facebook page

Powered by Blogger.

Blogger templates


• ළමා කාලය පිළිබඳ පරණම මතකය?

ඉස්කෝලෙන් අපිට බිස්කට් ජාති මොනවා හරි ලැබෙනවානේ. මම ඒවා ඉතුරු කරගෙන ලොකු කෙනෙක් වගේ ගෙදර අරගෙන ඇවිත් මගේ නංගිට දෙනවා. එයා මම එනකල් මඟ බලාගෙන ඉන්නේ. ඒ මතකය හරිම සුන්දරයි.

• අම්මා පිළිබඳ ආදරණීයම මතකය?


මම වැඩිවියට පත්වුණ දවසේ අම්මා ගැන තිබුණ ආදරය ලොකු රැකවරණයක් එක්කම ඉස්මතුවෙලා දැනුණා. ඒ ආදරය මම ආදරණීයව අදටත් භුක්ති විඳිනවා.

• ඉස්සෙල්ලාම තනි තීරණයක් ගත්තේ?

ගොඩක් වෙලාවට තීරණ ගත්තේ අම්මා, නංගිලා එක්ක කතාබහ කරලා. තනි තීරණයක් ගත්තා නම් ඒ ව්‍යාපාරික කටයුතුවලදී තමයි.

• තාත්තාගේ ආදරේ වැඩියෙන්ම දැනුණේ?

මුලින්ම ප්‍රේම සම්බන්ධයක් තිබිලා තාත්තා ඒක දැනගෙන මට අවවාද කරපු වෙලාවේ. එදා මට තාත්තා ගැන ගොඩක් දුක හිතුණා. ඒ වගේම ආදරය හිතුණා.

• අම්මාගෙන් ගුටිකාපු දවසක්?


අම්මෝ... ගුටිකාලා තියෙනවා. ගොඩක්ම යාළුවෙලා ඉන්නෙත් මමයි, ලොකු නංගියි. ඒත් රහසින් කරන දේවල් අහුවෙන්න ගියොත් ඉස්සෙල්ලම ගිහින් අම්මාට කේලම කියලා මාව වැරැදිකාරයා කරන්නේ ලොකු නංගිම තමයි. ඉතිං එහෙම වෙලාවට මම ගුටිකනවා.

• ඉස්කෝලෙන් දඬුවමක් ලැබුණේ?

ඉස්කෝලේ වාර විභාග පැවැත්වෙන කාලවලදී මම ඉක්මනින්ම උත්තර ලියලා ඉවරවෙලා ඉතිරි කාලවල චිත්‍ර අඳිනවා. විභාග ශාලාවේ ඉන්න ගුරුවරුන්වත් අඳිනවා. ඉතිං ඒවා දැකලා බැනුම් අහනවා.

• ලැබුණ වටිනම තෑග්ග?

මොන දේ ලැබුණත් වටිනම තෑග්ග මගේ මංගල මුදුව.

• තමන්ම උයලා කෑම වේලක් දුන්නේ?

ලොකු ළමයෙක් වුණාට පස්සේ මම හිතුවා ඔක්කොම වැඩ තනියම කරන්න පුළුවන් කියලා. ඉතිං දවසක් අම්මා නැතිවෙනකල් ඉඳලා මම තනියම උයන් කාලා අම්මාටත් දුන්නා. උයන්න පුළුවන් කියලා හිතුවට එදා කද්දි තමයි තේරුණේ. ඒත් අම්මත් අමාරුවෙන්ම කාලා ආයෙ තනියම උයන්න යන්න එපා කියලත් කිව්වා.

• මුලින්ම සාරියක් ඇන්දේ?


මොන්ටිසෝරියේදී රජ්ජුරුවන්ගේ අගබිසව හැටියට ඉඳලා මට මතකයි ලස්සනට සාරියක් අන්දවලා තිබුණා.

• මම ඔයාට ආදරෙයි  කියන ප්‍රකාශය මුලින්ම ඇහුවේ?

ඒවා නම් මම ඇහුවේ කාගෙන්ද කියලා ඒ කාලෙවත් මතක නෑ. මට ආදරෙයි කියලා ලියපු චිට් කෑලි යාළුවෝ ගෙනත් දෙනවා. අර අරයා අනේ... සුදු උස කෙනා... මෙහෙම යාළුවෝ කියනවා. අනේ ඒත් මට කොච්චර ට්‍රයි කළත් මතක් වෙන්නේ නෑ ආදරය ප්‍රකාශ කළේ කවුද කියලා. අදටත් දන්නේ නෑ.

• පෙම්වතියක් වුණේ?

පාසල් කාලයේ නම් පෙම්වතියක් වුණේම නෑ. ඊට හුඟක් පස්සේ තමයි පෙම්වතියක් වුණේ.

• ලියුමක් ලිව්වේ?

ලියුම් නම් ලියනවා හරියට. මොකද මගේ අත්අකුරු ලස්සනයි. චිත්‍ර අඳින්නත් පුළුවන් නිසා යාළුවන්ට හරියට පෙම් හසුන් ලියලා දීලා තියෙනවා.

• අමතක නොවන දුරකතන ඇමතුම?

අපේ ආච්චිඅම්මා නැතිවෙලා. අපේ මාමා අපිට ඒක කියන්නේ නැතිව රෑ 12ට විතර කෝල් කරලා කිව්වා කොළඹ යන්න ලේස්ති වෙන්න කියලා. එදා අපිට පුදුම චකිතයක්, දෙගිඩියාවක් හිතට දැනුණා. පස්සේ හොඳටම දුක් වුණා.

• මුණගැහුණ විශ්වාසවන්තම පුද්ගලයා?

වර්තමානයේ මගේ ළඟින් ඉන්න, මට ආදරය කරන හැමෝම මට විශ්වාසයි. හෙට දවසේ නම් මේ කිසි කෙනෙක් ගැන විශ්වාස තියන්න බෑ.

• කැමරාවට මුහුණ දුන්නේ?

මුලින්ම ටී. වී. කොමර්ෂල් එකකට මුහුණ දුන්නේ පැනඩෝල් ඇඩ් එකකට. එදා නම් පොඩි තිගැස්මක් තිබුණා.

• පුවත්පතක ඉස්සෙල්ලාම ලිපියක් පළ වුණේ?

2000 වර්ෂයේදී සඳරේණු පත්තරේ මගේ ලිපියක් පළවුණා.

• මුල්ම ටෙලි නාට්‍යය?

විකාශය වූ මුල්ම ටෙලි නාට්‍යය පූජා.

• රංගනයේදී අපහසුතාවට පත්වුණේ...?

මුලින්ම ප්‍රේම ජවනිකාවක රඟපාද්දී මට මගේ කොල්ලට රඟපාන කෙනාගේ මූණ බලන්න බෑ ලැජ්ජයි. මට එයා දිහා ආදරෙන් බලන්න කියද්දී අතින් අල්ලගන්න කියද්දී පුදුම අපහසුතාවකට පත්වුණා. එදා ලොකු අමාරුවක වැටිච්ච දවසක් තමයි.

• පෙම්වතා පිළිබඳ ආදරණීයම මතකය?

පෙම්වතා කිය කියා මගේ අතීත දේවල් සිහිපත් කරන්න මම කැමැති නෑ. හස්බන් තමයි මගේ ජීවිතේ. එයා මාත් එක්ක ඉන්න හැම දවසක්ම ආදරණීයයි.

• රඟපාන්න කැමතිම රංගන ශිල්පියා?

ටෝනි රණසිංහ කියන්නේ මම ගොඩක් ආස රංගන ශිල්පියෙක්. මම ඔහුත් සමඟ රඟපාලා තියෙනවා. තව මම ජෝ මහත්තයටයි විජය කුමාරතුංගටයි ආසයි. හැබැයි රඟපාන්න ලැබුණේ නෑනේ.

• කීයක් හරි සොයා ගත්තේ?

ඉස්සර ඉඳලම මට මහන්න පුළුවන්. දවසක් ලොකු කෙනෙක්ට හවුස්කෝට් එකක් මහල දීලා සුළු මුදලක් ලැබුණා.

• රඟපාලා ලැබුණු මුල්ම මුදල?

මට මතක විදියට අර ටී. වී. කමර්ෂල් එකට රුපියල් 8,000ක් ලැබුණා.

• ජීවිතයේ ගොඩක්ම සතුටු වුණේ?

විවාහය දවසේ.

හැදුණ ලොකුම කටකතාව?

සාමාන්‍යයෙන් මම කටකතා හැදෙන විදියට ඉන්න කෙනෙක් නෙවෙයි.

• අමතක නොවන සංචාරය?

පෙම්වතා එක්ක. අපි මුලින්ම ගාල්ලේ ගියා.

• දැකපු සුන්දරම හීනයක්?

අනේ විකාරමයි දකින්නේ. එකක්වත් සාර්ථක නෑ. කෑලි කෑලි දකින්නේ. උදේ නැඟිටිද්දි මට ඔළුව මඤ්ඤං වගේ.

• අහන්න අහන්න ආස හිතෙන ගීතය?

බොඳ මීදුම් කඳුරැල්ලේ කියන ගීතය.

• හිතට බයක් දැනුණේ?

ආත්ම ගෞරවය නැතිවෙන දෙයක් සිද්ධවෙයිද කියන බය ඇරෙන්න වෙන බයක් නෑ. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

වාසනා සුරංගිකා විතානගේ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery