facebook page

Powered by Blogger.

Blogger templates



කියන්නෙ... අරමුණක් ඉලක්කයක් ඇතිව කලා ලෝකයට ආපු කෙනෙක් නෙමෙයි... දැන් ඉන්නෙත් එහෙමයි නේද ?


‘‘වැරදි චෝදනාවක්... මගේ ජීවිතයෙ හැම දවසකම හැම දෙයක් වෙනුවෙන්ම අරමුණක් ඉලක්කයක් තිබුණා. එහෙම නැතිව මම ඔහේ පාවෙලා යන කෙනෙක් නෙමෙයි. මම රඟපෑමට එක් වුණෙත් ඒ විදිහේ අරමුණකින්. රඟපාන්න එන්න කලින් මම නිරූපන ක්‍ෂේත‍්‍රයෙ හිටියෙ. එතන ඉද්දී තමයි රඟපෑමට
ඇති වුණේ. ඒත් මම කියන්නෙ නෑ අද වෙද්දී මගේ ඒ සියලූ අරමුණු ඉලක්ක මම සාර්ථක කරගෙන ඉන්නවා කියලා ඒ වගේම සතුටක් තියෙනවා, යම්තාක් දුරට හරි මගේ අරමුණු ඉලක්ක සාර්ථක වෙලා තියනවා කියලා’’
 
 
ඒත් මේ මුතු ළඟ ඒ එකමුතුකම නෑ. කිසිම කෙනෙක් එක්ක ළඟ ඇසුරක් නැහැලු ඒක ඇත්තද ?

‘‘ඇත්ත, මම කාත් එක්කවත් ළඟ ඇසුරක් නෑ තමයි.
ඕන කෙනෙක් එක්ක සුහදව ඉන්න මම දන්නවා. ළඟ ඇසුරු තියාගන්නවා කියලා. අදහස්වලින් ගැලපෙන්නෙ නැති අයත් එක්ක එකතුවෙලා ඒ තුළින් අනවශ්‍ය ප‍්‍රශ්න ඔළුවේ දාගන්න මම කැමති නෑ. මම දෙබඩි ජීවිත ගත කරන්න කැමති නෑ. මගේ ඒ විදිහ එදා ඉඳලම තියන දෙයක් ඒ නිසා ඒක චෝදනාවකට ලක් කිරීම ආසාධාරණයි කියලයි මට හිතෙන්නේ.’’
 
 
 
මුතුට දැන් ඕනවෙලා තියෙන්නෙ ගායිකාවක් විදිහට සංදර්ශන වේදිකාවල ගීත ගායනා කරන්නද ?

‘‘අනේ නෑ මට එහෙම චෝදනා කරන්න එපා. හැබැයි පුංචි කාලෙ ඉඳලම මගේ හිත ඇතුළෙ ලොකු හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ඒ නිසාම මම සංගීතයත් ඉගෙන ගත්තා. ඒත් දෛවය මාව ගායිකාවක් කරනවා වෙනුවට නිළියක් කළා. නිළියක් හරහා ගායිකාවක් වෙන්න අද මගේ උත්සාහයක් නෑ. අනෙක කිසිම වෙලාවක මාව ගායිකාවක් විදිහට හඳුන්වන්නත් එපා. මොකක්දෝ වාසනාවකට යම් තරමකින් ගීත ගායනා කරන්න පුළුවන් කට හඬක් මට තියෙන නිසා ඒ කටහඬින් ප‍්‍රයෝජනයක් ගන්නයි මම උත්සාහ කරන්නේ.’’ 
 
 මට හොඳ පෙම්වතෙක් ලබන්න වාසනාව ලැබුණත් විවාහ වෙන්න තාම හොඳ වෙලාව ඇවිත් නෑ.... හැබැයි තාමත් මට ඉන්නෙ එදා හිටපු පෙම්වතාම තමයි.. මගේ විවාහය සිද්ධවෙන්නෙත් එයා එක්කම තමයි. මම ජනප‍්‍රියත්වය ගැන හිතලා විවාහය කල්දාන කෙනෙක් නම් නෙමෙයි.’’
 
මුතු මාධ්‍ය තුළින් කතා බහට ලක්වෙන්න කැමති කෙනෙක්. ඒ නිසා තමයි පසුගිය කාලෙ ජගත් චමිලත් එක්ක කතාබහක් ඇති කරගන මාධ්‍ය තුළින් මතුවෙලා පෙනෙන්න හැදුවෙ.

‘‘ අනේ නෑ. මම ජගත් චමිල අයියත් එක්ක ප‍්‍රශ්නයක් ඇති කරගත්තෙ නෑ. මට සිද්ධවුන අහඹු සිදුවීමක් මාධ්‍යයට කිව්වා විතරයි. ඒකට අනවශ්‍ය ප‍්‍රචාරයක් ලැබිලා තිබුණා. මම කලා ලෝකයට ආවෙ ඒ තුළින් අනවශ්‍ය ජනප‍්‍රියත්වයක් ලබාගන්න අදහසින් නෙමෙයි. ඒ විදිහට ජනප‍්‍රියත්වයක් ලබන්න මේනියාවක් මට ඇත්තෙම නෑ.’’
 
මුතු කියන්නෙ අනුන්ගෙ ගීත තමන්ගෙ වගේ ගායනා කරන්න හදන කෙනෙක්ද ?.

‘‘....අනේ නෑ.. මම කාගෙවත් ගීත මගේ වගේ කරගන කතා කරන්නෙ නෑ. ගායනයට තියෙන ආශාව නිසා. මට ලෝභ හිතෙන කාගෙ හරි ගායිකාවකගෙ ගීතයක් ගායනා කරන්න පුංචි උත්සාහයක් කරන එක විතරයි මම කරන්නේ.’’

මුතු හොඳයි, හැබැයි ආඩම්බරයි.

‘‘බොරු බොරු .... කොහෙත්ම නෑ.

 
 


0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery