facebook page

Powered by Blogger.

Blogger templates


ඉතාලියේ දී අතිනත ගත් ආදිත්‍ය චොප්රා සහ රාණි මුඛර්ජි යුවළ ගම රට බලා පැමිණියා. ඉන් පසුව තම යහළු යෙහෙළියන් වෙනුවෙන් විශේෂ සාදයක් පවත්වන්නට මේ දෙදෙනා යුහුසුලු වුණා. මංගල සාදය පැවැත්වුණේ ආදිත්‍ය ගේ නිෙවස හෙවත් යාෂ් රාජ් බංගලාවේදීයි. 

ඉරිදා රාත්‍රියේ දී පැවැත්වුණු මේ සාදයට බොලිවුඩ් පුරයේ කිහිප දෙනෙකුට ඇරයුම් කර තිබුණා. ඒ අතරින් චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්, ජනප්‍රිය නළු අනුපම් ඛෙයර්, ඔහුගේ බිරිය කිරොන් ඛෙයර් සහ චිත්‍රපට නැටුම් අධ්‍යක්ෂ වයිභාව් මර්චන්ට් කැපී පෙනුණා.

යාෂ් රාජ් බංගලාවේ ප්‍රධාන දොරටුව අබියස විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා. සාදයට ඇරයුම් ලැබූ අමුත්තන්ට හැර ඡායාරූප ශිල්පීන් හෝ වෙනත් කිසිවෙකුට එහි ඇතුළුවීමට අවසර ලැබුණේ නැහැ. සාදය පැවැත්වෙද්දී කිසිඳු ඡායාරූපයකට පෙනී නොසිටින්න නව යුවළ වග බලා ගත්තා. මුද්‍රිත මාධ්‍යයක හෝ අන්තර්ජාලයේ තමන්ගේ ඡායාරූපය පළවීම වළක්වා ගැනීමේ අරමුණින් යුතුවයි, ඔවුන් දෙදෙනා කැමරා ශිල්පීන්ව 'වර්ජනය' කළේ. මුළු ලොවම දන්නා මේ විවාහයේ ඡායාරූප මාධ්‍යවල පළවීම වැළැක්වීමෙහි තේරුම කුමක්දැයි පැහැදිලි නැහැ.

මෙලෙස කෙතරම් වාරණ යොදා තිබුණත්, ඉතාලියේ සිට ඉන්දියාවට පැමිණි ආදිත්‍ය සහ රාණිගේ ඡායාරූපයක් මුම්බායි ගුවන් තොටුපළේදී නාඳුනන අයෙකු කැමරාවට හසුකරගෙන තිබෙන බවයි ආරංචි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery