facebook page

Powered by Blogger.

Blogger templates

ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් ගායක යුවළක් වන රූකාන්ත - චන්ද්‍රලේඛා දෙපළගේ වැඩිමහල් දියණිය ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය තමන් ගායනා කළ පළමු ගීතයෙන්ම රසික ජනාදරය දිනාගැනීමට සමත්වූවාය. ඒ ඇය සතු කටහඬ සහ ඇය අනුගමනය කරන සංගීත ශෛලිය නිසාවෙනි. එපමණක්ද නොව තමන් ගායනයට සේම රංගනයටද සමත් බව 'සිංහාවලෝකනය' සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟදක්වමින් ඇය පසක් කළාය. නමින් රයිනි ගුණතිලක වන ඇය, සිය නවතම ගීතය 'චංචල දෑසේ' නමින් පසුගියදා නිකුත් කළාය. මේ ඒ පිළිබඳව සහ ඇගේ නිර්මාණ දිවිය පිළිබඳව ඇය සමග කළ කතාබහකි.

 ඔබගේ නවතම තොරතුරු මොනවාද?

මේ දවස් වල අලුතින් කියල කියන්න මුකුත් නෑ. අප්‍රේල් 10 වෙනිදා මගේ 23 වැනි උපන් දිනය සැමරුවා ගෙදර අයත් එක්ක. ජනවාරි මාසයේ එළිදැක්වූ ගීතයේ ප්‍රතිචාර අහලා බලලා සතුටු වෙනවා.


 එළිදක්වපු නවතම ගීතය පිළිබඳ කතාකළොත්?

මගේ අලුත්ම ගීතය 'චංචල දෑසේ' ගීතය. එහි සංගීතය කළේ රාජ්, පද රචනය හිමාලි ලියනගේ. ඒ ගීතය මම සෑහෙන කාලයක් තිස්සේ සම්පූර්ණ කරන්න උත්සාහ කරපු ගීතයක්. ලංකාවට එන එන පාරට මම ඒ ගීතයේ හඬ පටිගත කරනවා. නමුත් කවදාවත් ඒ ගීතය ගායනා කරල තිබුණු විදිහට මම සතුටු වුණේ නෑ. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ලංකාවට ආපු වෙලාවේ මම හිතා ගත්තා මේ සැරේ අනිවාර්යෙන්ම වීඩියෝවත් එක්කම එළි දක්වනවා කියලා. ඒක නිසා ආයෙමත් ගීතය හදිස්සියේම පටිගත කෙරුවා. ඒ සැරේ නම් මම මගේ ගායනය ගැන එක්තරා දුරකට සෑහීමකට පත්වුණා. ඊට දවස් කීපයකට පසුව වීඩියෝවත් රූගත කළා. දැනට ඒ ගීතයට තියෙන ප්‍රතිචාර ගොඩක් ඉහළයි. මට ඒ ගැන ගොඩක් සතුටුයි.

Q ඔබ ලංකාවේ රසිකයන් ගැන හිතනවද?

අනිවාර්යයයෙන්ම මම ලංකාවේ රසිකයන් ගැන හිතනවා. මොකද මගේ රසිකයන් නැතිනම් මම අද මෙතන නෑ.

ඔබේ පවුලම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය. නමුත් පවුලේ ගීතයක් එළිදක්වන්නේ නැත්තෙ ඇයි?

අපි එහෙම දෙයක් කරන්න ඕනෙ කියල කතා වෙලා තිබ්බත් වෙනත් කටයුතු නිසා ඒක මගඇරිලා ගියා. සමහර විට ඉස්සරහට අපි හතරදෙනාගේ ගීතයක් එළිදක්වයි.

 ඔබ ඉන්න රටත් එක්ක බලද්දී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

මම ඇත්තටම කැමති නෑ වෙන රටවල් එක්ක මගේ ලංකාව සසඳන්න. ඒත් ක්ෂේත්‍රය ගත්තොත් අපේ ලංකාවේ කලාකරුවන්ට හරියට සලකන්නෙ නෑ, ගරුත්වයක් නෑ කියල මට හිතෙනවා. කලාකාරයන් සඳහා තිබිය යුතු පිළිගැනීමක් නෑ. කීයක් හරි හොයාගන්න තියෙන අමාරුව කලාකාරයෙක් විතරයි දන්නෙ. මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨතම ගායකයින්ටත් මේ දෙය කරන්න වෙලා තියෙනවා. ඒ දේවල් දකිද්දි ගොඩක් දුක හිතෙනවා. ඇයි මෙහෙම අපිව හූරන් කන්නෙ කියලා. මහන්සි වෙලා, නිදි මරාගෙන සින්දු කියලා, වීඩියෝවක් කරලා අන්තිමේදි අපිට ඉතුරු වෙන්නෙ සොච්චමයි. පැත්තකින්වත් හිටපු නැති අයයි ඒකෙන් හම්බකරගන්නේ.

 තාත්තාගෙන් සහ අම්මාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දෙමාපියන් හැටියට ඒ දෙන්නගේ ආශිර්වාදය මට හැමදාමත් තියෙනවා. ඒ දෙන්නා නිසා මට හිතන්නවත් බැරි පාරවල් ඇරිලා තියෙනවා. දෙන්නටම මම සදා ණයගැතියි.

 ගායනය කරන්නේ වෘත්තියක් විදිහටද?

මම ගායනය වෘත්තියක් විදිහටත්, විනෝදාංශයක් විදිහටත් කරන දෙයක්. ඒත් දැන් තියෙන ආර්ථිකයත් එක්ක වෘත්තියක් විදිහට විතරක් කරන්න බෑ. මමත් හැමදාමත් සින්දු කියලා හැමෝම සන්තෝෂ කරන ගමන් මටත් ජීවිතයක් හදාගන්න පුළුවන්නම් මමත් කැමති. 

 ඔබට පෙම්වතෙක් ඉන්නවාද? ආදරය ගැන මොකද හිතෙන්නේ?

ඔව්, මට පෙම්වතෙක් ඉන්නවා. ආදරෙයි කියලා කියන්න ලේසි උනාට, ආදරේ කරන්න ලේසි නෑ. ඒ දෙයට කැපවීමක් තියෙන්න ඕනෙ. අද කාලේ හැමෝම ආදරේ සෙල්ලමකට අරගෙන තියෙන්නේ. මම ආදරේ කියන දේට ගොඩක් ගරු කරන, ආදරේට ආදරේ කරන කෙනෙක්.


Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery