facebook page

Powered by Blogger.

Blogger templates



ඉන්දීය රුපියල් කෝටි විස්සක් පමණ වූ අඩු වියදමකින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් පසුගිය මාර්තු 07 දා පටන් ප්‍රදර්ශනය වෙමින් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් 'සුපර් හිට්' තත්ත්වයට පත්වීම පිළිබඳ අද බොලිවුඩයේ බොහෝ දෙනා විමතියෙන් යුතුව කතාබහ කිරීමට පටන්ගෙන ඇත. එය නම ගිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක් නොවී, බොලිවුඩයේ සුපිරි තරු රඟනොපාන සිනමාපටයක්ව තිබියදීත් එසේ ඉහළම ආදායම් වාර්තා පිහිටුවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය.

'විකාස් බාල්' විසින් අධ්‍යක්ෂණය කළ කන්ගනා රනාවුත් හා රාජ්කුමාර් රාධි රඟන 'ක්වීන්' එම පෙරළිකාර චිත්‍රපටයයි. සරල ප්‍රහසනයක් ලෙස හැඳින්විය හැකි මෙය තරගවැදුණේ කලකට පසු ජූහි චව්ලා හා මධුරී ඩික්සිත් රිදී තිරයට පිවිසි දෙදෙනා එක්ව රඟපෑ 'ගුලාබ් ගැන්ග්' චිත්‍රපටය සමඟිනි. චිත්‍රපට දෙකම එකම දවසේ තිරගත වීම ඇරැඹූ අතර බොහෝ දෙනා අනාවැකි කීවේ 'ගුලාබ් ගැන්ග්' බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රදර්ශනය වනු ඇති බවත් 'ක්වීන්' ආදායම් අතින් අසාර්ථක වනු ඇති බවත් නිසැකය කියායි.එම අනාවැකි සියල්ල හිස් ප්‍රලාප බවට පත්කරවමින් 'ක්වීන්' වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුවේ ජූහි චව්ලාගේත්, මධුරී ඩික්සිත්ගේත් බොලිවුඩ් පුනරාගමනය වූ 'ගුලාබ් ගැන්ග්' අසාර්ථක චිත්‍රපටයක් බවට පත්කරවමිනි.


රාණී මධ්‍යම පාන්තික ඉන්දීය යුවතියකි. ඇගේ පවුලේ අය සාම්ප්‍රදායික මතයන් දරන්නන් ද වෙයි. විවාහයට දින කීපයක් තිබියදී ඇගේ පෙම්වතා වූ 'විජේ' ඇයව හැර දමා යයි. ඉන් කම්පනයට පත්වන රාණී මධුසමය වෙනුවෙන් සැලසුම් කර තිබූ සංචාරයේ තනිවම යෙදෙයි. ලොව පුරා තනිව සංචාරය කරන ඇයට අලුත් මිනිසුන් හමුවන අතර අලුත් අත්දැකීම් ද ලබයි. ඒ හරහා ඇය සිය සැබෑ අනන්‍යතාව හෙළිදරව් කරගන්නා ආකාරය චිත්‍රපටයෙන් දැක්වෙයි.

මෙහි කන්ගනාට හා රාජ් කුමාර් රායිට අමතරව ලීසා හේඩ්න් යෝගේන්ද්‍ර ටිකූ, අල්කා බදෝලා කෞශල්, චින්මායා අග්රවාල් චින්තු ත්‍රිප්තා සහ මිෂ් බොයිෆේ වැන්ෂන් රඟපෑව ද ඒ කිසිවකු බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නළු නිළියන් නොවේ.

"කන්ගනා රඟපෑ චරිතය මුලින්ම පිරිනැමුණෙ කරීනා කපූර්ට. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කළා. ඉන්පසුවයි මා කන්ගනාව තෝරාගත්තේ. අඩු වැයකින් කළ චිත්‍රපටයක් නිසා අප බොහෝ කැපවීම් කළ යුතුව තිබුණා. කන්ගනා අපට සෑහෙන සහයෝගයක් දුන්නා. 

පසු තල 145ක දර්ශන අප දින 40ක් ඇතුළත රූගත කළා. සමහර අවස්ථාවන්හි දී කන්ගනාට ඇඳුම් මාරු කර ගන්න සිදුවුණේ පොදු වැසිකිළි ඇතුළතට ගොසිනුයි. කෙසේ වෙතත් ඇය හා අප කළ කැපකිරීම්වල ප්‍රතිඵල අද අප ලබනවා." චිත්‍රපටයේ අධ්‍යක්ෂ විකාස් බාලි එසේ පවසයි.

'ක්වීන්' චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වී සති තුනක් සපිරෙන විට එය ඉන්දියාවේත් විදේශයන්හිත් ප්‍රදර්ශනය වෙමින් ලැබූ ආදායම ඉන්දීය රුපියල් ‍කෝටි සියය ඉක්මවා තිබේ. එය 'සුපර් හිට්' ගණයේ චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි.



එම සිනමාපටයේ පුර්ව ප්‍රචාරක පටය පහතින්.




Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery