facebook page

Powered by Blogger.

Blogger templates




  • ඉතින් භාග්‍යා කොහොමද අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ ගොඩක් හොඳින් ගෙවීගෙන යනවා. නමුත්, තනිකඩව සිටි කාලයට වඩා දැන් ටිකක් බැරෑරුම්ව මගේ ජීවිතේ ගැන හිතන්න වෙලා තියෙනවා. මොකද මම දැන් විවාහක තරුණියක් හින්දා. වෙනදා කලා කටයුතුවලට වැඩි තැනක් දීපු මට අද මගේ පවුල් ජීවිතයටත් ඒ හා සමාන කාලයක් වෙන්කරන්න සිදුවෙලා තියෙනවා. 
  • කෞෂාල් කියන්නේ කාර්ය බහුල කෙනෙක්?

ඇත්තටම, අපි දෙන්නගේ ආදර සම්බන්ධය ආරම්භ වුණේ මීට අවුරුදු 2 ½කට පෙර. එතකොට කෞෂාල් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කරගෙන හිටිය මුල් කාලය. මේ වසර 2 1/2 තුළ මට ඔහුව හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වුණා. කෞෂාල් විතරක් නෙවෙයි මමත් සමහර අවස්ථාවල කාර්යබහුල වෙනවා. ඒ අවස්ථාවල අපි දෙන්නා අපි දෙන්නා ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. දේශීය, විදේශීය ක්‍රිකට් සංචාරවලට සම්බන්ධ වෙනකොට ඔහුට සමහරක් අවස්ථාවලදී ගෙදර වගකීම් ඉටුකරන්න අතපසු වෙනවා. නමුත්, අපි එකිනෙකා ගැන තියෙන හොඳ අවබෝධය නිසා ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.
  • පාකිස්තානු හා බංග්ලාදේශ ක්‍රිකට් සංචාර නිම වූ පසුව කෞෂාල් හා ඔබ අතර ආදර සම්බන්ධයක් පවතින බවට මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා. නමුත්, හිටි හැටියේම ඔබ දෙදෙනා විවාහ දිවියට එකතු වෙනවා. මේක කලින් සැලසුම් කළ විවාහයක්ද?

ඇත්තටම, අපි ආදරය කරන්න පටන් අරගෙන වසර කිහිපයක් ගෙවුණත්, විවාහ වෙනවා කියන අදහස ඇතිවුණාම තමයි අපේ ආදර සම්බන්ධය මාධ්‍යයට කිව්වේ. එතකොට අපි විවාහයත් සැලසුම් කරලා ඉවරයි. අපි පෙම්වතුන් කිව්වට පස්සෙ බොහෝදෙනෙක් අපෙන් විමසුවා දැන් විවාහ වෙන්නේ කවදද කියලා. ඉතින් අපි විවාහයත් ඒ වෙනකොට සැලසුම් කරලා තිබුණ නිසා මේ දේවල් හැමදෙයක්ම ඉක්මනින් සිදුවුණා.


  • ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් කිව්වාම ලොකු පිළිගැනීමක් තියෙනවා නේද?

මට කෞෂාල් හමුවෙනකොට මම දැනගෙන හිටියෙ නැහැ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. ඉස්සර නම් මම ක්‍රිකට් තරග බලන්න කැමති කෙනෙක් නෙවෙයි. බලන අයටත් මම බනිනවා කාලෙ කන වැඩක් කියලා. අකලංක ගනේගම මගේ හොඳ මිතුරෙක්. ඔහු හරහා තමයි කෞෂාල් මට යෝජනාවක් කරලා තිබුණේ.  නමුත්, මම කෙලින්ම ඔහුට කැමැත්ත දුන්නේ නැහැ. අපි ටික කාලයක් මිතුරන් වගේ ඇසුරු කළා. ඒ කාලයේදී තේරුම් ගියා ඔහු හොඳ අවංක පුද්ගලයෙක් කියලා. එතැනින් තමයි මට කෞෂාල් ගැන ආදරයක් ඇති වුණේ. අද හිතෙනවා කෞෂාල් වෙනුවෙන් මම ගත්ත තීරණය සියයට සියයක් නිවැරදියි කියලා. 
  • කෞෂාල් ළඟ මොනවද තියෙන හොඳ සහ නරක ගතිගුණ?

එයාට හොඳ ගතිගුණවලට වඩා ගොඩක්ම තියෙන්නේ නරක ගතිගුණ. එයා හරියට අනෙක් පුද්ගලයන් ගැන ලොකුවට විශ්වාස කරනවා. ඔවුන්ට උදව් උපකාර කරනවා. නමුත්, එම පුද්ගලයන්ම සමහරක් අවස්ථාවලදී කෞෂාල්ට හරහට ඉන්නවා. ඔහුට අවංක උණුවෙන හදවතක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් කෞෂාල් හැම කෙනාටම එක වගේ සලකනවා. ඔහුට ජීවිත කාලයටම හම්බ වුණ යාළුවත්, අද ඊයෙ හම්බ වුණ යාළුවත් වෙනසක් නැහැ. ඒ හැමකෙනාම විශ්වාස කරනවා. උදව් කරනවා. පවුලේ අය ගත්තොත් මටත් වඩා කෞෂාල් වැඩිපුර ගෙදර අය ගැන හිතනවා. ඒ වගේම තමයි කෞෂාල් මට දක්වන ආදරය සෙනෙහස කිසිම මොහොතක අඩු කරන්නේ නැහැ. 



  • ඔබ නිළියක්, කෞෂාල් ඔබ ඉදිරියටත් රඟපානවාට කැමතිද?

ඇත්තටම, කෞෂාල් මට තවමත් මගේ රංගනයට පැත්තට කිසිම තහංචියක් දාලා නැහැ. ඉදිරියටත් එසේම වේවි කියලා හිතනවා. මම නිළියක් නොවී වෙනත් රැකියාවක නිරත වුණත් කෞෂාල් කිසිම අවස්ථාවක මට බලපෑමක් කරයි කියල මම හිතන්නේ නැහැ. මම මුලින් කිවාක් මෙන් අපි දෙන්නා ගැන අපි දෙන්නා හොඳ අවබෝධයකින්, වැටහීමකින් ඉන්නවා. දැන් වුණත් කෞෂාල් තමයි මාව ටෙලි නාට්‍ය රූපගත කිරීම්වලට එක්කගෙන යන්නේ. ඔහු මා රංගනයෙන් දායක වෙන හැම ටෙලි නාට්‍යයක්ම නරඹනවා. ක්‍රිකට් තරග සඳහා විදේශගත වෙලා හිටියත් ඔහු අනිවාර්යෙන්ම ඉඩ ලැබෙන වෙලාවකදී මගේ ටෙලි නාට්‍ය අන්තර්ජාලයෙන් බලනවා. 
  • විවාහයෙන් පස්සෙ ජනප්‍රියත්වය අඩු වේවි කියලා භාග්‍යාට හිතෙන්නේ නැද්ද?

ජනප්‍රියත්වය කියන දේ පස්සෙ මම එදත් අදත් යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ජනප්‍රියත්වය අඩු ‍වැඩි වෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මේ ජනප්‍රියත්වය හැම කෙනා අතරම අද තිබිලා හෙට නැතිවෙන්න පුළුවන්. ඒ ගැන ලොකු ප්‍රශ්න මට නැහැ. 


Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery