facebook page

Powered by Blogger.

Blogger templates


සංගීතයට ඇලුම් කරන යොවුන් පරපුර අතර "රැප්" කලාවට ඇත්තේ ඉහළ ජනප්‍රියතාවයකි. ඒ අතර සිංහල ගීතයට "රැප්" සංගීතය එකතු කරමින් ගීත කලාව නවමු මානයකට රැගෙන යන යොවුන් සංගීත නිර්මාණවේදියකු ලෙස චිරාඡ් මධුශාන් හඳුන්වාදිය හැකියි. මේ "  "රැප්" පිළිබඳව විමසමින් ඔහු සමග කළ කෙටි කතාබහකි.

ලාංකීය සංගීතයේ "රැප්" සලකුණ තබන්නට සැරසෙන ඔබේ සංගීත චාරිකාවේ ඇරැඹුම කොතනැද...?

මගේ පාසල පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලය. පාසලේදීත් සංගීතය හැදෑරුවා. සංගීතයේ "වෙනසක්‌" කළ යුතු බව මට පාසල් කාලයේම ඇතිවූ සිතුවිල්ලක්‌. ඒ වෙනස "රැප්" හරහා එළිදැක්‌වීම මගේ අදහස වුණා.

"රැප්" සංගීත කලාව අපේ රටට ගැළපෙන්නක්‌ද..?

ඇත්තෙන්ම "රැප්" කියන්නේ කලාවක්‌. අපේ සිතේ තියෙන දේ වචනවලට පෙරළීම තමයි මෙතැනදීත් සිදු වන්නේ. හැබැයි මේ වචන පැවසීමේදී හැමෝටම තේරෙන්න පැවසිය යුතුයි. ඉතිං මට අවශ්‍ය සිංහල ගීතය තුළට "රැප්" සංගීතය ගෙන එමින් රසිකයන්ට ඒ පිළිබඳව පුළුල් දැනුමක්‌ ලබාදීමයි. මේ හරහා මගේ රටට දෙයක්‌ ලබාදීම මිස මට යමක්‌ කරගැනීමේ අදහසක්‌ නැහැ. 

දැනටත් අපේ රටේ "රැප්" සංගීතයට හුරුවූ පිරිසක්‌ සිටිනවා නේද...?

ඔව්. ඉරාඡ් වීරරත්න සහ කේමැට්‌ මහේෂ් "කොළඹ" කියලා "සිංහල රැප්" ගීතයක්‌ කළා. මම හිතනවා මෙම ගීතය නිසා "සිංහල රැප්" කලාවට හොඳ ආරම්භයක්‌ ලැබුණා කියලා. කොහොමටත් මේ කියන තත්ත්වයට වඩා ඉදිරියේදී අපේ රටේ "සිංහල රැප්" සංගීතයට හොඳ කාලයක්‌ උදාවන බව මට විශ්වාසයි. මම එහෙම කියන්නේ "ඉංග්‍රිසි රැප්" අපේ රටට ආවේණික නැති නිසා.

"රැප්" කලාවට වෙනසක්‌ එක්‌කළ ඔබේ අලුත්ම මියුසික්‌ වීඩියෝව නුදුරේදීම දකින්නට ලැබෙන බව පැවසුවා...

ලබන මාසයේදී මේ ගීතය රූපවාහිනී නාලිකාවලට ලබා දෙනවා. "අට පාස්‌" කියලා තමයි ගීතයට නම යොදා තිබෙන්නේ. මේ ගීතයට සංගීතය මුසු කළේ හේමක විඡේරත්න. පද රචනය මගේ. රූප රචනය තිලිණ ප්‍රසාද්. ගායනා කරන්නේ මා සමග එක්‌ව චමල් සහ අමන්දා. 

ඉංජිනේරු සැලසුම් ශිල්පියකු වූ ඔබ දැන් පූර්ණකාලීනවම සංගීත ශිල්පියෙක්‌ද..?

රැකියාවයි, සංගීතයයි එකට ගෙන යා නොහැකි තත්ත්වයක්‌ ඇති වුණා. ඒ නිසා දැනට පූර්ණකාලීනවම සංගීතය කරනවා. ඒ අතර අධ්‍යාපනය වෙනුවෙනුත් කාලය යොදවනවා. ඉදිරියේදී මගේ රැකියාව නැවත කරන්නට අවස්‌ථාවක්‌ උදා වෙතැයි සිතනවා.

දැන් ඔබ සංගීත අධ්‍යක්‍ෂණයෙන් සහ නිෂ්පාදනයෙනුත් නිර්මාණ කිහිපයක්‌ එළිදැක්‌වූවා...

මේ වන විට ගීත නිර්මාණ 20ක්‌ පමණ එළිදක්‌වා තිබෙනවා. ඒ අතර... "මගේ පෙමත් එක්‌ක", "බෝතලේ", "පාවී", "රෑ සිහින සේයා", "ඔබ මා වෙත", "දෑසින්", "පාතාලේ" සහ "එලියන්ස්‌ ලවර්" යන ගීත රසිකයන් අතර හුඟක්‌ ජනප්‍රිය වුණා. "අට පාස්‌" නමින් ගෙන එන්නේ මගේ අලුත්ම නිර්මාණය. මේ හැම ගීතයකදීම ගායනයෙන් සහ රැප් කිරීමෙනුත් මගේ දායකත්වය එළිදක්‌වා තිබෙනවා.

"රැප් සංගීතය" ඉදිරියට ගෙන යැම වෙනුවෙන් ඔබට සහය ලබා දෙන්නේ කවුරුන්ද..?

අපේ රටේ දක්‍ෂ නිර්මාණ ශිල්පීන් රැසක්‌ම මට සහාය ලබා දෙනවා. චමත් පෙරේරා, පසන් ලියනගේ, සෑම් ටී., සමීර, හේමක විඡේරත්න ඇතුළු තවත් බොහෝ දෙනෙක්‌ සිටිනවා. මගේ මවත්, පියාත්, සහෝදරියන් ඒ අතුරින් සුවිශේෂීව සිහිsපත් කරන්නට කැමැතියි.

"ස්‌ටැටික්‌" කියන්නේ කුමක්‌ද..?

"ස්‌ටැටික්‌" කියන්නේ මගේ "රැප්" ටීම් එකට. හේමක, ශමල්, අමන්දා සහ මම. ඉතිං අපි හැමෝම එකතුව සිංහල රැප් ගීත කලාව අපේ රටේ ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වෙනවා.

සුජීව තත්සර

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery