facebook page

Powered by Blogger.

Blogger templates


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා පෙම්වතුන් බව බොහෝදෙනා දන්නා ප්‍රසිද්ධ රහසක්. හැබැයි  තමන් ගැන පළවෙන ඒ තොරතුරු කටකතා පමණක් බවයි ඒ දෙදෙනා නම් නිතරම මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ. 

කොහොම නමුත්, කෝලි සහ අනුෂ්කා මතෛක් කාලයක් සඟවාගෙන සිටින්නට උත්සාහ කරපු ඒ රහස, සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ මැදිහත්වීමෙන් හෙළිකරන්නට කෝලිට සිදුවුණා. ඒ, 2014 අයි.පී.එල්. 20-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල පැවැති දින (15) රාත්‍රියේදී. අයි.පී.එල්. තරගාවලියේ 7 වැනි අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් එදින පැවැත්වුණු රාත්‍රී්‍ර භෝජන සංග්‍රහයට, එම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් වගේම බොලිවුඩ් තරුක් ආරාධනා ලැබ සිටියා.

 සාදය අතරතුරදී, ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් සමගින් එක්ව හැමෝගෙම නෙත් ඇද බැඳ ගන්නා අන්දමේ රංගනයක් ඉදිරිපත් කළ ෂාරුක් ඛාන්, එම ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට වේදිකාවට එනමෙන් ආරාධනා කළා. ඉන්පසු බොලිවුඩ් නිළියන්ගේ ආවරණය කෙරුණු ‍පෝස්ටර් කිහිපයක් අතරින් තමන් මනාලිය ලෙස තෝරාගන්නට කැමති නිළිය කවුරුන්දැයි තෝරාදෙන මෙන් ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව එම නිළියන්ගේ ‍පෝස්ටර් එකින් එක නිරාවරණය කළ කෝලි අවසානයේ සැබෑ ජීවිතයේදීත් ඔහුගේ පෙම්වතිය ලෙස ප්‍රකට අනුෂ්කා ෂර්මාගේ රුව තමයි තමන්ගේ මනාලිය කරගැනීමට කැමැති නිළිය විදියට තෝරාගත්තේ.

 ඒ විදියට ප්‍රයෝගයකින් කෝලිව අමාරුවේ දාපු ෂාරුක්, කෝලි තෝරාගත් ‍පෝස්ටරය සාදයට පැමිණ සිටි හැමෝටම දකින්න පුළුවන් විදියට ප්‍රදර්ශනය කළා. එදා එම රාත්‍රී භෝජන සංග්‍රහය බොහෝ රසවත් කළ එම අංගයට එක්වීම ගැන පසුව ෂාරුක් සිය ට්විටර් පිටුව හරහාත් කෝලිට සිය ස්තුතිය පළකර තිබුණා.






Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery