සිය කුලුඳුල් ගිතයෙන්ම සම්මානනීය ගායකයෙකු වීමට වරම් ලැබු මධුන් දිසානායක නම් වූ ඔහු නව පරපුරේ ගතානුගතික සම්ප්‍රදායෙන් මිදි උඩුගම් බලා යැමට උත්සහ දරන තරුවකි. අත්හදා බැලීම් තුළින් සංගීතයේ විවිධ මාන ඔස්සේ සිය නිර්මාණාත්මක හැකියාවන්ට නිර්මාණාත්මක වටිනාකමක් දීමට උත්සාහ දරන මධූන් ගේ 'විඳවන ප්‍රේමය' නම් වූ අලුත්ම ගීතය මේ දිනවල කතා බහකට ලක් වෙන තවත් නිර්මාණයක් බවට පත්ව ඇත.
ඔබ මොන ලේබලය යටතේ ඉන්න කෙනෙක් ද?
එහෙම එකක් නැහැ. මගේ ස්ටයිල් එක වෙස්ටර්න් ක්ලැසික්. පළමු ගීතය නිර්මාණය වුණෙත් ඔපෙරා ශෛලියකට. එකකට කොටු නොවී සියලුම ශෛලීන්වල එකතුවක් කරන්නයි මම කැමැතියි.
ඔබ පළමු ගීතයෙන්ම සම්මානයට පාත්‍ර වුණා?
ඔව්. ගිය ‘වසරේ දෙරණ මියුසික් ඇවෝඩ්ස්‘ වලදී හොඳම නැඟී එන ගායකයා සහ හොඳම රූප රචනය කියන අංශ යටතේ මගේ ගීතයට සම්මාන ලැබුණා.
නමුත් ඒ ගීතය ජනතාව අතරට ගියේ නැහැ?
ඔව් ගියේ නැහැ.මොකද ඒ මියුසික් ස්ටයිල් එක සහ විඩියෝ එකේ ආර්ට් එක අද මිනිස්සු හිතන් ඉන්න රටාවෙන් බැහැරවූ වෙනස්ම නිර්මාණයක්. නමුත් ඔය අතරේ ගීතය අහපු රසවිඳපු පිරිසකුත් හිටියා. යූ ටියුබ් දාපු වෙලේ මේ වීඩියෝ එක නරඹලා තිබුණේ නැති තරම්. නමුත් සම්මාන ලැබුණට පස්සේ මොකටද මේ සම්මානය හිමි වුණේ කියලා හොයන්න ගත්තා.
ජනතාව අතරට නොගිය ගීතයක් සම්මානයට පාත්‍ර වීම සාධාරණයිද?
සම්මානයක් ලැබීමේ සුදුසුකම ගැන කතා කරන්න මට බැහැ. නමුත් විනිශ්චය මණ්ඩලයක් හිටියා. ඔවුන් තමයි ජනප්‍රියම හා හොඳම නිර්මාණ තේරුවේ. ඒ අතරෙන් මට ලැබුණේ ජනප්‍රිය ලේබලය යටතේ තිබුණ සම්මානයක් නෙමෙයි. හොඳම ලේබලය යටතේ තිබුණු සම්මානයක්.
ඔබ ගායකයෙක් වෙන්නේ මෑතකදී?
ගිටාර් වාදකයෙක් සහ සංගීත අධ්යක්ෂ වරයෙක් විදිහටයි අවුරුදු පහක් මම ෆීල්ඩ් එකේ හිටියේ . නමුත් මට සින්දු කියන්න පුළුවන් නිසා ගායකයෙක් වුණා.
ඔබ ගායකයෙක් වුණේ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් කිව්වෝත්?
මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් තියෙනවා නමුත් මගේ ගීත වලින් සල්ලි හම්බ කරන්න වුවමනාවක් මට නැහැ. මියුසික් කියන්නේ මගේ වෘත්තිය නිසා මම භාර ගන්න වැඩවලින් මම සල්ලි හම්බ කරනවා.
ඔබේ ගීත රසවිඳින්න අපහසුයි ?
මෙහෙමයි. ගීතය කියන දේ අද මාර්කට් වෙලයි තියෙන්නේ. අද තියෙන්නේ සල්ලි දීලා තමන්ගේ ගීත ප්‍රචාරය කර ගන්න රටාවක්. ඉතින් හරියට නිර්මාණකරණයේ යෙදෙන කෙනා තමන්ගේ නිර්මාණයට ලොකු කැප කිරිමක් සහ වියදමක් දරනවා. ඒ වගේ ලොකු කැප කිරීමක් කරලා හදන මේ නිර්මාණ සල්ලි දීලා ප්ලේ කරගන්න මට වුවමනාවක් නැහැ. දැන් තියෙන පැකේජ් ක්‍රමය යටතේ බලෙන් මිනිස්සුන්ට අහන්න සලස්වපුවාම මේක තමයි මියුසික්, මේවා තමයි විඩියෝස් කියලයි මිනිස්සු හිතන්නේ අද වෙද්දි සමහර මාධ්‍ය සහ යම් පිරිසක් විසින් ඔය විදිහට මිනිසුන්ගේ ඔළු දැන් හදලයි තියෙන්නේ. හැබැයි ඉතින් මිනිස්සු වැරදි නැහැ.
වීඩියෝස් වලටත් ඒ චෝදනාවම තියෙනවා?
නිර්මාණයකදී ඒක රස විඳලා විතරක් අතාරින්නේ නැතුව රස විඳලා ඉවර වුණාම මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කරන්නයි මම උත්සහ ගන්නේ. මගේ නිර්මාණකරණයේ අනන්‍යතාව එතැනයි.
ඔබේ නිර්මාණ එකම රාමුවකට කොටු වුණු බවක් පෙනෙනවා?
ඒක පිළිගන්න අමාරුයිනේ. .. මගේ පළමු ගිතයම මම කරන්නේ ශෛලීන් දෙකක් යොදා ගෙන විෂුවල්ස් වුණත් එකිනෙකට වෙනස්.
'විඳවන ප්‍රේමය' ඔබේම අත් දැකීමක් ද?
මේක රුසිරු පන්නිලගේ ගේ කන්සෙප්ට් එකකට අනුවයි නිර්මාණය වුණේ. එයාගේ සංකල්පය ගැන කිව්වහම කලණ ගිහන්ත ඒකට පද පේළි ගළපලා ගීතයක් බවට පරිවර්නය කළා. ඔහු ගේ අත්දැකීම් කොටසකුත් මේ පද පේළි අතරට එකතු වි තිබෙනවා. මේකේ එක වචනයක්වත් විෂුවල් එකක්වත් පිටින් ගෙනත් බස්සපුවා එහෙම නෙමෙයි. සාමාන්‍ය සමාජයේ අපි එදිනෙදා දකින සහ අත්විඳින දේවල් වලට අපි පොඩි ආර්ට් එකක් එකතු කරලා සිම්බල්සුත් එක්ක නිර්මාණය කරලා තියෙනවා.
ඔබේ සමකාලිනයන් හා බැලුවොත් ඔබ ඉබ් ගමනක යෙදෙන කෙනෙක්?
ඔව්. මිනිස්සු අතරට යන්න කියලා රැල්ලට සින්දු කියන්න, රිංගින් ටෝන්ස් වලට හෝ පැකේජ් වලට සින්දු කරලා ජනප්‍රිය වෙන්න මම කැමැති නැහැ. නිර්මාණයකට නිර්මාණාත්මක වටිනාකමක් දෙන්නයි මට ඕනේ.
අත්හදා බැලිම්වලට කැමැතියි නේද?
ඔව්. මගේ පළමු ගීතයත් පොඩි අත්හදා බැලිමක් තමයි.
පර්යේෂණාත්මක ගීත කිරීමේ අරමුණ?
පර්යේෂණයක්ම නෙමෙයි පර්යේෂණයක කොටසක් තමයි එකතු වෙලා තියෙන්නේ මියුසික් පැත්තෙන් ගත්තොත් අපේ කන 'පිච් කරෙක්ටර්' එකක් කියලා ලෝකේ හොයා ගෙන තියෙනවා. ලංකාවේ මම තමයි ඒක මුලින්ම අත්හදා බැලුවේ.
ඊළඟ නිර්මාණය ගැනත් කියමු?
'බෙස්ට් ෆ්‍රෙන්ඩ්' කියන චිත්‍රපටයට සංගිත අධ්‍යක්ෂණයෙන් එකතු වෙනවා.
ස්වරූපය වෙනස් කර ගත්තේ ජනප්‍රිය වෙන්න යොදපු උපක්‍රමයක් ලෙසද?
අපෝ නැහැ. මේ මගේ හැටිම තමයි. සින්දු කියපු නැති කාලේත් මම හිටියේ මේ විදිහටම තමයි. මා එක්ක ඉන්න අය ඒ ගැන දන්නවා. ෆැෂන් වලට කැමැති වුණත් වෙනස් වෙන්න වුවමනාවක් නම් නැහැ. ප්‍රිය මනාප විදිහට ඉන්න තියෙනවානම් ඇති.