facebook page

Powered by Blogger.

Blogger templates


බොලිවුඩයේ මහා නළු අමිතාබ් භච්චන් අවතාරයක් ලෙස රඟපෑ ‘භූත්නාත්’ 2008 වසරේ දී ලොව පුරා ප්‍රදර්ශනය වූයේ හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමිනි. විවේක් ෂර්මාගේ අධ්‍යක්ෂණයක් වූ එහි බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් හා ජූහි චව්ලා ද රඟපෑහ.

දැන් එම චිත්‍රපටයේ දෙවැනි කොටස විවේක් ෂර්මා ගේම අධ්‍යක්ෂණයක් ලෙස ‘භුත්නාත් රිටර්න්ස්’ යන නමින් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. මෙතෙක් එම චිත්‍රපටය උපයා ඇති ආදායම් වාර්තා අනුව එය ‘අර්ධ සුපර් හිට්’ චිත්‍රපටයක් ලෙස ද හැඳින්වෙමින් තිබේ.

අමිතාබ් භච්චන් ප්‍රධාන චරිත රඟන ‘භුත්නාත් රිටර්න්ස්’ චිත්‍රපටයේ ඔහු සමඟ පර්ත් බලෙරැඕ නමැති ළමා නළුවා ද, බෝමන් අයිරානි ද අනෙකුත් ප්‍රධාන චරිත රඟති. මෙහි දර්ශන කිහිපයකට සුපිරි නළු ෂාරුක් ඛාන් සමඟ රන්බීර් කපූර් ද එක්ව සිටීම විශේෂයකි. භුත්නාත් හෙවත් කෛලාශ නාත් නමැති අවතාරයට භූත ලෝකයේ දී විරෝධතා එල්ල වන්නේ ඔහුට ළමයින් බියපත් කළ නොහැකි ය යන චෝදනාවත් සමඟය. භුත ලෝකයේ ප්‍රධානීන් භුත්නාත්ට අණ කරන්නේ නැවත මනුෂ්‍ය ලෝකයට ගොස් කුඩා ළමයින් බියපත් කරන්නට කියාය. එවර ද එහු අසාර්ථක වෙයි.

භුත්නාත් ගේ සැබෑ ස්වරූපය දැකිය හැකි වන්නේ අක්රොත් නමැති කුඩා පිරිමි ළමයාට පමණි. අක්රොත් භුත්නාත්ට බියක් නොදක්වන අතර ඔහු හා මිතුරු වී ඔහුට සහාය වෙමින් කුඩා ළමයින් කිහිප දෙනකු බිය ගන්වයි. අක්රොත් භුත්නාත්ට පවසන්නේ තමාට මිතුරන්ගේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීමට ඔවුන්ගේ සිත් ගත යුතු නිසා තමන් බොරුවට මතුරන විට මිතුරන්ට පෙනෙන්නට බිය පත්ව පලා යන්නට කියාය.

භුත්නාත් එසේ කරයි. ඔහු හා අක්රොත් අතර ඇතිවන්නේ නොබිඳිය හැකි දැඩි මිත්‍ර සබඳතාවකි. ඒ අතර තුර භුත්නාත්ට පැටලෙන්නට සිදුවන්නේ කලින් අපරාධකරුවකු හා ඒ වන විට දූෂිත දේශපාලනඥයකු වී සිටින බාහු සමඟිනි. භුත්නාත් හා බාහු අතර සටනට මැදි වන්නේ කුඩා අක්රොත් ය. කුඩා අක්රොත් ගේ ජීවිතය බේරා ගෙන බාහු පරදවන්නට භුත්නාත්ට හැකි වේවි ද? භූත ලෝකය භුත්නාත් ගේ දක්ෂතා පිළිගනීවි ද?

‘භුත්නාත් රිටර්න්ස්’ රාම් සම්පත්ගේ පසුබිම් සංගීතයෙන් හැඩ වූ ගීත හයක් ඇතුළත් සිනමා පටයකි. විචාරකයන් පැවසූ අනාවැකි පරිදිම මෙම චිත්‍රපටයට ළමයින්ගේ වැඩි ආකර්ෂණයක් ලැබී තිබේ. පළමු චිත්‍රපට භුත්නාත් හිදී මෙන්ම ‘භුත්නාත් රිටර්න්ස්’ හිදී ද ළමයින්ගේ ආදරය දිනා ගත්තේ බොලිවුඩයේ මහා නළුවා අමිතාබ් භච්චන් ය.

“වැඩිහිටියන් පිනවනවාට වඩා ළමයින් පිනවීම ඉතා අසීරුයි. මම ඒ කාර්යයේ සමත් වී තිබෙනවානම් ඇත්තෙන්ම එය මට සතුටට කාරණයක්” අමිතාබ් භච්චන් සිය ට්විටර් වෙබ් ගිණුමට ප්‍රකාශ කර තිබේ.
භාරතයේ මහා මැතිවරණ සමය වුවද මේ වන විට ‘භුත්නාත් රිටර්න්ස්’ ඉන්දීය රුපියල් ලක්ෂ 2250 ක් උපයා ගනිමින් තව දුරටත් ප්‍රදර්ශනය වෙමින් තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery