facebook page

Powered by Blogger.

Blogger templates


කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න අධිකරණයේ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරදට කුරුණෑගල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම මස 11 වැනි දින තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලදී.


එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර සිසුවිය ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිදුවීම මත ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට පසුගිය මාර්තු 03 වැනි දින ඔහු ඉදිරිපත් කරන ලදී.


විදුහල්පති එදින ඇපමත නිදහස්‌ කිරීමෙන් අනතුරුව සියදිවි හානිකරගත් වෙනුෂා සිසුවියගේ දෙමාපියන්ට සහ එම පාර්ශ්වයට ජංගම දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කර ඔවුන් බිය වැද්දීම, විද්‍යාලයේ සේවයේ නිරතවන ගුරු භවතුන් හතර දෙනකුට ජංගම දුරකථන මගින් මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව ඔවුන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ පැමිණිලි කර තිබේ.






ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙක්‌ අධිකරණයට මේ බව වාර්තා කිරීමෙන් අනතුරුව මෙම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුවේ වගඋත්තරකරු වන විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න අප්‍රියෙල් 11 වැනි දින තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery