facebook page

Powered by Blogger.

Blogger templates


ලංකාව සම්බන්ධයෙන් තියෙන ආදරණීයම හැඟීම?

මගේ ආච්චියි, සීයයි පිළිබඳ මතකය තමයි.

ඉන්දියානු සම්භවයක් තිබීම නිසා ගොඩක්ම ආඩම්බර හිතුණේ?

හැම මොහොතකම ආඩම්බරයෙන් තමයි ඉන්නේ. නාන්කඩවල් ෆිල්ම් එකේ රංගනය වෙනුවෙන් ඉන්දියාවේදී සම්මාන ලබපු වෙලාවෙ නම් මට රට ගැන හුඟක් ආඩම්බර දැනුණා.

තාත්තගෙන් ගුටිකාපු දවසක්?


අපෝ... හොඳට මතකයි. අපේ වත්තේ තිබුණා මීමැසි පෙට්ටියක්. ඒකෙන් මීමැස්සො ඇතුළට එනවා එළියට යනවා. මට ඕන වුණා එයාලා මොකද කරන්නේ බලන්න. ඉතින් මම මීමැසි පෙට්ටිය ළඟට ගියා. මීමැස්සෙක් මගේ මූණ කාලා ඇස් හොඳටම ඉදිමුණා. එදා තාත්තට කේන්ති ගිහින් මට හොඳටම ගැහුවා. මී මැස්සා දෂ්ට කළාටත් වඩා රිදුණා තාත්තා ගහපු වෙලාවේ.

ගොඩක්ම දුක හිතිලා අඬපු දවසක්?

මගේ පූසි මැරිච්ච දවස. Chickles තමයි එයාගේ නම. එයා මැරුණට පස්සේ මම අඬලා මට සතියක් උණ හැදිලා හිටියා.

ජීවිතේ තනිකමක් දැනුණේ?

කවදාවත් නෑ. යාන්තම් ඇති හැමදාම මාත් එක්ක ගොඩක් අය ඉන්නවා. ඒ නිසා ඇත්තටම පාළුවක් දැනිලා නෑ.

ගොඩක්ම බය හිතුණේ?

අම්මෝ... වතුරට තමයි. මට වතුරට පනින්න කියලා ෆිල්ම්ස්වල තියෙනවානේ. ඒවට මම හරි බයයි. "කුස පබා", "අංජලිකා", "සුරඟන ජීවිතේ" කියන චිත්‍රපට තුනේම වතුරට පනින සීන් තිබුණා.

අමතක නොවනම සංචාරය?

මම හැමදාම වැඩකට එහෙ මෙහෙ ගියා මිසක් තවම සංචාරයකට කියලා කොහේවත් ගිහිල්ලා නෑ.

සල්ලි හොයන්න ගොඩක්ම දුක් වින්දේ?


මම අර චිත්‍රපටයක හිඟන්නගේ චරිතය රඟපාද්දි මට කිව්වා හිඟන්නියක් වගේ ගිහින් මිනිසුන්ගෙන් හිඟාකන්න කියලා. මං ඉතින් ඉරිච්ච ඇඳුම් ඇඳගෙන කළු මේකප් දාලා ගියා. එතකොට මට විනාඩි 10ක් විතර යද්දි ඉන්දියානු රුපියල් 32ක් විතර ලැබුණා. ඒක තමයි මුල්ම රස්සාව. කොහොමද වැඩ. විනාඩි 10ට රුපියල් 32ක් හෙව්වා.

සිනමා රංගන ශිල්පිනියක් බවට පත්වුණේ?

"උල්ලම් කේ කුමේ" කියන දෙමළ චිත්‍රපටයට තමයි ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ. මට තිබුණේ බර්ගර් ගර්ල් කෙනෙක්ගේ චරිතයක්.

ලංකාවේ රංගන ක්‍ෂේත්‍රයේදී මුණගැහුණ කිට්ටුම මිතුරන්?


නිරෝෂා පෙරේරා, රොෂාන් රණවන, උමාලි තිලකරත්න ඊට පස්සේ උපේක්‍ෂා ස්වර්ණමාලි. එච්චරයි.

Star dust කියලා මුලින්ම අහන්න ලැබුණේ?

ආ... මගේ අම්මයි තාත්තයි තමයි මුලින්ම මට  කිව්වේ.

එහෙම නෙවෙයි ආගන්තුක පිරිමි කෙනෙක්ගෙන් ඒ ප්‍රකාශය ඇහුවේ?

අයියෝ.... කියලා නම් තියෙනවා ඒත් කවුද කියලා හරියටම දන්නේ නෑ. එයාලා නම ලියන්නෙ නෑනේ. , සින්දු කෑලිත් ලියලා පූජා උමාශංකර්ට දෙන්න කියලා හොස්ටල් එකේ වොච්මෑන්ට දීලා යනවා. වොච් මෑන් මට දෙනවා. මට විතරක් නෙවෙයි. ගොඩක් ගර්ස්ලාට එහෙම යෝජනා කරනවා. ඒත් කවුද කියලා දැනගන්න ක්‍රමයක් නෑ. තවමත් මගේ ළඟ තියෙනවා එහම ආපු චිට් කෑලි. හරි ලස්සන කවි ලියලා තිබුණා. අහසේ තියෙන තරු ඔක්කොම කූඩු කරලා විසිරවපු දිලිසෙන  සුරංගනාවියක් වගේ කියලා එකක මට ලියලා තිබුණා.

ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න බැරි වුණා?


අපෝ.... අපේ අම්මා හිට්ලර් අම්මානේ.... දන්නැද්ද.... එහෙම වුණා නම් ගුටිකන්න වෙනවා.

ඉස්සෙල්ලම ලියුමක් ලිව්වේ?

ඉපදිලා මාසයක් වෙද්දි තාත්තා හිටියේ ඉන්දියාවේ. තාත්තාගේ උපන්දිනේ දවසෙ අම්මා මගේ අතේ ලිප්ස්ටික් ගාලා කොලයක අත තියලා ඒ කොළේම I Love You Thaththa. Happy Birthday කියලා ලියලා ලියුමක් දැම්මා. ඒක තමයි මම ඉස්සෙල්ලාම ලියපු ලියුම.

හුඟක්ම පිළිකුල්සහගත සිදුවීම?

මම දකින්නම අකමැතියි කවුරුහරි වැරැද්දක් කරනවා දැක දැක නිහඬව ඉන්න එක. දවසක් බස් එකක යද්දි නරක පිරිමි කෙනෙක් ගෑනු ළමයෙක්ගේ ඇඟට එන්න ආවා. වැඩිහිටි ගෑනු මිනිස්සු කවුරුවත් මොනවත් කිව්වේ නෑ. එදා මම ඒ මිනිහට බස් එකේ යන විදිය කියලා දුන්නේ හරිම කේන්තියෙන්. පස්සෙ එයා බස් එකෙන් බැස්සට පස්සේ මම බස් එකේ හිටපු හැමෝටම බැන්නා. වැරැදි දැක දැක නිකන් ඉන්න මිනිස්සු දකින එක මට හරි අප්පිරියයි.

රංගනය සඳහා ලැබුණු වටිනාම ඇගයීම?

මේ ළඟදී මට දෙරණ සිනමා සම්මානය ලැබුණනේ. ඒක මට කවදාවත් අමතකවෙන්නේ නැති දෙයක්.

අමතක නොවන රසික ප්‍රතිචාරය?

ෆෑන්ස්ලා කියන්නේ මගේ ෆැමිලි එක. එයාලා හැමෝම මගේ නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා. මම ජීවත්වෙන්නේ එයාලා එක්ක. ඒ නිසා ඔවුන්ගේ හැම ප්‍රතිචාරයක්ම මට සුවිශේෂියි.

ලැබුණු අමතක නොවන තිළිණය?

ම්...... මගේ ෆෑන්ස්ලා ගොඩක් හිතලා මහන්සිවෙලා වෙලාව වැය කරලා අතින් හදනවානේ නිර්මාණ. මගේ ළඟ එහෙම එවපු තෑගි ගොඩක් තියෙනවා. මට ඒවා ගොඩක් වටිනවා. කවදාවත් ඒ එකක්වත් මම කුණු ගොඩට දාලා නෑ.

හැදුණු නරකම කටකතාව?

ඒකට මේ දවස්වල නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඉන්නේ. ඒ නිසා කියන්න බෑ. තව ඉතිං මමයි රොෂානුයි යාළුයි කියලත් කිව්වනේ.

ෆීල්ඩ් එකෙන් ආපු දරාගන්නම බැරි කැපිල්ල?

ඒක ඉතිං මේ හැම තැනම තියෙන දෙයක්නේ. මටත් තියෙනවා. ඒ ගැන හිතන්නේ නැතිව අපේ වැඩේ හරියට කළා නම් හරි.

දැකපු දුකහිතෙනම හීනය?

අයියෝ..... හැමදාම දකින්නේ මම මැත්ස් එග්සෑම් ලියනවා. ඊට පස්සේ රිසාල්ට් එනවා. මම ෆේල්..... ඕක තමයි දකින්නේ.

පිරිසක් ඉදිරියේ රඟපාපු දවසේ ලැජ්ජාවට
පත් වුණේ?


මුලින්ම රඟපාපු දවසේ මට හරි ලැජ්ජයි. නිකන් අඬන්න ඕන. නිකන් හිනාවෙන්න ඕන..... අයියෝ..... මට බෑ කියලම හිතුණා.

හුඟක්ම කේන්ති ගියපු දවස?

අම්මෝ...... මට හරියට කේන්ති යනවා. මට තරහ ගියොත් ඉවරයි. එතකොට මම පූජා නෙවෙයි. වෙන ගර්ල් කෙනෙක්.

වාසනා සුරංගිකා විතානගේ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery