facebook page

Powered by Blogger.

Blogger templates


නව පරපුරේ ජනප්‍රිය නිළියක ලෙස ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගත් ඇය නමින් භාග්‍යා හෙට්ටිආරච්චියි. භාග්‍යා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ පෙම්වතිය බව මේ වන විට කාටත් රහසක් නොවෙයි.

01. ඔබට මතෛක් කල් නොලැබුණු එහෙත් ලැබුණා නම් හොඳයි යැයි සිතන පිරිමියා කවුද?
පෞද්ගලික ජීවිතේ එහෙම ලබා ගන්න ඕනෙයි කියලා හිතන පිරිමියෙක් නම් නැහැ. නමුත් රිතික් රොෂාන් කියන නළුවට නම් හරිම කැමතියි. ඔහුගේ රඟපෑම් දිහා බලා ඉන්න හරිම කැමැතියි. ඔහුගේ රඟපෑම් දිහා බලා ඉන්න හරිම ආසයි. ඒ ආකාර්ෂණය වෙනත් කිසිම නළුවෙකුට නැහැ.

02. සැබෑ වෙනවා නම් ඔබ වඩාත්ම කැමැති සිහිනය කුමක්ද?
මම කැමැතියි හොඳම නිළිය සම්මානය මට ලැබෙනවා කියන සිහිනය සැබෑ වෙනවා නම්.

03. ජීවිතයේ පසුපසට ගොස් එක් දෙයක් වෙනස් කර ගැනීමට ලැබෙනවා නම් ඔබ කැමැති කුමක් වෙනස් කර ගන්නද?
 එහෙම  වෙනස් කරගන්න හැකි නම් මම කැමැති කලාව අතින් මීටත් වඩා දියුණු රටක ඉපදෙන්නයි.

04. ඔබ මතෛක් මිලදී නොගත් ගැනීමට කැමැත්තෙන්ම සිටින භාණ්ඩය කුමක්ද?
 සුරත‍ලේට ඇති කරන්න ලැබ්රෙටෝ වර්ගයේ බලු පැටියෙක් ගන්න කැමැත්තෙන් ඉන්නවා.

05. ඔබට මේ රටේ විධායක ජනාධිපති ධුරය දුන්නොත් ඔබ මුලින්ම කැමැති කුමක් වෙනස් කරන්නද?
මට දේශපාලනය සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් කැමැත්තක් නැහැ. ඒ නිසා මට මේ රටේ විධායක ජනාධිපති ධුරය දුන්නොත් මම ඒක එපා කියනවා.

06. ඔබ ජීවිතයේ දකින්නට අකමැතිම පිරිමියා කවුද?
 එක් කෙනෙක් කියලා  නම් කරන්න අමාරුයි. එහෙත් බොරු කියන රවට්ටන ඒ වගේම නරක වැඩ කරන අය මම දකින්නට අකමැතියි.

07. ඔබ ජීවිතයේ මුහුණ දුන් අකමැතිම සිදුවීම කුමක්ද?
මේ සිද්ධිය වුණේ පාසල් යන කාලයේදීයි.  ඒ දවස්වල එක පිරිමි ළමයෙක් මාත් එක්ක යාළු වෙන්න මගේ පස්සෙන් ආවා. මම ඒ ළමයාගේ මුහුණ වත් බලලා නැහැ. කොච්චර කිව්වත් වැඩක් වුණේ නැහැ. අන්තිමේ අපේ ගෙදර අයට ‍පොලීසි යන්නත් වුණා මේ විදිහට මේ පිරිමි ළමයාගේ පස්සෙන් එන එක නවත්වන්න.

08. ඇස් දෙකෙන් ඔබ දුටුව අප්‍රසන්නම සිදුවීම කුමක්ද?
මං ‍පොඩි කා‍ලේ ඉඳන්ම කූඩැල්ලන්ට හරිම බයයි. එක දවසක් අපේ රූගත කිරීම් තිබුණ පළාතේ කූඩැල්ලන් හරියට හිටියා. රූගත කිරීම් අතර තුරේදී මගේ ඇඟේ කූඩැල්ලෙක් එල්ලිලා. බොහොම අමාරුවෙන් තමයි කූඩැල්ලව ගලවා ගත්තේ. ඒ සිදුවීම මතක් කරනකොටත් හරිම අප්‍රසන්නයි.

09. ඔබේ ජීවිතයේ ගැනීමට සිදුවූ අකමැතිම තීරණය කුමක්ද?
 මේ දක්වා මා අරගෙන තිබෙන තීරණ හැම එකක්ම අරගෙන තිබෙන්නේ ගොඩක් දුරට හිතා බලලයි. ඒ නිසා මේ වන තුරු අකමැත්තෙන් කිසිම තීරණයක් අරගෙන නැහැ.

10. ඔබ අකමැතිම මේ රටේ රාජ්‍ය පාලකයා කවුද?
 මම දේශපාලනයට කැමැති නැති නිසා කිසිම කෙනෙකුට කැමැති නැහැ.

- රුක්ෂලා

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery