facebook page

Powered by Blogger.

Blogger templates



පයේ මැණික් ගලක් හැපුණොත් අහුලා නොගන්නා අන්ධයන් බොලිවුඩ් සිහින පුරවරයේ ද සිටිති. ඒ අතරින් කරීනා කපූර්ට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඇය මෑත යුගයේ ප්‍රතික්ෂේ කළ සියලුම චරිත පාහේ අතිශය ජනාදරයට, සම්මානයට, වාර්තාගත ආදායමකට වාසනාව ලැබූ සිනමා චරිතයි.

ඉන්දියානු බොක්ස් ඔෆිස් ඉතිහාසයේ වෙනස්ම වාර්තාවක් පිහිටුවමින් සිටින ‘කුවීන්’ මෑතකදීම ඇය ප්‍රතික්ෂේප කළ චරිතයකි. වාසනාවන්තිය වූයේ කන්ගනා රනවුත්ය. ආරම්භක සතියේ එතරම් ආදායම් නොලබා අති සාර්ථක වන අපූරු සිනමාපටයක් බවට ‘කුවීන්’ පත් වී අවසානය. රුපියල් කෝටි එකොළහක නිෂ්පාදන වියදමට සති දෙකකදී ලැබී ඇති ආදායම රුපියල් කෝටි 32 කි.

රාම්-ලීලා, කරීනා ප්‍රතික්ෂේප කළේ දීපිකා පදුකෝන්ගේ වාසනාවටය. මේ නිසා දීපිකාට සිය පෙම්වතා රන්වීර් සමඟ ගත කරන කාලය වැඩිකර ගැනීමට ද අවස්ථාව උදා විය. ඉන්දියානු රුපියල් කෝටි 200 කට වැඩි ආදායමක් ලැබූ මේ සිනමාපටයට ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් හිමි වුණේ හොඳම නිළිය සම්මානය ද ඇතුළුවයි. කරීනා ප්‍රතික්ෂේප කළේ තමන් හොඳම නිළිය වීමට තිබූ හොඳම අවස්ථාවකි.

චෙනායි එක්ස්ප්‍රස් ඉන්දියානු රුපියල් කෝටි හාරසියයක ආදායමක් ලැබුවේ දීපිකා පදුකෝන් තවදුරටත් තිරයේ අංක එක කරමිනි. නව පරපුරේ තාරකාවගේ ආලෝකයෙන් කරීනා කපූර් නොපෙනී ගියේ ඇය නොසිතූ පරදිය. ‘ෆැෂන්’ ආදායම වගේම ජාතික සම්මාන පවා හිමි කරගත් සාර්ථක සිනමා සිත්තමකි. ෆැෂන් අහිමි කර ගැනීමෙන් කරීනා අහිමිකර ගත්තේ හොඳම නිළිය ලෙසින් ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට තිබූ අවස්ථාවයි. අවසානයේ එහි හිමිකාරිය වූයේ ප්‍රියංකා චොප්රාය.


කල් හෝ නා හෝ, බ්ලැක් ඇය පයින් ගැසූ තවත් වාසනාවන්ත, සම්මානනීය සිනමාපටයි. 








0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery