facebook page

Powered by Blogger.

Blogger templates


සිරි දළදා ගමනය චිත්‍රපටයේ දන්ත කුමරුහේෂාන් මනුල

මේ දිනවල තිරගත වන “සිරි දළදා ගමනය” චිත්‍රපටයේ දන්ත කුමරුගේ චරිතය තුළින් ඔහු අප හමුවට එයි. හෙළ බොදු ජනතාව තුළ සදානුස්මරණීය වීර චරිතයක් ලෙස දන්ත කුමරුන් ඉතිහාසයට එක්ව සිටින්නේ ශ්‍රී දළදා වහන්සේ ලක් දෙරණට වැඩම කරවීමේ අති දුෂ්කර භාරදූර කාර්යයට එක් වූ නිසාය. එවන් වූ සුවිශේෂ චරිතයක් රඟපාන්නට භාග්‍යය උරුමකරගත් මේ කඩවසම් නළු හේෂාන්ව එක්කර ගැනීමට අප සිතුවෙමු.

* නළුකමට එක්වීම බාලවියේ පටන් හිතේ තිබුණු හීනයන්ද ?
මම නළුකමට ආවේ මෝස්තර නිරූපණ ශිල්පය හරහා. හැබැයි ඔය දෙකටම එකතු වීමේ ආශාවක්් කාලයක පටන් මා තුළ තිබුණා. ඒ වෙනත් අය කී දේවල් නිසා.

* වෙනත් අය කී දේවල් මොනවාද?
මගෙ නෑදෑයෝ, යාළුවෝ එහෙම මට කියල තියෙනවා “ඔයා නළුවෙකුට සුදුසුයි. ඔයා මොඩ්ල් කරන්න නම් හොඳයි” කියලා. ඒ වගේ කතා හින්දාම මටත් ඒ දේවල් ගැන ආශාවන් ඇති වුණා.

*ඒ විදිහට හිතට ඇති වූ අදහස ඉටුකරගනිමින් ගිය ගමනේ මං සලකුණු මොනවාද?
මම උදයකාන්ත වර්ණසූරිය මහතාගේ “චැලෙන්ජර්” චිත්‍රපටයේ සහ නාලන් මෙන්ඩිස් මහතාගේ “වාසනා වේවා” ටෙලි නාට්‍යයේ රඟපෑවා. නමුත් ප්‍රධාන චරිතයක් රඟපෑවේ “සිරි දළදා ගමනය” චිත්‍රපටයේ. එය ඉතා හොඳ ආරම්භයක්. දැන් ඒ ගමන ඉදිරියටම යාම තමයි මගෙ අරමුණ.

* නමුත් ඒක දැනගෙන යන ගමනක් විය යුතුයි නේද ?
ඔව්. ඒක නිසා දැනට මම මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හදාරනවා. රඟපෑම් කියන්නේ මොනතරම් පුළුල් විෂයක්ද කියලා දැන් තමයි හිතෙන්නේ.

* ඒ කියන්නේ රඟපෑම්වල අඩුලුහුඬුකම් දැන් තේරෙනවා කියන එක නේද ?
ඇත්තටම ඔව්. මට මේ මේ ජවනිකා මේ මේ විදියට කරන්න තිබුණා නේද කියල දැන් හිතෙනවා.

* ඒ කියන්නේ සිරි දළදා ගමනය චිත්‍රපටයෙත් ඔබ තෘප්තිමත් නොවූ රඟපෑම් තිබෙනවා ?
මම හිතන විදිහට මාව ඉතාම හොඳට මෙහෙයවීමට එහි අධ්‍යක්ෂවරයා සමත් වුණා. අනික් කාරණේ එහි මගේ රඟපෑම් ගැන නිගමනය කළ යුත්තේ රසිකයා කියලයි.

* ඔබ දෙරණ රූපවාහිනීයේ නිවේදකයකු ලෙසත් කටයුතු කළ කෙනෙක්. ඒකත් රඟපෑමට පිටිවහලක් වුණාද ?
රඟපෑමේදී දෙබස් හැසිරවීමට නිවේදකයකු ලෙස කටයුතු කිරීම ප්‍රයෝජනවත් වුණා.

* හැබැයි රූපවාහිනී නිවේදකයන් රඟපාන්න ආවාම නළුවා යටපත් වී එතැනිනුත් නිවේදකයා මතු වෙනවා නේද ?
මුහුණේ ඉරියව් මතුකිරීම, අංග චලනය වගෙ දේවල්වලදී රඟපෑමේදී, නිවේදන කටයුතුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඔය වෙනස මට ලොකුHeshan-Manula1අභියෝගයක් වුණා. ඒත් සිරි දළදාගමනය බලපු කවුරුත් මට තවම කියල නැහැ නළුවා යටපත් වෙලා නිවේදකයා මතුවෙලා තියෙන බව.

* දන්ත කුමරුගේ චරිතය වෙනුවෙන් පෞද්ගලිකව ‘පේ වෙලා’ රඟපෑ බව හේෂාන් කිහිප අවස්ථාවකම මාධ්‍යයට කියා තිබුණා. ඇතැම් අය එවැනි ප්‍රකාශ කරන්නේ ප්‍රචාරය වෙනුවෙන්?
මම නම් ඒ කී දේවල් අවංකවයි කිව්වේ. මම කාය වර්ධනයේ නියැළෙන නිසා මම කොහොමත් මත්පැන් හා දුම්වැටිවලින් තොරයි. නමුත් නිර්මාංශ නැහැ. නමුත් චිත්‍රපටය කරන කාලය තුළදී මම මස් මාංශ අනුභවයෙන් මුලුමනින්ම වැළකී සිටියා. ඒ වගේම නිසි වත් පිළිවෙත් සිදුකළා. දැන් නම් නිර්මාංශ නමෛයි. නමුත් මත්පැන් දුම්වැටි නම් භාවිතා කරන්නෙම නැහැ.

* අපේ බොහෝ නළු නිළියන් කියන කතාවක් තමයි ලැබෙන හැම නිර්මාණයක්ම බාර නොගන්නා බව, හේෂානුත් එහෙමද ?
ආරාධනා ලැබුණු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයක්ම මම ප්‍රතික්ෂ්ප කළා.

* මොකක්ද ඒකට හේතුව ?
   ඒ චරිතය මගේ හිතට නොගැළපීම තමයි ඉතින්.

* හේෂාන් ඔය කියන්නේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනඟා ගන්න නේද ?
නැහැ; ඒක අපිට ලැබෙන හැම කෑමක්ම නොකනවා හැම ඇඳුමක්ම නොඅඳිනවා වගේ බොහොම සාමාන්‍ය දෙයක්.

* නමුත් හේෂාන් ඓතිහාසික චරිත ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැනේ ?
මම ප්‍රතික්ෂ්ප කළෙත් එවැනි චිත්‍රපටයක්. ඓතිහාසික චරිත වලටම කොටුවන්න මට බැහැ. බටහිර තරුණයකුගෙ චරිතයක් වුණත්, ඓතිහාසික චරිතයක් වුණත් කමක් නැහැ. නිර්මාණය හොඳ නම් භාරගන්නවා.

* හේෂාන්ගේ පෞද්ගලික තොරතුරු කියනවා නම් ?
මම ඉපදුනේ දෙහිවල; දැන් පදිංචිය ගම්පහ. අපේ පවු‍ලේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, මමයි. මම ග්‍රැෆික් නිර්මාණ ශිල්පය තමයි වෘත්තිය ලෙස කරන්නේ. ගෘහ නිර්මාණ ශිල්පයත් ඉතාලියට ගිහින් හදාරලා තියෙනවා.

* ආදරවන්තිය ගැන කියන්න කැමති නැද්ද ?
තව එහෙම කෙනෙක් නැහැ.

* හේෂාන් ආදරය ගැන කතාකරද්දී හරියට ප්‍රවේශම් වනවා කියලා ආරංචියි ?
එක්තරා වැඩිහිටියෙකුගේ උපදෙසක් නිසා තමයි එහෙම කරන්නේ.

* මොකක්ද ඒ උපදෙස  ?
මම මේ ක්‍ෂේත්‍රයට ආ මුල්කාලයේ එක්තරා කෙනෙක් මට අපූරු උපදෙසක් දුන්නා. “මල්ලි උඹ කලාවේ ඉදිරියට යනවා නම් කාගෙන් නැතත් ගෑනු 
ළමයින්ගෙන් ප්‍රවේශම් වෙයන්. ඒ වගේම කට ප්‍රවේශම් කරගනින්” කියලා ඔහු කිව්වා.

* හේෂාන් ගෑනු ළමයින්ගෙන් ප්‍රවේශම් වෙන්නේ ඇයි  ?
කලාවේ ඉදිරියට යාම තමයි මගෙ ලොකුම අරමුණ. අනවශ්‍ය ප්‍රශ්න ඔළුවට දාගන්න කැමති නැහැ. ඒ හින්දා තමයි මගේ මේ පරිස්සම.

* හේෂාන්ට කවමදාවත් පෙම්වතියක් ඉඳලත් නැද්ද ?
ප්‍රේම සම්බන්ධයක් තිබිල තියෙනවා. නමුත් මගෙ පෙම්වතිය කැමති වුණේ නැහැ. මම මෝස්තර නිරූපණ ශිල්පියටයි රඟපෑමටයි එනවට. ඒ හින්දා අපේ සම්බන්ධය බිඳිලා ගියා. අද ඇය විවාහවෙලා සාර්ථක ජීවිතයක් ගත කරනවා.

* එතකොට හේෂාන් රසිකාවියන්ගෙනුත් ප්‍රවේශම් වෙනවද ?
රසිකයෝ රසිකාවියෝ දෙගොල්ලටම මම කතා කරනවා. ඒ අයගේ ප්‍රතිචාර අපට අවශ්‍යයයි. මමත් ඒ අයට සුහදයි. නමුත් රසිකාවියෝ අතර සිටින ඇතැම් ගෑනු ළමයි රසිකත්වයෙන් එහාට යන්න උත්සාහ කළොත් ඒ වගේ වේලාවට මම එවැනි අයගෙන් හීන් සීරුවේ මඟ හරිනවා.

* තමන්ට පෙම්බඳින රසික රසිකාවියන් නිසා නළු නිළියන් අමාරුවේ වැටුණු අවස්ථාත් තියනවා. හේෂාන්ටත් එවැනි අවස්ථා තියෙනවද ?
එක්තරා ගෑනු ළමයෙක් මම ඇගේ පෙම්වතා බවත් මා ඇයව අතහැර දැමූ බවත් ප්‍රචාරය කරමින් යන බව පහුගිය කාලයේ මට ආරංචි වුණා. පේස්බුක් හරහා මා අමතලා ඇය කියනවා “ඉස්සර අපි ළංවෙලා හිටියා ඔයාට මතක නැද්ද කියලා.” කරුණු පැහැදිලි කරලා තේරුම් ගන්නෙම නැති නිසා මම ඇයව පේස්බුක් හරහා සම්බන්ධවීම නවතා දැම්මා. ඒත් මම ඇය අතැරගිය පෙම්වතා බව තවමත් ඇය තැන තැන කියනවලු.

* සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් එහෙම කරන්නේ නැහැ නේද ?
ඒක තමයි මටත් තියන ප්‍රශ්නය. ඔය කියන ගැහැනු ළමයාට මට සමාන කෙනෙකු ළංවෙලා හිඳීමද, එහෙමත් නැත්නම් ඕක මාව අපහසුතාවයට පත් කිරීමේ ච්ෙතනාවෙන් කරන වැඩක්ද? එහෙමත් නැත්නම් මොකක් හරි මානසිකප්‍රශ්නයක් හින්දා එහෙම කරනවාද කියන එක තමයි මටත් තියන ප්‍රශ්නය.


ඡායා - ප්‍රියන්ත ගමගේ
ආරියවංශ කුලතිලක

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery