facebook page

Powered by Blogger.

Blogger templates


මේ අවුරුදු මාසේ නිසා සංගීත ප්‍රසංගත් එක්ක රුවන් හෙට්ටිආරච්චි කාර්යබහුලයිලු. හැබැයි මේ කාර්යබහුලකමත් එක්ක රුවන් එයාගෙම අලුත් සින්දුවක් කරන්න අමතක කරලා නැතිලු. රුවන්ගේ අලුත්ම ගීතය 'මා ඔබගේ කියා' ගීතය වීඩියෝවත් එක්කම ලබන මාසේ මුල් සතියෙදි රසිකයන් අතරට ගේනවලු.







උද්දික මේ දවස්වල ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ රූගත කිරීම් එක්කලු ඉන්නේ. උද්දික රංගනයෙන් දායක වුණු ශිව ගුරුනාදන් අධ්‍යක්‍ෂණය කළ කළු අරලිය ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්නත් තියෙනවලු. ස්නේහා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ ටෙලි නාට්‍යයේ වැඩකටයුතුත් එක්කත් කාර්යබහුලයි කියලා තමයි උද්දික කියන්නේ.





තිසුරි යුවනිකා මේ දවස්වල ඉන්නේ ස්විට්සර්ලන්තයේලු. තිසුරිත් එක්ක එයාගේ අම්මා සුසන්තා චන්ද්‍රමාලිත් ස්විට්සර්ලන්තයේලු ඉන්නේ. ශි්‍රයානි අමරසේන මහත්මියගේ 'ගුවන් පාලම' අලුත්ම ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙන්න ස්විට්සර්ලන්තයට ගිය තිසුරි මාසයක් විතරම එහේ ඉන්නවලු.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery