facebook page

Powered by Blogger.

Blogger templates



ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ”ඉහිරුණ කිරි” ටෙලිමාලාවේ රඟපෑ චරිතයෙන් පසුව අද ශාලිකා අරුන්දතී එදිරිසිංහ ගැන වැඩිදෙනා කතාවන්නෙ හිරු ටී.වී. විකාශය කරන සඳසාවි ටෙලි නාට්‍ය නිසයි. ඉහිරුණ කිරට නාඬා ජීවිතයේ එන දේට සතුටින් මුහුණ දෙන්නට කැමති සුන්දර ශාලිකා සිංහල අවුරුද්දට ගොඩක් කැමති වුනත්, බක්මාසයට ලොකු බයකුත් තියෙනවලූ. අපි ශාලිකා එක්ක අද ඒ ගැනත් කතා කරමු.


 ශාලිකා මේ දිනවල අවුරුදු උත්සව නිසා ගොඩාක් කාර්ය බහුලයි කියන්නෙ ඇත්තද?
ටෙලිනාට්‍ය නරඹන දයාබර රසික පිරිස් වෙතින් අපට ලැබෙන ඒ ගෞරවය ඇත්තටම සතුටට දෙයක්. ඉතින් මේ නිසාම රටපුරා පැවැත්වෙන අවුරුදු උත්සවවලට සහභාගී වෙන්න අපට ආරාධනා ලැබෙනවා. මොනතරම් කටයුතු තිබුණත්, ජනතාවගේ ඒ ඇරයුම් අපට අහක දාන්න බැහැ.


 ඒ විදියට අවුරුදු උත්සවවලට ගිහින් තරගවලටත් දායක වෙනවද?
අප ඒවාට සහභාගී වන්නෙ ආරාධිතයින් ලෙස විතරයි. හැබැයි දෙරණ සහ හිරු ටී.වී. නාලිකා කලාකරුවන් එකතුව කළ උත්සවවලදී තරගවලට දායක වුණා.


 සිංහල අවුරුද්ද එනකල් ඔබ මග බලාගෙන ඉන්නෙ කියන කතාව ඇත්තද?
අපේ නෑදෑයින්, හිතමිතුරන්, අසල්වාසීන් ඇතුළු සියලූදෙනා එක්ක වගේම පවුලේ සියලූදෙනා එකට එකතුවන, එකතුවෙලා සතුටින් ගත කරන්න ලැබෙන ඒ මොහොතට ඇත්තටම මම හරි ආදරෙයි. ඒ නිසයි සිංහල අවුරුදු එනකල් බලා ඉන්නෙ.


 ඒ වුනාට බක්මාසෙට හරිම බයයිලූ ඇයි ඒ?
කවුද ඒ කතාව කිව්වෙ?


 කතාව ඇත්ත නේද? මොකක්ද හේතුව?
ගොරවන නිසා. විදුලි කොටනකොට මම හරිම බයයි. ගොරවන වෙලාවට මේ ලෝකයේ වැඩියෙන්ම බය මම වෙන්න ඇති.


 මේ නිසාද බක්මාසෙ වැඩි හරියක්ම නිදාගන්නවා කියන්නෙ?
ගොරවන වෙලාවට හරිම බයයි. ඒ වෙලාවට ගෙදර හිටියොත් නිදාගන්නවා.


 ඇත්තද කොට්ට විස්සක් විතර වටකරගෙන නිදාගන්නවා කියන්නෙ?
එච්චරම නැහැ. කොට්ට පහක් විතර.

 ඇත්තටම ඇයි වැස්සට ඔච්චර බය?
වැස්සට බය නැහැ. හරිම ආසයි. ඒත් ගොරවනවට බයයි. වැස්සට ආසා වුනත්, වැස්සේ අසිරිය නරඹන්න, මට ලැබෙන්නෙ නැහැ.


 පාසැල් කාලයේදී මේ බය නිසා යාළුවො විහිළුත් කළාලූ නේද?
මෙහෙමයි, ගොරවන නිසා මම කන්දෙක වහගෙන තමයි පාසැල් බස් රථයේ පවා ගියේ. ඉතින් යෙහෙළියෝ විහිළු කරලත් තියෙනවා.


 බල්ලො සහ පූසොන්ටත් ගොඩාක් ආදරේලූ නේද?
සත්තුන්ට හරි අනුකම්පායි. ඒත් ළඟට ගන්නෙ නැහැ.


 ඔබ හරි සීරියස් චරිතයක් කියලයි ඔබගෙ යාළුවො කියන්නෙ?
සරලවම ජීවිතය ගැන හිතනවාට වඩා ටිකක් ගැඹුරින් හිතන්න කැමතියි. ඉස්සර ඉඳලාම මගේ හැටි එහෙමයි.

 මේ දිනවල අවුරුදු කුමාරියක් වගේ සතුටින් පසුවන බවත් යාළුවො කියනවා. ඒකට හේතුව අවුරුදු කුමාරයෙක් හමුවීමලූ. එහෙම නේද?
අනේ මන්දා, අර සිංදුවක් තියෙනවනෙ, ”හිඳීවි කොතැනක හෝ හිමිකාරයා ඔබේ නමින්” කියලා. ඉතින් මටත් හිමිකාරයෙක් ඇති. කවදාහරි හමුවේවි.

 හිමිකාරයා ගැන එහෙම කිව්වත්, ඔබ වඩා කැමති, අමරදේව ශූරීන් ගැයූ ”ජීවිතයේ තනිමංසල අතරමං වෙලා” ගීතයට නේද?
සත්තකින්ම අමරදේව ශූරීන්ගෙ ”ආරාධනා” සිංදුවට මම හරිම ආසයි. ඊට අමතරව විජය ගැයූ සැරයටියෙන් අපි යනෙනතුරා සහ විශාරද නන්දා මාලිනියගේ අම්මාවරුනේ ගීතයටත් මම හරිම ආසයි.


 නොලැබුණු දේවල් ගැන ඔබ දුක්වෙනවද?
ජීවිතය කියන්නෙ ලැබෙනදේට ගරු කිරීමයි, ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වීමයි. ඒ නිසා පසුතැවීම් මට නැහැ.


 ශාලිකා  ඕනෑවටත් වඩා ආඩම්බරයි කියලත් සමහරු කියන්නෙ, ඒක පිළිගන්නවද?
මම පොළවෙ පය ගහලා ජීවත්වන චරිතයක්. ජීවිතේ මොනවට ආඩම්බර වෙන්නද? මනුස්සකමට, මනුෂ්‍යත්වයට මම ඉහළින්ම ගරු කරනවා. මම හරි සුහදශීලී කෙනෙක්.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery