facebook page

Powered by Blogger.

Blogger templates



ජනතාව පත්වන අපහසුතාව පිළිබඳ සිතා කුරුණෑගල රෝහලේ හැර දිවයිනේ සෙසු රෝහල් සියල්ලේ ක්‍රියාත්මක කළ අඛණ්‌ඩ වැඩ වර්ජනය අද (06 දා) පෙරවරු 7.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තම සංගමය ද තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ (05 දා)  කීවේය.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කුරුණෑගල රෝහලේ අනවශ්‍ය පරිපාලන ප්‍රශ්නයක්‌ මතුකර ඇති නිසා එම රෝහලේ තම සංගමයේ හෙද හෙදියන් අඛණ්‌ඩව වැඩ වර්ජනය සිදු කරන බවද රත්නප්‍රිය මහතා කීවේය.

කුරුණෑගල රෝහලේ මෙතෙක්‌ කලක්‌ පවුල් සෞඛ්‍ය සේවිකාවන් රාජකාරියට පැමිණ අත්සන් කළේ හෙදියන්ගේ අධීක්‍ෂණය යටතේ බවද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාචික උපදෙසක්‌ මත පසුගියදා සිට පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙනම වර්තාවක අත්සන් තබන බවද කී රත්නප්‍රිය මහතා එය අනවශ්‍ය ප්‍රශ්නයක්‌ නිර්මාණය කිරීමක්‌ බවද කීය.

කුරුණෑගල හැර සෙසු රෝහල්වල අද සිට වර්ජනය තාවකාලිකව අත්හිටුවන්නේ රෝගීන් ගැන සිතා බලා මිස සෞඛ්‍ය ලේකම්වරයා පවසන භාණ්‌ඩාගාර ලේකම්ගේ කමිටුව නිසා නොවේ යෑයි ද රත්නප්‍රිය මහතා කීවේය.

භාණ්‌ඩාගාර ලේකම්වරයාගේ කමිටුව පිළිබඳව තම සංගමයට විශ්වාසයක්‌ ද, අවිශ්වාසයක්‌ ද නැතැයි කී රත්නප්‍රිය මහතා එම කමිටුව කැඳවීම් කළොත් පෙනී සිටින බව කීය.

සූතිකාගාර පුහුණුව පිළිබඳ ගැටලුවට සතියක්‌ තුළ විසඳුමක්‌ නොලැබුණොත් යළි වර්ජනය ආරම්භ කරන බව කී රත්නප්‍රිය මහතා හෙද හෙදියන් රාජකාරියට වාර්තා කර අත්සන් කිරීම රෝහල් ලේඛනවල සිදු නොකර වෙනම දින පොතක අත්සන් කිරීමට පියවර ගන්නා බවද කීවේය.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery