facebook page

Powered by Blogger.

Blogger templates


මාතර දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ඔහුගේ බාලවයස්කාර දියණියන් දෙදෙනා කිඹුලන් පිරි නිල්වලා ගඟට තල්ලු කර දමා පලාගොස් ඇති අතර යුද හමුදාවේ සහ තවත් පුද්ගලයන් පිරිසක් එකතු වී එම දරුවන් දෙදෙනා බේරාගෙන තිබේ.

ඊයේ (24) පෙරවරු 11.30ට පමණ මේ සිද්ධිය වී ඇත්තේ මාතර නිල්වලා ගඟ අසබඩ පිහිටි මහානාම පාලම ආසන්නයේදී බව පොලිසිය පවසයි.

වයස අවුරුදු දෙකක් සහ හතරක් වයසැති මේ දරු දෙදෙනාගේ දිවි බේරා ගැනීමෙන් අනතුරුව මාතර රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේ වෛද්‍යවරු හෙද හෙදියෝ එකතු වී දරු දෙදෙනාට කඩිනමින් ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලිසිය කියයි.
 මේ දරු දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය කියන තොරතුරු වලට අනුව ඔවුන්ගේ පියා චන්දන නමැති දික්වැල්ල ප්‍රදේශයේ සැලුන් එකක් පවත්වාගෙන යන අයෙකි.

වැඩිමහල් දියණිය චතුරිකා දීපානි වන අතර අනෙක් දියණිය කාවින්දි බව පැවසේ. දරුවන්ගේ පියා ඊයේ පෙරවරුවේ මවත් සමඟ අඬදබර කරගෙන දරු දෙදෙනාද රැගෙන නිවසින් පිටව ගොස් තිබේ. ඔහු එම පාලම අසලදී දරුවන් ගඟට දැමීමට උත්සාහ කරද්දී එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවක් එය දැක වහාම මැද්දට පැන වළක්වා අවවාද කර තිබේ. පසුව දරු දෙදෙනා පාලමේ එල්ලී සිටියදී පියා නැවතත් ඔවුන් දෙදෙනා ඔසවා ගඟට විසිකර පලායද්දී ඉහත කාන්තාවගේ කෑ ගැසීමෙන් එම ස්ථානයට පැමිණි හමුදා භටයන් කිහිප දෙනෙක් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු වී මහත් වෑයමකින් දරු දෙදෙනාගේ දිවි බේරාගෙන තිබේ. සැකකාර පියා සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

මාතර පොලිස් කාන්තා කාර්යාංශය දරුවන්ගෙන් ප්‍රශ්න කර තොරතුරු රැසක් ලබාගෙන ඇත. එම දරු දෙදෙනා සිද්ධියෙන් බියවී කම්පන තත්ත්වයකින් පසුවූ බවද දැනට එම තත්ත්වය බොහෝ දුරට සමනය වී ඇතැයිද පවසයි. මාතර ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ දරුවන්ගේ මාපියන් සොයා පරීක්ෂණ පවත්වයි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery