facebook page

Powered by Blogger.

Blogger templates

හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. නාලිකා මඟින් පසුගිය සෙනසුරාදා (05දා) රාත්‍රියේ කොළඹදී පවත්වන ලද සුප්‍රකට ඉන්දීය ගායක කුමාර් සානුගේ සජීවී ප්‍රසංගයේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට දැවැන්ත 'හූ' සංග්‍රහයක් පැවැත්වීමට ප්‍රසංගයට සහභාගි වී සිටි ජනතාව කටයුතු කළහ. මේ 'හූ' සංග්‍රහය එල්ලවූයේ නිවේදකයා දුමින්ද සිල්වා මහතාගේ නම මයික්‍රෆෝනයෙන් ප්‍රකාශ කරනවාත් සමඟය.

කොළඹ දිස්ත්‍රික්කයේ අභිමානය දුමින්ද සිල්වා මැතිතුමා මේ අවස්ථාවට සහභාගි වෙනවා, යනුවෙන් නිවේදකයා කියත්ම රැස්ව සිටි ජනතාව මහා 'හූ' හඬකින් ඔහුට සංග්‍රහ කළහ. ප්‍රසංගය අතරමැදදී නැවතත් ඔහුගේ නම හිරු නිවේදකයා විසින් සඳහන් කරන ලද අතර ඒ අවස්ථාවේද පෙර පරිදිම දැවැන්ත 'හූ' හඬක් ජනතාවගෙන් එල්ල විය.

මීට කලින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති ප්‍රසංගයකදීද මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සොහොයුරු සහ හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වාට ප්‍රේක්‍ෂකයන්ගෙන් 'හූ' සංග්‍රහයක් ලැබිණි. එසේම පසුගිය දිනෙක වනාතමුල්ලේ පැවැති ජනතා උද්ඝෝෂණයක් අසලට පැමිණි අවස්ථාවේදී වනාතමුල්ලේ ජනතාව බෝතල්වලින් පහරදී හූ කියා මන්ත්‍රිවරයා පන්නා දැමීමටද කටයුතු කළහ





0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery