හැත්තෑහත් හැවිරිදි අර්නස්ටයින් ෂෙපර්ඩ් ලොව සිටිනා වයස්ගතම කායවර්ධන ක්‍රීඩකයින් අතරින් කෙනෙකි.
සෑමදාම උදයේ පාන්දර 2.30 ට අවදි වන ඇය දිනයේ වැඩකටයුතු සදහා අහර පිළියෙල කරන්නීය.හිරු උදාවුනු පසු ඇය සැතපුම් 10 ක් දුවන්නීය.ව්‍යායාම් කිරීම ඇයගේ විනෝදාංශයයි.කායවර්ධන කටයුතු වලට ඇයගේ ඇත්තේ දැඩි ඇල්මකි.
‘මම කායවර්ධන කටයුතු වලට යොමුවුනේ මගේ සොහොයුරිය නිසා.එතකොට මගේ වයස අවුරුදු 60 ක් වගේ ඇති‘ ඇය කියන්නීය.
කිසියම් දෙයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඇයට අනුව පිළිපැදිය යුතු කරුණු 3 කි.
‘පළමුවැන්න තමා කැපවීම,දෙවැන්න නොපසුබට උත්සාහය තෙවැන්න තමා විනය.මේ සියල්ල තමයි මට කායවර්ධන ක්‍රීඩාවෙන් මේ තරම් දුර එන්න උදවු වුනේ.මේවා ජීවිතයේ ඕනෑම අවස්ථාවක පිළිපදින්න පිළිවන් කරුණු 3 ක්‘ ඇය පවසන්නීය.
තරුණයෙකුගේ ශක්තියෙන් යුතු ඇයට ඉහින් බහින තරමේ රෝගයකුදු නැත.ඒයට හේතුව තමා පිළිපදින යහපත් ආහාර රටා හා සිරුරට ලබාදෙන ව්‍යායාමයන් බව ඇය කියන්නීය.
2010 වසරේදී ලොව වයස්ගතම කායවර්ධන කිී්‍රඩිකාවට හිමි ගිනස් වාර්තාවද තමන් සතුකරගැනීමට අර්නස්ටයින් සමත්ව තිඛෙ.
‘වයස කියන්නේ නිකම් අංක විතරයි.හිත තියෙනවනම් වයස මොකක් වුනත් ඕන දෙයක් කරන්න පිළිවන්‘ ඇය පවසන්නීය.