගෙන යමියි කීවාය. "ඡේසුස්‌ වහන්සේ, "මරියා"කියා ඇය ඇමතූ සේක. ඈ ද හැරී "රබ්බෝති" යි හේබ්‍රේව් බසින් පිළිවදන් දුන්නාය. එහි අර්ථය "ගුරු දේවයිනි යනුයි...." (ශුද්ධවර ජොහාන් 20(11-17)

ඡේසුස්‌ වහන්සේ උත්ථානයෙන් පසු මග්දලයේ මරියාට දර්ශනය වූ අවස්‌ථාව එසේ සඳහන් වෙයි.

ඡේසුස්‌ වහන්සේ උත්ථාන වීමෙන් පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ අවස්‌ථා කීපයක්‌ පමණක්‌ මෙහිලා ඇතුළත් කළෙමි. එම අවස්‌ථා කිහිපයකින්ම ශුද්ධ වූ ලියවිල්ල සඳහන්ව තිබූ උත්ථානය පිළිබඳ කරුණු තහවුරු වූ බව පැහැදිලිය.

මරණයේ අඳුර බිඳ දමා ජීවනයට එතෙර වූ ඡේසුස්‌ වහන්සේ අදහන ලෝවාසී කිතුනුවන්ට පාස්‌කුව ප්‍රීතියේ, සංහිඳියාවේ, සාමයේ මංගල්‍යයකි. එසේ වීම යුක්‌ති යුක්‌තයá සාධාරණයá මන්දයත් උන්වහන්සේගේ උත්ථානය හේතුවෙන් ලෝවාසීන්ට විමුක්‌තිය උදා වූයේය.

අද කළ යුතු වන්නේ, අපට උදා කර දුන් විමුක්‌තිය පාපයෙන් අඳුරු කර නොගෙන, ඡේසුස්‌ වහන්සේ දෙසූ දහම අසා, කියවා, එය පිළිගෙන ඒ අනුව අප ජීවිත ලස්‌සන කර ගැනීමයි. පාස්‌කු මංගල්‍යය තුළින් පාපයෙන් එතෙර වීමක්‌ සඳහා අදිටනක්‌ ගැනීම වැදගත් වන්නේය.

ඒ සඳහා අපට "චතාරිකය" නම් "ප්‍රසාදජනක කාල වකවානුවක්‌ ශුද්ධ වූ සභාව විසින් තිළිණ කර ඇත. එයින් නිසි ඵල ගත්තේ නම් අප ජීවිත තුළ සැබෑ පෙරළියක්‌ ඇති කර ගැනීමට පිළිවන.

ගැලවුම්කාර ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය තුළින් අපට උරුම කළ විමුක්‌තිය අප ජීවිත තුළ සරු ගන්වා ගැනීමට සක්‍රමේන්තු ජීවිතය වැදගත් වේ.

සැබෑ කිතුනුවකු වීමට වත් පිළිවෙත් තුළින්ම හැකි යෑයි සිතුවහොත් එය මුලාවක්‌ වන්නේය. මන්දයත් ජීවිතය ආදර්ශවත්ව, ක්‍රිස්‌තු ප්‍රතිපත්ති මූලික කරගෙන යැමටද පාස්‌කු සමය අපට වැදගත් වෙයි. පාස්‌කුව හුදෙක්‌ කා බී විනෝද වීමේ අවස්‌ථාවක්‌ පමණක්‌ නොවිය යුතුය. මෙම ප්‍රීතිමත් මංගල්‍යය සහෝදර දයාව, බෙදාහදා ගැනීම, අසල්වැසි ප්‍රේමය, අනුන්ගේ දුකට සංවේදී වීම, උඩඟුවෙන් මුළුමනින්ම මිදී, බැගෑපත්කමින් පිරුණු ජීවිතයක්‌ ගෙන යැම, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම වැනි දුර්ගුණවලින් මිදීම, අවංක සාධාරණ ජීවිතයකට උරුමකම් කීම යනාදියෙන් යුක්‌ත වූ ජීවිතයක්‌ සඳහා තිරසාර අඩිතාලමක්‌ යොදා ගැනීම කිතුනුවන් වන අපගේ යුතුකමය, වගකීමය.

පාස්‌කුවේ අසිරිය හරියාකාරව භුක්‌ති විඳීමට එවිට අපට හැකියාව ලැබෙනු නොඅනුමානය.

පාස්‌කුව ඡේසුස්‌ ස්‌වාමීන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයට දායක වීමට අපට ලැබෙන උතුම් අවස්‌ථාවකි. එම උතුම් අවස්‌ථාවෙන් නිසි ඵල ගැනීමට අපි තරයේ හිතට ගනිමු· පාස්‌කුවේදී ඒ සඳහා අපට ස්‌වාමීන් වහන්සේ දෙනු ලබන ආරාධනය පිළිගෙන, අර්ථවත් ජීවිත පරිවර්තනයක්‌ ඇති කරගෙන, එය ජීවිතය පුරාවට රැකගෙන ඉදිරියට ගෙන යැමට වෙර වෑයම් කරමු.· එවිට අප ජීවිතයට නවමු ආලෝකයක්‌, ප්‍රබෝධයක්‌, අලංකාරයක්‌ ලැබෙනු නොඅනුමානය.

සී. ආර්. ඩික්‌සන් ඇන්ටනි

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery