facebook page

Powered by Blogger.

Blogger templates


සිරුරේ බර වැඩිවීම වර්තමානයේ කාන්තා-පිරිමි දෙපාර්ශ්වයටම මෙන්ම දරුවන්ටත් විශාල ප්‍රශ්නයක්. සෞඛ්‍ය ගැටලු මෙන්ම විශේෂයෙන් කාන්තාවන්ට නම් රූපලාවණ්‍ය ගැටලු මතු කිරීමටත් ශරීරයේ බර වැඩිවීම නිසා බලපෑම් ඇති වෙනවා. බර වැඩිවීම පාලනය කර ගැනීමට විවිධ ප්‍රතිකර්ම සොයාගෙන තිබුණද බොහෝ පුද්ගලයන් එම ගැටලුව තුළම තවදුරටත් දුක් විඳිනවා විනා ඊට සහනයක් ලබා ගැනීමට මැළිකමක් දක්වන බවක් දකින්න ලැබෙනවා. ඒ කෙසේ වෙතත් මේ කියන්න සූදානම් වන්නේ තරමක පුදුමයක් ඇති කරවනසුලු කතාවක්.
WORLD
විවිධ කාරණා හේතුකරගෙන ලෝකය පුරා පුද්ගලයෝ් වාර්තා තැබීමට උත්සාහ කරති. සමහර කාරණා සිතාමතා වාර්තා තැබීම වෙනුවෙන්ම සිදු නොවුණත් ඔවුන්ටත් නොදැනීම ඒවා වාර්තා බවට පත්වී තිබේ. චැරිටී පීස් ලොව බර අධිකම කාන්තාව බවට පත්වන්නේත් ඒ ආකාරයටයි. ඇයගේ වයස අවුරුදු 38කි. බර රාත්තල් 765කි.
මෙහි විශේෂත්වය නම් ඇය සිය විවාහයට සූදානම් වන බවයි. එතරම් බරකින් යුක්ත විරූපී ශරීරයක් ඇති කාන්තාවක් විවාහ කරගන්නේ කවුරුන්දැයි යන්න තරමක විස්මයජනක ප්‍රශ්නයක් කාට වුණත් අසන්න සිතේ.

ඔහු ටෝනි සෝයර්. 38 හැවිරිදි චැරිටී හා විවාහ වීමට සිටින මේ තරුණයාට තවම වයස අවුරුදු 22යි. විවාහයට පෙර චැරිටී සිය බර අඩුකර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් වෙත යොමු වී ඇත. එහිදී ඇයට උපදෙස් ලබාදී ඇත්තේ රාත්තල් 200ක් බර අඩුකර ගත යුතු බවයි. ඒ සඳහා ඇය සැත්කමකට භාජන වීමටද නියමිතය.

මෙම අසාමාන්‍ය බර විවාහ ජීවිතයට බාධාවක් කර නොගත් චැරිටී මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ලිංගික ජීවිතවටත් එය කිසිදු බාධාවක් නොවන බව තමන් අත්දැකීමෙන්ම දන්නා බවයි.

විවාහ උත්සවය සඳහා ඉතා අලංකාර මංගල ඇඳුමකින් සැරැසීමට ඇය සිහින දකිමින් සිටින්නීය. ඛ්ධඹ ඡධර ඩචබ එකක් පැලඳීමටත් ඇය අපේක්‍ෂා කරන්නීය. මේ සියලු සිහින මාලිගාවන් තනන චැරිටී වරක් පවසා තිබෙන්නේ යම් මොහොතක රාත්‍රි නින්දෙදි තමන් හෘදයාබාධයකින් මිය යාවි යන බියෙන් පසුවන බවයි.

ආහාර විශාල ප්‍රමාණයක් දිනකට ගැනීමට පුරුදු වී සිටින චැරිටි දැන් විවාහය වෙනුවෙන් බර අඩු කරගැනීමට අවශ්‍ය බැවින් වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය කරමින් සිටී. එම නිසා මෑතක සිට ඇය දිනකට ආහාරයට ගන්නේ පීට්සා දෙකක් ඉතා විශාල සැන්විච් දෙකක්, ඩෝෆට්ස් පහක්, ලසංඥා පිඟන් දෙකක්. චොකලට් බාර් එකක්, බඳුනක් පිරෙන්න පොප් කෝන් ආදී කෑම ප්‍රමාණයකි.

ඇයගේ අත ගැනීමට සූදානම්ව සිටින ටෝනි පවසන්නේ ඇගේ මහත තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් ඇය මංගල දිනයේදී ඉතා අලංකාර මනාලියක්  ලෙස හැඩට සිටින බව විශ්වාස කරන බවත්ය. එමෙන්ම ඇය ඉතා ඉක්මනින් මිය යන බව තමන් දන්නා බවත් කෙසේ වුවත් බර අඩුකර ගැනීමට හැකි තරම් ඇයට උදව් කරන බවත් ඔහු පවසා තිබෙනවා.


සවනි ශේශාධි

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery