පළමු වැනි ෆ්‍රැන්සිස්
පාප් වහන්සේ බැහැ දැකීමට පැමිණි මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන සහ
පිලිප් කුමරු පාප් වහන්සේ වෙත ත්‍යාගයක් ලෙස විශාල හැම්පර් එකක් පරිත්‍යාග කරන්නට
වූහ.
රෝමයේ සංචාරයක නිතර වෙමින් මෙලෙස එළිසබෙත් මහ රැජින ෆ්‍රැන්සිස්
පාප් වහන්සේ බැහැදැකීමට පැමිණි අතර, පාප්වහන්සේගේ පදවි ප්‍රාප්තියෙන්
පසු එළිසබෙත් රැජින හමුවන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.
එළිසබෙත් රැජින හා පාප් වහන්සේ අතර සිදුවූ මෙම පෞද්ගලික හමුව
බ්‍රිතාන්‍යය සහ වතිකානුව අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කෙරෙන දීර්ඝ ක්‍රියාදාමයක
කොටසක් බව විදෙස් පුවත් සේවා පවසා සිටියි.
එංගලන්ත සභාව සහ රෝමානු කතෝලික සභාව අතර සබඳතා වර්ධනය කිරීමට
ගෙන ඇති පියවර සඳහා එංගලන්ත සභාවට නායකත්වය දෙන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සහයෝගය
හිමි වී ඇති බවද මෙහිදී සිදුවී ඇත.
මේ අතර, පාප් වහන්සේ බැහැ දැකීමට
පැමිණි රැජින හා පිලිප් කුමරු විසින් පාප් වහන්සේ වෙත විශාල හැම්පර් එකක් තෑගි ලෙස
ලබාදෙන ලදී. එහිදී, හැම්පර් එකෙහි වූ විශේෂත්වය පාප්
වහන්සේ වෙත පවසා සිටීමද පිලිප් කුමරු අමතක නොකළේය.
කෙසේ වෙතත්, පාප් වහන්සේ හමු වීමට පෙර
එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු වෙත ඉතාලි ජනපති ජිඔර්ජිඕ නැපොලිටානෝ විසින් දිවා
ආහාර වේලක් පිළිගන්වා ඇති බවද වාර්තා වෙයි.