facebook page

Powered by Blogger.

Blogger templates


හෙද සේවයට බැඳෙන සංඛ්‍යාවේ අඩුවක්‌ ඇති නිසා හෙද හෙදියන්ගේ සේවා කාලය අවුරුදු 65 දක්‌වා වැඩි කිරීමේ යෝජනාවක්‌ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

තමන් ඉදිරිපත් කළ මෙම කැබිනට්‌ පත්‍රිකාවට බොහෝ දුරට අනුමැතිය ලැබෙනු ඇතැයි ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට කීවේය.

සාමාන්‍ය රජයේ සේවකයන්ගේ මෙන්ම හෙද හෙදියන්ගේද විශ්‍රාම වයස මේ වන විට අවුරුදු හැටකි. විශ්‍රාම යන වයසට පත්ව සිටින හෙදියන් මනා දැනුමකින් සහ පළපුරුද්දකින් යුක්‌තවන බැවින් කැමැති අයට වයස අවුරුදු හැටපහ දක්‌වා සේවයේ නිරත වීමට මෙම කැබිනට්‌ පත්‍රිකාව මගින් යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

මේ වනවිට හෙද හිඟයක්‌ පවතින බව කී ඇමැතිවරයා හෙදියන් දස දහසකගේ අවශ්‍යතාවක්‌ ඇතැයිද පුරප්පාඩු පමණක්‌ තුන්දහසක්‌ පවතින බවද කීවේය.

හෙදියන් බඳවා ගැනීම සඳහා ගැසට්‌ නිවේදන නිකුත් කළද බලාපොරොත්තුවන සංඛ්‍යාවක්‌ පුහුණුව සඳහා නොපැමිණෙන බව කී ඇමැතිවරයා පසුගිය සතියේද හෙදියන් 2500 කට පත්වීම් ලබාදීමට කටයුතු කළත් ඉන් 500 දෙනෙක්‌ පැමිණ නොසිටි බව කීය.

හෙද හිඟය නිසා දැනට ජාතික රෝහලේ සේවය කරන හෙදියන් හයසියයකට පමණ ස්‌ථාන මාරු ලබාගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි කී ඇමැතිවරයා මෙසේ ස්‌ථාන මාරු ලබාගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව සිටින හෙදියන් දෙදහසක්‌ පමණ දිවයින පුරා රෝහල්වල සිටින බවද කීය.

මෙම හේතූන් නිසා කැමැති හෙද හෙදියන්ට වයස අවුරුදු 65 දක්‌වා සේවය කර විශ්‍රාම යැමට අවස්‌ථාව සැලසෙන ලෙස මෙම කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා කීය.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery