facebook page

Powered by Blogger.

Blogger templates



මීට වසර කීපයකට පෙර මියගිය සිය සැමියා විසින් තම නිවස තුළ භූමියේ නිධානයක්‌ ඇති බවට සිහිනෙන් කළ ප්‍රකාශයකට අනුව එහි පොළොව කැණීම් කර නිධන් සෙවූ ගෙහිමි කාන්තාවක්‌ සහ අසල්වැසි පුද්ගලයෙක්‌ අනුරාධපුර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (08 දා) සවස අනුරාධපුර ගෝනෑව, පණ්‌ඩුකාභයපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

අනුරාධපුර කොට්‌ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදුකොට ඇත.

මියගිය තම සැමියා මීට සති කිපයකට පමණ පෙර තමා නිදා සිටියදී සිහිනෙන් පැමිණ නිවසේ මුළුතැන්ගේ අසල පොළොව යට රත්රන් පෙට්‌ටියක්‌ ඇති බවට පැවසු නිසා එය සොයා ගොඩ ගැනීමට මෙසේ පොළොව කැණීම් කළ බව ගෙහිමි කාන්තාව පොලිසියට පවසා තිබේ.

තම සැමියා සිහිනෙන් කළ ප්‍රකාශයට අනුව තමා අසල්වැසි හිතවත් පුද්ගලයකුද සහභාගි කරවාගෙන මෙසේ සති දෙකකට වැඩි කාලයක සිට දිවා රාත්‍රි දෙකේදීම එම ස්‌ථානය කැණීම් කළ බවත් ඇය පවසා ඇත.

පොලිසිය අදාළ නිවස වටලන අවස්‌ථාව වන විටත් නිවසේ මුළුතැන්ගේ අසල අඩි පහළොවක්‌ පමණ ගැඹුරු අඩි හතරක්‌ පමණ පළල දෝනාවක්‌ හැඩයට වළක්‌ හාරා තිබූ බවත් එහි අඩි පහක්‌ පමණ ගැඹුරට ජලය පිරී පැවැති බවත් පොලිසිය පවසයි.

මේ අතර තම නිවසට නිතර නාගයෙකු එන බවත් එම නාගයා තමන් සමග මිතුරු වී සිටින බවත් ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකාර ගෙහිමි කාන්තාව පනස්‌ හතර වියෙහි පසුවෙන අතර සැකකරු පනස්‌ එක්‌ වැනි වියෙහි පසුවෙයි.

සැකකරු හා සැකකාරියත් පොළොව කැණීම් කිරීමට භාවිත කළ උපකරණත් ඊයේ (09 දා) පොලිසිය විසින් අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery