facebook page

Powered by Blogger.

Blogger templates


සුලේඛා කියමුකො බලන්න ඔයාගේ විස්තර ටිකක්?

සුලේඛා ජයවර්ධන තමයි මගේ නම. හැබැයි කවුරුත් දන්නේ දුන්‍යා විදිහට. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් තමයි සිප් සතර හැදෑරුවේ. මම තමයි පවුලේ බඩ පිස්සි අක්ක කෙනෙක් ඉන්නවා. තාත්ති නම් ඩුබායිවල, අම්මි ලංකා බැංකුවේ සේවය කරනවා.

රංගන ශීල්පිනියක් වෙන්න පුංචි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණද?

ඔව්. පොඩි කාලේ ඉදලම රංගනයට තිබුණේ පුදුම ආසාවක්. ටෙලි නාට්‍ය බලලා අනේ මටත් මේ විදිහට රගපාන්න පුළුවන් නේ කියලා, ඒ විදිහට සාරි ඇඳගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රඟපාලා තියෙනවා.

ඉතින් පාසල් සමයේදී ඊට අවස්ථාවක් ලැබුණේ නැද්ද?

නමය වසරේදී වගේ 'සමනල වසන්තය' ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා.

'රෑන' ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම දැන්වීම් නිරූපණ ශිල්පිනියක හා සංගීත වීඩියෝස් වලට තමයි මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ. මගේ මියුසික් විඩියෝ එකක් දැකලා රෑන අධ්‍යකෂවරයා දුන්‍යා චරිතයට මාව තොරා ගත්තා.

රංගන ශිල්පිනියක් වුණාට ගෙදරින් අකැමැත්තක් නැද්ද?

මේ ෆීල්ඩ් එක ගැන තිබුණු මති මතාන්තරත් එක්ක මුලදි නම් අකැමැත්තක් තිබුණා. නමුත් එතැනට ගිහින් සැබැ තත්ත්වය තේරුම් ගත්තාට පස්සේ රංගනයට තිබුණු මගේ දක්ෂතා එක්ක ඔවුන් කැමැති වුණා.
කැමරාව ඉස්සරහට ගිය මුල්ම දවසේ මොන වගේ හැඟීමක්ද ඇති වුණේ ?

මගේ මුල්ම රංගනයේදි නම් මට එච්චර ලොකු අමුත්තක් දැනුණේ නැහැ. නමුත් පළමු රංගනයෙන් සෑහෙන කාලෙකට පස්සෙයි 'රෑන'ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඉතින් රූගත කිරීම් වලට සම්බන්ධ වෙච්ච මුල් කාලේ නම් පොඩි බයක් වගේම කුතුහලයකුත් තිබුණා මට හරියට චරිතය කරන්න පුළුවන් වේවිද කියලා.

එහෙනම් අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති?

නාට්‍යයේ එක්තරා අවස්ථාවක මම බඩුමුට්ටු වගයක් පොළොවේ ගහලා නිල්මිණි අක්කාගෙන් ගුටි කන දර්ශනයක් රූගත කරන්න තිබුණා. එතනදි මට වැදුණු පාරට ඇත්තටම ඇඩුණා.

දුන්‍යා මොන වගේ චරිතයක්ද?

ඇය හරිම දඟකාර, නපුරු චරිතයක්. සමාජය නිසා ඇය නපුරු වුණත් කිසිම දෙයක් සීරියස් ගන්නේ නැතිව හැම තිස්සේම ජොලියෙන් ඉන්නයි ඇය කැමැති.

දුන්‍යා සුලේඛා වගේද?

දුන්‍යා නර්තනයට ගොඩක් කැමැතියි. මමත් ඇය වගේම නර්තනයට හරිම ආසයි. මට ඒ දක්ෂතාව තියෙනවා. ඒත් දුන්‍යා වගේ මම නපුරු නම් නැහැ. මම හරිම සංවේදි කෙනෙක්.

කොහොමද දුන්‍යාට ලැබෙන ප්‍රතිචාර?

ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මම හිතුවෙත් නැහැ මෙච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. කොහේ ගියත් ලොකු පොඩි හැමෝම කතා කරන්නේ දුන්‍යා නැත්නම් දුන්‍යා අක්කි කියලයි.

එහෙනම් රංගනයටත් දැන් සෑහෙන ආරාධනා ලැබෙනවා ඇති?

ඔව්. ආරාධනා සෑහෙන ලැබුණත් මේ දවස් වල 'රෑන' සහ 'හිම කඳු' ටෙලි නාට්‍යවල ෂුටිං එක්ක තියෙන කාර්යබහුලත්වය නිසා ඒවට සම්බන්ධ වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ටිකක් නිදහස් වුණාහම අලුත් වැඩ ගැන හිතල බලනවා.

හැදැරීමක් නැතිව දීර්ඝ කාලීනව රංගන ක්ෂේත්‍රයේ රැදෙන්න පුළුවන් වෙයිද?

රංගනය කියන්නේ කැමරාවක් ඉස්සරහට ගිහින් රඟපාන එක විතරක්ම නෙමෙයි. අපි සෙට් එකේ ෆෝන්ස් යූස් කරද්දි නිල්මිණි අක්කා අපිට කියලා දෙනවා ෆෝන් කෝල්ස් අඩුකරන්න කියලා. ඒ වගේ කවුරුත් වැඩිය මුකුත් නොකිව්වට සෙට් එකේ වුණත් තව ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් හැදැරීමක් නැතිව ඉස්සරහට යන්න බැහැ කියලා මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා.

රංගන ශිල්පිනියක් විදිහට ඔබට ලැබෙන ඕනෑම චරිතයක් භාර ගන්නවාද?

නැහැ. මගේ සැබෑ ජිවිතයට කිසිම හානියක් නොවෙන මට කරන්න පුළුවන් චරිතයක් නම් විතරයි මම භාර ගන්නේ.

තරුණියකට වෘත්තියක් විදිහට රංගන ක්ෂේත්‍රය සුදුසුයි කියලා හිතනවාද?

රංගනය කියන්නේ හැමෝටම පිහිටන්නේ නැති හැකියාවක්. ඉතින් තමන්ගේ වාසනාවට ලැබුණු ඒ දක්ෂතාවයෙන් යම් දෙයක් කරන්න පුළුවන් නම් එය වෘත්තියක් විදිහට තෝරා ගැනීමේ වරදක් නැහැ.

ඔබත් වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්නයි බලාපොරොත්තුව?

මට ලැබෙන හොඳ චරිතවලට දායක වෙන අතරම මගේ කළමනාකරණ උපාධියත් හදාරනවා. මේ දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ජනප්‍රියත්වය නිසා ඉස්සරහට කට කතා හැදුණොත්?

කට කතා නම් ඉතින් මටත් හැදෙයි. කාටත් ඒක නවත්වන්න බැහැ නේ..නමුත් ඒවා කට කතා විතරයි.

විලාසිතාවලට කැමැති නිසා ඕනෑම විලාසිතාවක් කරනවාද?

විලාසිතා කියන දේ හැමදාම කරන්නත් බෑනේ. ඉතින් බලන අය මොන ඇහෙන් බැලුවත් මම නම් කරන්න පුළුවන් කාලේ ගැළපෙන ඕනෑම විලාසිතාවක් කරනවා.

සුලේඛාට දැන් පිරිමි ළමයින් ගෙන් ලැබෙන යෝජනාවලින් නම් අඩුවක් නැතුව ඇති ?

ඔව්නේ..ගොඩක් තියෙනවා.

ඒ අතර හිත ගිය කෙනෙක් එහෙමත් ඇති නේද?

ඒ ගැන මම ඉස්සරහට කියන්නම්කෝ..

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery