facebook page

Powered by Blogger.

Blogger templates


සිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජකාරී වැඩ ආරම්භ කළේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනිමිනි.ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණ ඇති බව ආරංචි වූ පසු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට පැමිණ සිටියේ අලුත් අවුරුදු සුබ පැතුම් රැගෙනය. දුමින්ද දිසානායක ඇමැතිවරයා බුලත් අතක් ගෙන ජනාධිපතිවරයා වෙත පැමිණියේ පැමිණිල්ලක්ද රැගෙනය. දුමින්ද දිසානායක ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත පැමිණෙන විට උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් ද ඒ අසල සිටියේය.

“මම අලුත් අවුරුද්දට සුබ පතලා කටවුට් එකක් ගහලා තිබුණා. ඒක කවුරුහරි කපලා දාලා තියෙනවා” දුමින්ද කීවේ අසල සිටි මහ ඇමැතිවරයා දෙස බලමිනි.


“කවුද ඉතින් ඕක කපලා තියෙන්නේ” ජනාධිපතිවරයා වැඩි තැකීමක් නැතිව ඇසුවේය. “මම දන්නවා සර්..අපේ අයම තමයි මේවා කරන්නේ” දුමින්ද කී විට, නගර සභාවෙන් කටවුට් ඉවත් කර ඇත්දැයි ජනාධිපතිවරයා පෙරළා ඔහුගෙන් ඇසුවේය.


“නෑ...සර්...අපේ අයමනේ මේවා කරන්නේ” 


දුමින්ද කී කතාව අසල සිටි මහ ඇමැතිවරයාට ඇල්ලුවේ නැත. 

ඔහේගෙ කටවුට් එක කැපුවේ කවුද කියලා දන්නවානම් කෙළින්ම ඒක කියනවා. ඔහොම කිව්වම අපි සේරම ඕකට අහුවෙනවා. ඔයගොල්ලන්ගේ අය ඉන්න කා‍ලේ තමයි වෙන කාටවත් ‍පෝස්ටරයක්වත් ගහන්න දුන්නේ නැත්තේ. ඒත් දැන් අනුරාධපුරයේ ඕනම අයෙකුට ‍පෝස්ටර් කටවුට් ගහගෙන ඉන්න පුළුවන්” මහ ඇමැතිවරයා දුමින්දට කෑගසන විට ජනාධිපතිවරයා පැත්තක් නොගෙන නිහඬව බලා සිටියේය. මේ ආරවුලෙන් පසුව දුමින්ද ජනාධිපතිවරයාගේ තේ මේසයටවත් වාඩිවූයේ නැත.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery