facebook page

Powered by Blogger.

Blogger templates


ලියාරා සංගීත කණ්‌ඩායමේ ගායක දුලාන් වේරලියද්ද... කණ්‌ඩායමෙන් ඉවත් කරන ලෙසට ප්‍රවීණ ගායක සේනානායක වේරලියද්ද තමන්ට තර්ජනය කරන බව ලියාරා නායක ප්‍රසන්න ගුණසේකර සිනමා කලා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

දුලාන් වේරලියද්ද..... සේනානායක වේරලියද්දගේ ඥති පුතෙක්‌. මීට අවුරුදු පහකට විතර කලින් මට දුලාන්ව හමුවුනේත් ගලෙන් බිඳුණු වැව පැවැති ප්‍රසංගයකදී... ඔහු අපේ කණ්‌ඩායමේ ගායකයා. 

පසුගිය දවසක රජයේ නාලිකාවකින් ඇඹිලිපිටියේ සංවිධානය කළ සජීව ප්‍රසංගයක සංගීතය සැපයුවේ අපි. එහි ගී ගයන්න ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දත් ආවා. ඔහු වේදිකාව මතට ගොඩවෙලා තර්ජනය කළා 'දුලාන්ව ස්‌ටේඡ් එකෙන් බැස්‌සුවේ නැත්නම් සිංදු කියන්නේ නෑ..." කියලා. සේනානායක වේරලියද්ද කියන්නේ අපි ගරු කරන ශිල්පියෙක්‌. මම ඔහුට සුහදව කිව්වා "දුලාන් අපේ බෑන්ඩ් එකේ... මට එයාව ස්‌ටේඡ් එකෙන් බස්‌සන්න බෑ..." කියලා. මම දන්න විදියට ඔහු අවුරුදු ගණනාවක ඉඳලා දුලාන්ට තර්ජනය කරනවා. වේරලියද්ද කියන නම පාවිච්චි කරන්න එපා කියලා... දුලාන්... පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම... මම දන්න විදිහට සේනානායක වේරලියද්ද දුලාන්ගේ මාමා කෙනෙක්‌ වෙනවා... ස්‌ටේඡ් එකට ඇවිත් මට තර්ජනය කරද්දී ප්‍රසංගය සංවිධානය කළ අය සේනානායක වේරලියද්දට කිව්වා සිංදු කියන්න බැරිනම් යන්න කියලා. දුලාන් දැන් ගමේ ඉන්න බයයි... ඒ නිසා මම මේ දවස්‌වල ඔහුව කොළඹ නතර කරගෙන ඉන්නේ.

මේ පිළිබඳ අප දුලාන් වේරලියද්දගෙන් විමසා සිටියෙමු.
රාජරත්න ගෝමර බණ්‌ඩාරලාගේ වේරලියද්ද වළව්වේ ප්‍රියන්ති වේරලියද්ද මගේ අම්මා... මගේ තාත්තාගේ අම්මගේ වාසගමත් වේරලියද්ද... අම්මයි තාත්තයි නෑනලා මස්‌සිනාලා. මගේ අම්මගේ තාත්තයි.. සේනානායක වේරලියද්දගෙ තාත්තයි සහෝදරයින්. මම පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම. ඒකට මට අයිතියක්‌ තියෙනවා. මට සිංදු කියන්නත් එපා... වේරලියද්ද කියන නම පාවිච්චි කරන්නත් එපා කියලා සේනානායක වේරලියද්ද... මගේ මාමාගේ ගෙදරට ඇවිත් මට තර්ජනය කළා. 

ඇඹිලිපිටිය සංගීත ප්‍රසංගයේදී මාව බෑන්ඩ් එකෙන් අයින් කරලා බිමට බස්‌සන්න කියලා ලියාරා නායක ප්‍රසන්න අයියට තර්ජනය කළා.පසුගිය දවසක දුටුවැව මහ ගෙදරදී සේනානායක මාමගේ කීමට මට ඇවිත් කෙනෙක්‌ පහර දුන්නා. ඒ පහර මගේ තාත්තට වැදිලා දවස්‌ කීපයක්‌ම රෝහලේ හිටියා... මට මේ අය තර්ජනය කරනවා කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා.. මගේ ජීවිතයට අනතුරක්‌ වුණොත් මේ අය වගකියන්න ඕනෑ කියලා.

මේ පිළිබඳව අප ප්‍රවීන ගායක සේනානායක වේරලියද්දගෙන් ද විමසීමක්‌ කළෙමු.

"එයා මගේ ඥතියෙක්‌ කියල කියනවා මගේ ඥතියෝ සිංදු කියන්නේ නෑ... මම මේ වෙලාවේ පොඩි වැඩක ඉන්නේ.... පස්‌සේ කතා කරන්න...." යෑයි කියමින් සේනානායක වේරලියද්ද ප්‍රවීණ ගායක ශිල්පියා දුරකථන ඇමතුම විසන්ධි කළේය

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery