facebook page

Powered by Blogger.

Blogger templates


සනත් අබේසේකරයන්ගේ 'සිරි දළදාගමනයචිත්‍රපටය හරහා සිනමා රංගනයට පිවිසි ප්‍රසාදි සමරකෝන් පිළිබඳව වර්තමානයේ බොහෝ රසික, රසිකාවියන්ගේ අවධානය යොමුව පවතී. සිනමා රංගනයට පිවිසීමට පෙර ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට සිය දායකත්වය ලබා දී ඇති ඇය සිය කුළුඳුල් රංගනය තුළින් අසීමිත ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත්ව ඇත. මේ නිසාම මෙවර කතාබහට අපි ඇයව සම්බන්ධ කරගත්තෙමු.
 
ප්‍රසාදි 'හේමමාලාකුමරිය වුණේ කොහොමද?

මගේ ගීත රූපරචනා,චිත්‍රපට නිෂ්පාදිකා සෝමා එදිරිසිංහ මහත්මිය නරඹලා තිබුණා. ඇය තමයි මට මේ චිත්‍රපටය සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළේ‍. ඇයගේ හඳුන්වාදීමක් මත තමයි චිත්‍රපට අධ්‍යක්ෂක සනත් අබේසේකර මහත්මයා මාව මේ චිත්‍රපටයට තෝරාගත්තේ. ''සිරි දළදාගමනයචිත්‍රපටයට මා සම්බන්ධ වුණේ චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කරන්න සතියකට දෙකකට පෙර. මොකද, මීට කලින් මේ චරිතයට කෙනෙක් තෝරගෙන තිබුණා. කුමක් හෝ ගැටලුවකට ඇය මේ චිත්‍රපටයෙන් ඉවත් වෙලා තිබුණ නිසා තමයි මාව තෝරා ගත්තේ.

'හේමමාලාකුමරිය ඔබගේ පළමු රංගනය. සාධාරණයක් කළා කියල හිතනවද එම චරිතයට?

'හේමමාලාකුමරියගේ චරිතය මගේ පළමු රංගනය නිසා අඩුපාඩු ඇති කියලා හිතනවා. නමුත්, 100% සාධාරණය කළේ නැති වුණත් මට හැකි පරිදි උපරිම දායකත්වය මේ චරිතයට මම දීල තියෙනවා කියල කියන්න පුළුවන්. චිත්‍රපටය මා නරඹද්දි මම රංගනයෙන් දායක වුණ සමහරක් දර්ශන මීට වඩා හොඳට කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියල හිතුණා. නමුත්, කුළුඳුල් රංගනය නිසා මම 'හේමමාලිකුමරියගේ චරිතයට යම් සාධාරණයක් කළා කියල හිතනවා
.
වෙනත් සිනමා චරිතයකට වඩා මෙවැනි ඵෛතිහාසික චරිතයක් නිරූපණය කරද්දි යම් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඔබටත් එවැනි කැප කිරීමක් කරන්න වුණාද?

මා කලින් සඳහන් කළාක් මෙන් මේ චරිතය සුවිශේෂි එකක්. ඒ වගේම ඓතිහාසික චරිතයක්. ලංකාවේ ජනතාව ගෞරවනීයව සලකන චරිතයක්. ඒ වගේම අපේ ‍බෞද්ධ ඉතිහාසය රැකගන්න උරදුන් කාන්තා චරිතයක්. මේ නිසාම මෙවැනි චරිතයක් කරද්දි ඒ චරිතය කරන්න පෙර ඒ ගැන දැනුමක් ලබාගන්න අවශ්‍යයි. මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනකොට මම 'හේමමාලාකුමරිය ගැන දැනගෙන හිටියේ පොතපතින් විතරයි. නමුත්, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හමුදුරුවෝ 'හේමමාලාකුමරිය මෙන්ම 'දන්තකුමාරයා පිළිබඳව අපි නොදන්න දේ කියලා දුන්නා. ඒ වගේම ඒ විස්තර ඇතුළත් පතපොත අපිට දුන්නා මේ චරිතවලට ඒවා තුළින් යම් දෙයක් උපුටා ගන්න කියලා.

'සිරි දළදාගමනයචිත්‍රපටයෙන් පස්සෙ ප්‍රසාදිගේ කලාකටයුතු කොහොමද?

ඇත්තටම, මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ රංගනය ගැන හැදෑරීමක් කරල නෙවෙයි. අනෙක් කාරණය තමයි මම වෘත්තීය මට්ටමින් කලාකටයුතු වලට එකතු වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් එයට දායක වෙනවා. ඊට අමතරව මා මීට පෙර සම්බන්ධ වුණා වගේම වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා වලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

බොහෝදෙනෙකු ඔබව අඳුනනවා. ඒ කියන්නේ ජනප්‍රිය චරිතයක් විදිහට ඔබව පිළිගන්නවා?

ජනප්‍රිය වෙන්න නම් කැමති නැහැ. ඒක කරදරයක්. සාමාන්‍ය ජීවිතේ මා මේ ගත කරන විදිහට සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න මම කැමතියි. ජනප්‍රියත්වය කියන දේ ඔළුවට අරගෙන අමුතු ආඩම්බරයක් ඇතිකරගන්න උවමනාවක්මට නැහැ. අ‍නික තමයි ජනප්‍රියත්වය කියන දේ අද තිබිලා හෙට නැතිවෙලා යන්නත් පුළුවන්.


ප්‍රසාදිගේ කතාබහ වගේම ස්වරූපය ගත්තොත් ටිකක් ආඩම්බර පාටයි. සැබෑ ජීවිතෙත් ඒ වගේද?

ටිකක් නම් ආඩම්බරයි. මොකද, ගෑනු ළමයෙක් වුණාම ටිකක් ආඩම්බර පාටට ඉන්න ඕන. නමුත්, මතුපිටින් එහෙම පෙනුණට මම ගොඩක් අහිංසක, මිත්‍රශීලී, කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම තමයි හැම කෙනෙක්ටම උදව් කරන්න කැමති කෙනෙක්. මම බෞද්ධ ආගම අදහන කෙනෙක්. බුදුදහමට ගොඩක් ගෞරව කරන ඒ ගැන වැඩියෙන් හිතන කෙනෙක්.


0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery