facebook page

Powered by Blogger.

Blogger templates



විනූ දැන් පුංචි තිරයෙන් රිදී තිරයටත් පා තබලා

ඔව් ඇහැ‍ලේ‍පොල කුමාරිහාමි චිත්‍රපටයේ පුස්සැල්‍ලේ කුමාරිහාමිගේ දියණියගේ චරිතය රඟපෑමට එකතු වුණා.


ටෙලි නාට්‍යවල දිගටම රැඳී ඉන්නවා නේද?


ඔව් ඔව් දිගටම ටෙලි නාට්‍යවල රඟපානවා. මගේ ටෙලි නාට්‍ය තුනක්ම විකාශය වන්නත් තියෙනවා. ඒ තමයි “සත්ගුණවත්ලා” “කීටයා 7” සහ “නිර්මායා” කියන ටෙලි නාට්‍ය. 


සාමාන්‍ය ජීවිතය ගැන කතා කළොත්?

මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි සාමාන්‍ය ජීවිතය වෙන්වෙලා තියෙන්නේ. මම දැනට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජනමාධ්‍ය කළමනාකරණය හදාරනවා.


පහුගිය කාලය පුරා විනූගේ සහෝදර කලාකරුවෝ කලාකාරියෝ රැසක්ම විවාහයට ඇතුළත් වුණා..


ඔව් මේ වසරේදී අපේ කලා ලොවේ කීප දෙනෙකුම විවාහ වුණා.


ඉදිරි මාසවලත් තව කීප දෙනෙකුටම මංගල සීනු හැඬවෙනවා...

ඔව්


ඔය ලැයිස්තුවට විනූගේ නම එකතු වන්නේ කී වෙනියටද?


(හිනැහී) මම හිතන්නේ මට ඔය ලැයිස්තුවේ බොහොම දුර අංකයක් තමයි හිමිවන්නේ. තව අවුරුදු දෙකතුනක් යනතුරු විවාහයක් ගැන හිතන්න මට අදහසක් නැහැ.


ඇයි ඒ ...?


මගෙ අධ්‍යාපන අවසන් වෙන්න 
අවු: 2 1/2 ක් වත් යයි. ඒ කටයුතුයි රඟපෑම් කටයුතුයි හිංදා මම ටිකක් කාර්යබහුල මට්ටමක තමයි ඉන්නේ. ඒ හින්දයි  විවාහය පමාවෙන්නේ. අම්මලාටත් තවම මම පුංචි දරුවෙක්. ඒ අයත් කැමති නැහැ මම දැන්ම බඳිනවාට.

පෙම්වතා විවාහය ගැන මොකද කියන්නේ?


ඒක ප්‍රේම සම්බන්ධයක් නමෛයි. විවාහ යෝජනාවක්. ඔහු ඉන්නේ විදේශයේ හින්දා අපි අතර තියෙන්නේ දුරස්ථ සම්බන්ධයක්.


ඒ කියන්නේ ඔබගේත් ඔහුගේත් විවාහය තවම ස්ථිර තීරණයකට එළැඹී නැහැ කියන එකද?


ඔව්, අපිට මුණ ගැහෙන්න වෙන්නෙත් ඔහු ලංකාවට ආවම. එයා නිතර එන්නෙත් නැහැනේ. 

දුරකථනයෙන් තමයි අපි කතා බහ කරන්නේ. ඉතින් මගේ මේ කාර්ය බහුලකම එක්ක මගෙ පැත්තෙන් විවාහය පමා කිරීම සිදුවනවානේ.

එතකොට ඔහුගේ තීරණය?


ඊළඟ වතාවට ආයෙම ලංකාවට ආවම අපි ඒ ගැන කතා කරලා තීරණයකට  එනවා.


වෙනත් විවාහ යෝජනාවන් ආවාද?


(හිනැහී) ඕනෑම ගෑනු ළමයෙකුට විවාහ යෝජනා එනවානේ. මේ යෝජනාව ආවට පස්සෙත් විවාහ යෝජනා කීපයක්ම ආවා. ඒත් මේ යෝජනාව නිසා ඒ හැම එකක්ම ප්‍රතික්‍ෂේප කළා.


මේ යෝජනාව තුළ තිබූ විශේෂත්වය?

ඔහු ගැන මගේ හිතේ යම් පැහැදීමක් ඇති වුණා. ඒක තමයි විශේෂත්වය.


එහෙනම් මේ යෝජනාව ස්ථිර නිගමනයකට නොපැමිණියහොත් දුකක් ඇතිවේවි..........


අපිට යම් යම් අය ගන පැහැදීම් අති වෙනවා. සම්බන්ධතා ගොඩ නැගෙන්නේ බැඳීම් ඇතිවන්නේ ඒ තුළිනුයි. ඒ වුණත් ඒ විදියට හිතේ ඇතිවන පැහැදීම් විවාහය දක්වා දුරට යන්නත් පුළුවන්. එතැනින් මෙහා නතර වන්නත් පුළුවනි.


මේ ඇති වූ පැහැදීම විවාහය දක්වාම දුර යනවටද විනූ කැමති...?


මට ඒක හරියටම කියන්න බැහැ. මොකද මේක විවාහ යෝජනාවක්. ඒ යෝජනා ස්ථිරත්වය තුළින් විවාහයක් දක්වා යන්නත් පුළුවනි. එහෙම නොවී තියෙන්නත් පුළුවනි. ඒ කොහොම වුණත් මගෙ පැත්තෙන් මට කියන්න තියෙන්නේ මගෙ මේ කාර්ය බහුල බව නිසා දැන්ම විවාහයක් ගැන හිතන්නෙ නැති බව සහ මගෙ දෙමව්පියෝ දැන් මම මාව විවාහ කර දෙන්න අදහසක් නැති බව තමයි. ඔහු මෙවර ලංකාවට ආවම අපි සෑම දෙයක් ගැනම ස්ථිර නිගමනයකට එළැඹෙනවා. ඊට පස්සේ ඒ ආරංචියත් හෙළි කරන්නම්.

ආරියවංශ කුලතිලක

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery