ලොව පැරණිතම ශුක්‍රාණුව සොයා ගැනේ. ලෝක උරුමයක් ලෙස සැළකෙන ඕස්ටේ්රලියාවේ ෆොසිල භූමි ප්‍රදේශයක් ලෙස වෙන්කොට ඇති වයඹදිග ක්වීන්ස්ලන්තයේ රිවර්ස්ලෙයි ප්‍රදේශයේ භූමියක සංරක්ෂිත ෆොසිලයක්ව තිබී මෙය සොයාගෙන ඇත.
අඟුටුමිට්ටන් වැනි කුඩා මිනිසුන්ගේ වියහැකි බවට සැළකෙන මෙම ශුක්‍රාණුව වසර මිලියන 17ක් පැරණි බවට නිව්සවුත් වේල්ස්විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා, භූ විද්‍යා සහ පාරිසරික විද්‍යා අංශයේ මයික් ආර්චර් විසින් තහවුරු කර තිබේ.
වසර 35 පමණ කාලයක සිට එම ෆොසිල භූමියේ කැණීම් කටයුතු කරමින් පුරාවිද්‍යා කටයුතුවල නියැලෙන මයික් පවසන්නේ මෙසේයි.
‘ෆොසිලගතවූ ලොව පැරණිතම ශුක්‍රාණුව මෙයයි. මෙය පුදුමසහගත සොයාගැනීමක්. මොකද මෙවැන්නක් පොසිලගතව තිබීම අප කිසිදිනෙක බලාපොරොත්තු නොවූ දෙයක්. මෙම භූමියේ තිබී තවත් ෆොසිල් 1988ක් සොයාගත්තා. එ් සියල්ල පරීක්ෂණ සඳහා යුරෝපයට යැවීමට කටයුතු කරනවා.’