facebook page

Powered by Blogger.

Blogger templates



බාග් මිල්කා බාග් චිත්‍රපටය නිර්මාණය කොට සම්මාන පිට සම්මාන දිනූ රාකේශ් ඕම්ප්‍රකාශ් මෙහෙරාගේ දැවැන්ත නිර්මාණයක් වන මිර්සා සහිබා චිත්‍රපටයෙන් හර්ෂ්වර්ධන් මේ වසර තුළදී බොලිවුඩයට පා නගනු ඇති. යොවුන් වියේ පසුවන හර්ෂ්වර්ධන්ගේ මුහුණේ ඇති ආදරණීය බව හා ඇස්වල ඇති අහිංසක බව මිර්සාගේ චරිතයට ඔහුව තෝරාගන්නට බලපෑ බව රාකේශ් පවසා තිබුණා. ජන කතාවක් ඇසුරින් නිර්මාණය වන මිර්සා සහිබා ඛිෙදනීය පෙම් පුරාවතක් වන අතර සුපිරි තිර රචකයෙකු වූ ගුල්සාර් මෙහි තිර රචනය සකස් කොට තිබෙනවා.

මුල් කාලයේදී තිර රචනයට හා කැමරාකරණයට උනන්දුවක් දැක්වූ හර්ෂ්වර්ධන් පාසල් අධ්‍යාපනයෙන් පසු ඇමෙරිකාවට ගොස් තිර රචනය හා රංගනය හැදෑරුවා. හර්ෂ්වර්ධන් කපූර් පසුගිය දිනවල අපේ රටටත් පැමිණියා. ඒ අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරන බොම්බෙ වෙල්වට් චිත්‍රපටය රන්මිණිතැන්න සිනමා ගම්මානයේදී රූපගත කරන අවස්ථාවේයි. බොම්බෙ වෙල්වට් චිත්‍රපටයේ එක් සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු කටයුතු කරනවා.


මේ අතර සොහොයුරියන් දෙදෙනාට පසු පවු‍ලේ බාලයා වන තම මලනුවන් සිනමාවට පැමිණීම ගැන අදහස් පළකරමින් සෝනම් කපූර් පවසා තිබුණේ ඔහු සිනමාවට පැමිණීම ගැන සතුටුවන අතරේම තවමත් ලාබාල වියේ පසුවන තම මලනුවන්ගේ සිනමා ආගමනය ගැන නොසන්සුන් බවක් තමා තුළ තිබෙන බවයි. මේ චිත්‍රපටයේ සෝනම් ද චරිතයක් රඟපානවා.

මේ අතර මෙම වසර තුළදී හර්ෂ්වර්ධන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන අතරේම සුවිශේෂී සිදුවීමක් ගැන වාර්තා වන්නට නියමිතයි. ඒ කලක් හර්ෂ්වර්ධන්ගේ පියා සමග තරගකාරී රංගනයන්හි යෙදුණු ජැකී ශ්රොෆ්ගේ පුත්‍රයා වන ටයිගර් ශ්රොෆ්ගේ කුඵදුල් රංගනය රැගත් හීරෝපන්ති චිත්‍රපටයද මේ කාලයේම තිරගත වන්නට සූදානම්ව තිබිමයි. කලක් ජැකී හා අනිල් අතර තිබූ තරගකාරීත්වය සිහි කරමින් මේ යොවුන් නළුවන් දෙදෙනා රඟපානු ඇතැයි සමහරුන්ගේ අදහසයි.


තම කුළුදුල් සිනමා රංගනය ගැන දැඩි කැපවීමකින් කටයුතු කරන හර්ෂ්වර්ධන් ඊට සූදානම් වීම පිණිස මුම්බායේ කලබලකාරී පරිසරයෙන් මිදී නවදිල්ලියේ තාවකාලික පදිංචියට ගොස් ඇති බවද සැලවෙනවා. ඔහුගේ මේ කැපවීම ගැන අධ්‍යක්ෂවරයා ඉතා සතුටට පත්ව සිටින බවත් කියැවෙනවා.



නිශානි දිසානායක 




Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery