facebook page

Powered by Blogger.

Blogger templates



සනුක වික්‍රමසිංහ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට තවමත්ආගන්තුක චරිතයක් වුණත් ඔහු සතු හැකියාව හා දක්ෂතාව කෙරෙහි ක්ෂේත්‍රයේ බොහො දෙනාගේ කතා බහට ලක් වි තිබෙනවා. එනිසාම කවුද මේ සනුක කියලා අපි හොයලා බැලුවා.

කවුද මේ සනුක කියන්නේ?

සනුක කියන්නෙ මියුසික් වලට කැමැති, මියුසික් වලින් දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක් තරුණයෙක් ගායකයෙක් වගේම සංගීත් වික්‍රමසිංහගේ පුතා.

ක්ෂේත්‍රයට තවමත් ආධුනික ඔබට මේ තරම් අවධානයක් ලැබෙන්න හේතුව ?

මට සින්දු කියන්න පුළුවන් කියලා නම් මම දන්නවා. ඒ හැරුණම ඇත්තටම එයට හරි හේතුවක් කියන්න මමත් දන්නේ නැහැ. සමහරවිට මගේ ගායනයේ සහ කට හඬේ මොනවා හරි විශේෂත්වයක් ඇති.

'අමරදේවයන්ට වඩා සනුක දක්ෂයි යැයි' එක්තරා ජනප්‍රිය ගායකයෙක් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ඔබේ අදහස?

ඒ ප්‍රකාශය දැනගත්ත වෙලාවේ මටත් එකපාරටම මුකුත්ම හිතා ගන්න බැරි වුණා. හැබැයි කල්පනා කරලා බැලුවොත් එය ඔහුගේ පෞද්ගලික මතයයි. ඇත්තටම ඔහු කිව්වේ මොකද්ද කියලා හරියටම අපි දන්නේ නැහැ. මාධ්‍යයෙන් පළකරපු විදිහනේ අපි දැක්කේ.

ඔබේ හැකියාව වර්ණනා කරන්න තරම් ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මෙතෙක් එළියට ආවේ නැහැ?

මෑතකදී නම් 'රූපාන්තර' චිත්‍රපටියේ 'පාරෙන්' යන ගීතය ගායනා කළා. ඕ ලෙවල් කරන කාලේදී 'මා' කියලා මගේ නිර්මාණයක් අවුට් කළා. හැබැයි පාසල් කාලේ නිසා ඒ ගීතයට වීඩියෝ එකක් කරන්න උනන්දුව තිබුණේ නැහැ. මේ දවස්වල මගේ අලුත් නිර්මාණයක් කරගෙන යනවා.

සනුක වගේම 'ග්ලෝරි' සංගීත කණ්ඩායමත් මෑත කාලයේදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සංගීත කණ්ඩායමක්?

ඔව්. මියුසික් වලට උණ තියෙන හින්දා ඒ ලෙවල් ඉවර වුණහම පාසලේ මගේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි 'ග්ලෝරී' පටන් ගත්තේ.

ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීම පසෙකලා මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩ නඟා ගන්න වෙහෙසෙනවා නේද?

ක්ෂේත්‍රයේ අපේ අනන්‍යතාවයක් සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීම කෙරෙහි අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු වෙනවා. දැන් ඊට අදාළ නිර්මාණ කටයුතු වලට නියැළෙමින් ඉන්නේ. නමුත් මේ දවස්වල නිර්මාණ කරන්න සහ රිලීස් කරන්න මුදල් අවශ්‍යයි. ඒ මුදල් අපිම හොයා ගන්න තමයි මමත් අපේ බැන්ඩ් එකත් එකතු වෙලා වෙඩිංස් සහ ඩිනර් ඩාන්සස් වලට ප්ලේ කරන්නේ.

සංගීත ක්ෂේත්‍රයේ මොන වගේ වෙනසක් කරන්නද ඔබේ බලාපොරොත්තුව?

අපේම දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව. කණ්ඩායමේ පස් දෙනාගේ ශෛලීන් එකිනෙකට වෙනස්. වෙනස් ශෛලීන් එකතු කරගෙන අපේම අලුත් ශෛලියක් සංගීත ක්ෂේත්‍රයට දෙන්න පුළුවන් වෙයි. හැබැයි අපේ රඳා පැවැත්ම තියෙන්නේ අපේ ස්ටයිල් එකට ලැබෙන ප්‍රතිචාර අනුවයි. 'හොටෙල් කැලිෆෝනියා', 'සමර් ඔෆ් සික්ස්ටි නයින්' වැනි ගීත උත්සවයකදී මිනිස්සු අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන නිසා ගොඩක් බෑන්ඩ්ස් මේ ගීත ප්ලේ කරනවා නමුත් කවර්ස් ප්ලේ කරද්දී පවා අනෙක් බෑන්ඩ්ස් සින්ග් කරන්න නැති තවත් ලස්සන ගීත තියෙනවා අන්න ඒ වගේ ගීත තමයි අපි තෝරා ගන්නේ. එවැනි ගීත තෝරා ගෙන ප්ලේ කරපු නිසා තමයි අපේ බෑන්ඩ් එක හැමෝගේම අවධානයට ලක්වෙමින් මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු බලන්න?

ගෙදරින් නම් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා.

පියාගේ වැඩකටයුතු වලට ඔබ එකතු වෙන්නේ නැද්ද?

ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයේදී බොහෝ වෙලාවට මගේ අදහස් තාත්තා සමඟ බෙදා ගන්නවා. තනු නිර්මාණයේදීත් මගේ සහාය ඔහුට ලැබෙනවා. තාත්තා සංගීත අධ්‍යක්ෂණය කළ 'සිහින ආවර්ජනා' , 'ආදර සංධ්වනිය' සහ 'මුතු' යන ටෙලි නාට්‍ය වලට ගායනයෙන් සම්බන්ධ වුණා.

ගායනයෙන් දස්කම් පෑවත් කතාවෙන් නම් සනුක හරිම ලැජ්ජාශීලි තරුණයෙක්ලු නේද?

කවුද එහෙම කියන්නේ....හුඟක් අය මගෙන් අහන්නේ නම් ලැජ්ජා නහර කපලද කියලයි.

වෘත්තීමය ගායන ශිල්පියෙක් වීමද බලාපොරොත්තුව?

ඔව් අනිවාර්යයෙන්ම. හැබැයි රිස්ක් එකකුත් තියෙනවා.

මොකද්ද ඔය කියන රිස්ක් එක?

ක්ෂේත්‍රයේ කොතෙක් දුරට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද කියන කාරණය.

ඒ කියන්නේ ඔබේ හැකියාව හා දක්ෂතාව ගැන විශ්වාසයක් නැහැයි කියන එකද?

දක්ෂතාව කෙරෙහි තිබෙන විශ්වාසය නොවෙයි මෙතනට බලපාන්නේ. සමහර වෙලාවට එය මුදල් මත වෙන්නත් පුළුවන්. ඒ හැමදේටම වඩා ලක් එක මත කියන්නත් පුළුවන්.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery