facebook page

Powered by Blogger.

Blogger templates




අනර්කලී කියන්නේ අපේ රටේ සෑහෙන ප්‍රසිද්ධ ඒ වගේම එක්තරා අන්දමකට ආන්දෝලාත්මක නමක්. මේ නමේ සම්භවය ඉන්දියානු නිසා ඉන්දියාවෙත් ගොඩක් ප්‍රසිද්ධයි. පාකිස්තානයෙත් ඒ වගේමයි. අනර්කලී කියනකොට අපේ රටේ අයට හිතේ මැවෙන රූපය සහ සිතුවිලි මොකක් වුණත් ඉන්දියාවේ හරි පාකිස්තානයේ හරි මේ නම කිව්වාම තරුණියන් අතර, ඇතිවන්නේ එක්තරා අන්දමක උන්මාදයක්. මේ සඳහන් කළ රටවල් දෙක වගේම දකුණු ආසියානු රටක් වුණු ශ්‍රී ලංකාවේත් මේ දවස්වල පැතිරිලා යන අලුත්ම විලාසිතා රැල්ල තමයි “අනර්කලී” කියලා කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් අනර්කලී කියලා කවුරුත් හඳුන්වන්නේ තරුණියන් අතර, අතිශය ජනප්‍රිය එක්තරා ගවුම් විලාසිතාවක්. නමින් නොදැනුවත්්ව මේ විලාසිතා ඕනෑ තරම් ඔබේ නෙතගැටිලත් ඇති.

මේ ඇඳුම කබායකින් සහ කලිසමකින් යුක්තයි. හරියට කිව්වොත් මේ කබාය කියන්නේ කුර්තාවකටයි. මේ කලිසම හඳුන්වන්නේ “චෝරිදාර්” නමින් පාදවලට තදින් සිරවන විදිහට තමයි මසා තිබෙන්නේ. කලිසමේ යටින් රැලි තිබෙනවා. කුර්තාව කුඩයක් වගේ රැලිවලින් සමන්විතයි. අනර්කලී කියන්නේ අතීතයේ සිටන්ම පැවතගෙන එන ඇඳුම් විලාසිතාවක්. ඉන්දියාවේ සිටි එක් මෝගල් අධිරාජයාගේ කාලයේ අනර්කලී කියලා නගරශෝභනියක් නළඟනක් ජීවත් වුණා. අනර්කලී මේ තරම් ප්‍රසිද්ධ වුණේ ඇය මෝගල් අධිරාජයාගේ පුතා සමග ආදරයෙන් බැඳී සිටි නිසයි. මේ බව ආරංචි වුණු අධිරාජයා අනර්කලීව මාලිගාවේ බිත්තියකට තියලා පණ පිටින් වැළලුවා. මේ නගර ශෝභනිය සැරසිලා සිටි ඇඳුම තමයි කාලයත් එක්ක වෙනස් වෙමින් වර්තමානය දක්වාම පැමිණියේ. ඇය සිහිවන්නට මේ ඇඳුම් අනර්කලී විදිහට හඳුන්වන්නට පටන් ගත්තා.


වර්තමානයේ අප දකින අනර්කලී ඇඳුම්වලට මනරම් එම්බ්‍රොයිඩර් ඇතුළුව තවත් බොහෝ මෝස්තර එක් කොට තිබෙනවා. විශේෂයෙන් ගෙල වටා ඇති කොටස් එම්බ්‍රොයිඩර් මෝස්තරය ඉතාමත් මනහරයි. ගවුම් කොටස එසේත් නැතිනම් කුර්තා කොටස කෙටි අත සහ සම්පූර්ණ අත වශයෙන් දෙයාකාරයකට ලබාගන්න පුළුවන්. ඉන්දියාවේ සහ පාකිස්තානයේ තරුණියන් සාද, උත්සව, විවාහ මංගල අවස්ථාවන් ආදිය සඳහා සහභාගි වන්නට අනර්කලී ඇඳුමින් සැරසී සිටිනු සුලබ දසුනක්.


අපේ රටේ මේ වන විටත් මේ ඇඳුම මිලදී ගත හැකියි. විවිධ මිල ගණන් යටතේ ඇති මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රුපියල් රු4000-50000 දක්වා වූ මිල ගණන් යටතේ ලබාගන්නට පුළුවන්. කොළඹ පිටකොටුවේ සුප්‍රකට ඇඳුම් වෙළෙඳසල්වලින් මෙන්ම අන්තර්ජාලය හරහාද අනර්කලී වර්ගයේ ඇඳුම් මිලදීගැනීමේ හැකියාව පවතිනවා.
 
නිරංජන් චාමින්ද කරුණාතිලක

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery